නුවන්ගේ සිනමා සවාරිය

රියර් අද්මිරාල් සරත් වීරසේකර සිනමාකරුවෙකු ලෙස දොරට වඩින ගාමණී චිත්‍රපටයේ රූපගත කිරීම් මේ දිනවල පුත්තලම් දිසාවේ කරුවලගස්වැව දී සිදු වේ.

සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වන්නා වූ ගාමණීට රිදී තිරයේ අති දක්ෂ නළු නිළියන් පිරිසකගේ රංගන දායකත්වය ලැබීමද සුවිශේෂත්වයකි.

දිල්හානි ඒකනායක, බිමල් ජයකොඩි, සනත් ගුණතිලක, සුමින්ද සිරිසේන, ඩබ්ලිව්. ජයසිරි, වීණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, දමිතා අබේරත්න, චන්ද්‍රසෝම බින්දුහේවා, සුජානී මේනකා, ලක්ෂ්මන් මෙන්ඩිස්, ජයනී සේනානායක, මුතු තරංගා, සරත් කොතලාවල, සරණපාල ජයසූරිය, දර්ශන් ධර්මරාජ්, අනුරුද්ධිකා පාදුක්කගේ, ගිරිරාජ් කෞශල්‍ය, මල්කාන්ති ජයසිංහ, නෙතලි නානායක්කාර, ආදී දක්ෂ නළු නිළි පිරිසක් මෙහි රඟති. උපාලි රාජපක්ෂ ‘ගාමණී’ නිෂ්පාදනය කරයි. කැමරාව සමන් සිගේරාගේය. සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේ ගෙනි. සුනිල් විජේරත්න මෙහි කලා අධ්‍යක්ෂවරයායි.

නිෂ්පාදන කළමනාකරණය පාලිත තෙන්නකෝන් ගෙනි. ප්‍රධාන සහාය අධ්‍යක්ෂණය අසෝක අතාවුද හෙට්ටිගෙනි. වර්ණන් අබේසිංහ සහ රවීන්ද්‍ර තන්ත්‍රිගේ මෙහි සහාය අධ්‍යක්ෂණයට සහාය වෙති. සංගීත අධ්‍යක්ෂණය රවීන්ද්‍ර ගුරුගේ ගෙනි. විශාරද දීපිකා ප්‍රියදර්ශනී මෙහි පසුබිම් ගායිකාවයි. ධම්මක පතිරත්න ගාමණී හි නිශ්චල ඡායාරූප ශිල්පියා වේ.

ගාමණී එසේ කරුවලගස්වැව පැත්තේ ජයටම වැඩ කරමින් සිටින්නේය. 70 දශකයේ අතිශය ජනප්‍රිය චිත්‍ර කතාවක් වූ දයා රාජපක්ෂගේ සුසීමා කලක් අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක් ද විය.මෙදා සූසීමා, පබෝධා සංදීපනී වෙයි. සුරාජ් මාපා රංග වෙයි. ඒ නිසාම සුරාජ් සහ පබෝධාගේ මේ සුපෙම්වත් හමුව හරහා අනගි පෙම් රැඟුම් බලා ගැනීමට ප්‍රේක්ෂක ඔබට දැන් අවස්ථාව උදා වී තිබේ. සුරාජ් සහ පබෝධා ගේ උණුසුම් පෙම් කතන්දර පුංචි තිරයට පෑයූ දෙගම්මැදියාව හරහා ද මේ දිනවල දැක ගත හැකි වෙයි.

සුරාජ් සහ පබෝධාගේ ප්‍රේම කතන්දරය එසේ දිග හැරෙද්දී උපේක්ෂා ස්වර්ණමාලී, අමිල අබේසේකර, රොබින් ප්‍රනාන්දු ඇතුළු ජනප්‍රිය තරු රැසක් සුසීමාට දායක වෙති.

එදා පුංචි තිරයට සුසීමා හැදූ රොහාන් වැලිවිට සුසීමා රිදී තිරයට ද සැදීම විශේෂත්වයකි. සුමේධ ලියනගේ කැමරා අධ්‍යක්ෂණය කරන සුසීමා ඒ. එස්. පී. ගෲප් වෙනුවෙන් ඒ. එස්. පී. ලියනගේ නිෂ්පාදනය කරයි.


තේජා රූගත කිරීම් නිමයි

1984 සහ 1985 දෙවසර තුළදී නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලා තුළ පැවැති පීඩාකාරී පාලන ක්‍රමය හා එයට එරෙහිව කම්කරු කාන්තාවන් මෙහෙය වූ අරගලයක් ‘තේජා’ නම් වූ අලුත්ම සිනමා සිතුවම හරහා කතා කෙරෙයි.

නීටා ප්‍රනාන්දු, අයිරාංගනී සේරසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අනුරුද්ධිකා පාදුක්කගේ, සුජානි මේනකා, ධර්මප්‍රිය ඩයස්, ශ්‍රීමාල් වෙඩිසිංහ, චමිලා පීරිස් ආදී දක්ෂ නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙති.

තේජා හි තිර රචනය හා අධ්‍යක්ෂණය නිලන්ත හපන්වීර ගෙනි. කැමරාකරණයෙන් කාවින්ද රණවීර, සංස්කරණයෙන් ස්ටැන්ලි ද අල්විස්, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම, අංග රචනයෙන් හංසක සුමීර හා නිෂ්පාදන කළමනාකරණයෙන් සරත් විජේසේකර ශිල්පීය දායකත්වය දක්වන අතර සහාය අධෂ්‍යක්ෂණය චන්දන ඉරුගල් බණ්ඩාරගෙනි.

සංගීත අධ්‍යක්ෂණයෙන් නවරත්න ගමගේ, ගායනයෙන් සුනිලා අබේසේකර හා ගී පද රචනයෙන් වසන්ත කුමාර කොබවක දායක වන මෙම චිත්‍රපටයේ විධායක නිෂ්පාදකයන් ලෙස මහීල් ආර්. පෙරේරා සහ තිලංක පෙරේරා කටයුතු කරති. තේජා හි සියලු රූ ගත කිරීම් මේ වන විට නිම වී තිබේ.


චරිත්ගේ දෙවැන්න ඔක්තෝබර් සැදෙයි

ජූලියා සොදුරු සිත්තම සිනමාවට තිළිණ කළ චරිත් අබේසිංහ සිය දෙවැනි චිත්‍රපටයේ මූලික වැඩ කටයුතු මේ දිනවල සූදානම් කරමින් සිටී.

දමිළ ජාතික ගොළු තරුණියක වටා ගෙතුණු මේ සිනමා සිතුවම හරහා දැන්වීම් කලාවේ විශිෂ්ටයකු වූ සුභාෂ් පින්නපොල චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙයි. තිර රචනය වෙළෙඳ ප්‍රචාරණ කලාවේ අති විශිෂ්ටයකු වූ දිලීප අබේසේකරගේය. දිලීප, කරුණාරත්න අබේසේකරයන්ගේ පුතණුවන් වෙයි.

ඔක්තෝම්බර් මාසයේ කොළඹ දී සහ නුවරඑළියේදී රූපගත කිරීම් කෙරෙන මෙම චිත්‍රපටියේ නළු නිළියන් තෝරා ගැනීම පිළිබඳ මූලික සාකච්ඡා මේ දිනවල සිදු වෙමින් පවතින බව එහි නිෂ්පාදක චරිත් අබේසිංහ සරසවියට කීය.

ගායකයෙකු ලෙස ද, නළුවෙකු ලෙස ද ජූලියා හරහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා ගත් චරිත් මෙහි එන ප්‍රබල චරිතයකට පණ පොවයි.

ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ


ලාල් වීරසිංහගේ දක්ෂ රැඟුම්

මුතු සළඹ කුසුම් චන්ද්‍ර ගමගේ විසින් වැඩ නිම කර ඇති චිත්‍රපටයකි. කලක් රිදී තිරයේ ජනප්‍රියම තරුවක වූ ලාල් වීරසිංහගේ අපූරු රැඟුම් රැගත් මුතු සළඹ, කුසුම් චන්ද්‍ර ගමගේ සහ විජේරත්න ගමගේ ගේ නිෂ්පාදනයකි.

අනූෂා දමයන්ති, චංචලා වර්ණසූරිය, නලින් ප්‍රදීප් උඩවෙල, විශාඛා සිරිවර්ධන, උදිත් සඳරුවන්, නෙළුම් බොතේජු, ජීවන් හඳුන්නෙත්ති, කපිල සිගේරා, සුරංගි මාකොළ ආදී දක්ෂ නළු නිළි පිරිසක් මෙහි රඟති.

උරේෂා රවිහාරි හා නුවන් ගුණවර්ධනගේ මියුරු ගී රැගත් මුතු සළඹ සරත් ද අල්විස් ගේ සංගීත අධ්‍යක්ෂණයකි. රංජිත් ජයසිංහ මුතු සළඹ සහය අධ්‍යක්ෂණය කරයි. නැටුම් නන්ද කුමාර ගෙනි.

මේ මුතු සළඹ හි ලාල් වීරසිංහගේ රංගන අවස්ථාවකි.


ගාමිණී හෙට්ටිආරච්චිගේ අපූරු රංගනය

කීර්ති බණ්ඩාර අධ්‍යක්ෂණය කළ අලි පැටියෝ බලාගෙනයි තවත් වැඩ නිම වූ චිත්‍රපටයකි. එහි දක්ෂ චරිතාංග නළුවෙකු වූ ගාමිණී හෙට්ටිආරච්චි හරි අපූරු රංගනයක යෙදේ. මේ එහි අවස්ථාවකි.

 
 
 
  •  
  •