ටෙලි News
පිනිබර යාමය ඔබ හමුවට ඒමට සුදානමින්
ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක ප්‍රේම කුමාර ජයවර්ධනගේ ‘පිනිබර යාමය’ සොඳුරු ටෙලි
සිතුවමේ වැඩ කටයුතු මේ වන විට අවසන් වෙමිනුයි පවතින්නේ. සම්මානනීය ලේඛිකා සුමිත්‍රා
රාහුබද්ධගේ කතාවකට අනුව නිර්මාණය වුණු ‘පිනිබර යාමය’ ඇයගේම රූපවාහිනී රචනයක්.
‘අබා’ භුම්බකභූතා චරිත නිරූපණයෙන් සිනමාවට පිළිපන් දුලානි අනුරාධාගේ රැගුම් පුංචි
තිරයේදී කුලුඳුලේ එළි දැක් වෙන්නේ පිනිබර යාමය ටෙලි වෘත්තාන්තය හරහායි.
තුමිඳු
දොඩන්තැන්න, ගයනා සුදර්ශනී, ගිරිරාජ් කෞශල්‍ය, අතුල පතිරණ, ගාමිණී ජයලත්, චන්දන
වික්‍රමසිංහ, අජිත් ලොකුගේ, තරුෂි පෙරේරා, සඳුන් විජේසිරි, විනී වෙත්තසිංහ, චමිලා
පීරිස්, රුවන් වික්‍රමසිංහ, පියුමි බොතේජු, මිලින්ද පෙරේරා ඇතුළු නළු නිළි පිරිසක්
‘පිනිබර යාමය’ සඳහා දායක වෙද්දී සංගීතයෙන් පිනිබර යාමය හැඩ කරන්නේ කෝලිත භානු
දිසානායකයි.

මනෝජ් රණසිංහගේ කැමරාකරණයෙන් ද, ප්‍රියන්ත ඊෂ්වරගේ් වේශ නිරූපණයෙන් ද
එළි දැක්වෙන මේ සොඳුරු ටෙලි සිතුවම සංස්කරණය කරන්නේ රංග වික්‍රම සුරේන්ද්‍රයි.
සිසිර වන්නිනායකගේ් කලා අධ්‍යක්ෂණයක් වන ‘පිනිබර යාමය’ සඳහා අනුර ගාම්භීරආරච්චි
දායක වී ඇත්තේ නිෂ්පාදන කළමනාකරණයෙන් වන අතර කැමරා උපකරණ හා සංස්කරණ මැදිරියෙන්
දායක වී ඇත්තේ බෙන් ෆිල්ම්ස් ආයතනයයි. මෙය හසිතා තලගම්පොළ ගේ් නිෂ්පාදනයක්.
යුවතියක වටා ගෙතුණු කතා පුවතක් රැගත් මෙහි කතා මවන්නිය ‘උදතාරී’ නම් වූ තරුණියයි.
ජලයෙන් එතෙර වන්නී ලෙසින් අරුත් ගැන් වූ උදතාරී සිය විශ්ව විද්‍යාල කටයුතු අවසන්
කරමින් ජීවිතයට මුහුණ දෙන ආකාරය රැගත් ‘පිනිබර යාමය’ සැබැවින්ම උදතාරිගේ අධිෂ්ඨාන
ශක්තිය හා ධෛර්ය රැගත් අපූරු කතාවකි. එල්ල වන සමාජ බලවේග හමුවේ නොසැලී නොවැටී
ඉදිරියට ගොස් ජීවිතය ජය ගන්නා උදතාරි ගේ දිවි පෙවෙතෙහි සැබෑ විවරණය ‘පිනිබර
යාමය’යි.
රෝස කටු
දිගු වෙයි
දිල්හානි ඉවත් වෙයි
මේ
දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ රාත්‍රී 9.00 ට ඔබේ ආලින්දයට එන එක් අපූරු ටෙලි
වෘත්තාන්තයක් ලෙස ‘රෝස කටු’ හැඳින්විය හැකියි.
අනුර චන්ද්‍රසිරිගේ අධ්‍යක්ෂණයක් වන ‘රෝස කටු’ සඳහා ඔබ සිත් බැඳි ප්‍රවීණ රගන
ශිල්පිනියක වන දිල්හානි ඒකනායක ලබා දුන්නේ අද්විතීය දායකත්වයක්.
කෙසේ වතුදු
දිල්හානි, රෝස කටු තුළින් ඈත් වී ඇති බවයි දැනගන්නට ඇති අලුත්ම ආරංචිය.
මේ ගැන
සරසවිය කළ විමසුමකදී දිල්හානි පවසා සිටියේ ඇයට දැනෙන අයුරින් සිතුවාටත් වඩා රෝස කටු
දිනෙන් දින ඇදි ඇදී ඉදිරියට යන නිසාත්, එවැනි දිගුකාලීන නිර්මාණයකට ඇය දායක වීමට
නොසිතූ නිසාත් ඉන් ඉවත් වන බවයි.
මේ මස පුරා ස්වර්ණවාහිනියෙන් රියැලිටි වැඩසටහන් මාලාවේ තරගකරුවන්ට දස්කම් පෙන්වීමට
වරම්
ස්වර්ණවාහිනියේ රියැලිටි වැඩ සටහන් මාලාවේ කොමඩි ස්ටාර්, සිඟින් ස්ටාර් සහ ෂැඩෝ
ස්ටාර් යන තරග සඳහා මේ වන විට තරගකරුවන් හය දෙනා බැගින් තරගකරුවන් දහ අට දෙනෙකු
තෝරා ගෙන තිබේ.
තරගකරුවන්ට මේ මාසය පුරාවටම සිය හැකියාවන් හා දක්ෂකම් ඉදිරිපත්
කිරීමට ස්වර්ණවාහිනිය ඉඩ ප්‍රස්ථාව වෙන් කොට තිබේ. ඒ අනුව මේ මාසය පුරාවටම
පැවැත්වෙන මෙම රියැලිටි ෂෝ වැඩ සටහන් මාලාව වෙන් වන්නේ තරගකරුවන්ගේ දස්කම් ඉදිරිපත්
කිරීමට විනා තරගකාරීත්වය ප්‍රදර්ශනය කිරීමට නොවේ.
|