|
සම්මානයක් කියන්නේ කේක් එකක් උඩ තියෙන අයිසිං
සාමාන්‍ය මිනිස්සුන්ට හීනෙකින්වත් හිතාගන්න බැරි දේවල් හැබෑවටම ඇස්පනාපිටම මවන්න
පුළුවන් සැලෝලයිඩ් ලෝකයේදි විතරයි.
බලන් ඉන්න ප්‍රේක්ෂකයව අඬවන, ත්‍රාසයට, භීතියට පත් කරන මේ සිනමාවම වෙලාවකට
මිනිසුන්ව හිතන්නත් පොළඹවනවා.
ලෝක සිහින කුමරියක වීම නිසාම සිනමා ලෝකයේද දොරගුලු විවිර කර ගත් ‘ඓශ්වර්යා රායි’
ඇගේ සිනමා ලෝකය ගැන හිතන පතන විදිහයි මේ.
චිත්‍රපටයක් කරද්දී සතුටුදායකම අවස්ථාව මොකක්ද?
මුල ඉඳලා අගටම සැලෝලයිඩ් වැඩක් කියන්නෙම සතුට, උද්දාමය, හිනාව, විනෝදය, කතාබහ
අඩුවක් නැති තැනක්. ඒක හරියට ඉස්කෝලෙ ට්‍රිප් එකක්, විනෝද ගමනක් යනවා වගේ. රඟපෑම
චිත්‍රපටියට අදාළ වගකීම හැමෝම කැපවීමෙන් අවංකව කරනව, මොකද චිත්‍රපටියක් කියන්නේ
කණ්ඩායම් වැඩක්. රූගත කිරීම් ඉවර වුණාම හැමෝම බලන්නෙ සතුටින් දවස ගෙවන්නයි.
සිනමාවේ වර්ගීකරණයන් ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ?
සිනමාවට භාෂාව බාධාවක් නෙවෙයි. නිළියක හැටියට මට චරිතයක් නිරූපණය කරන්නත් ඒක
බාධාවක් නෙවෙයි. ඒ වගේම චිත්‍රපටයක් කලා හෝ වාණිජ වශයෙන් බෙදන එක ගැනත් මගේ
විශ්වාසයක් නැහැ.
ඔබ අංක එක ය කියලා කියද්දී ඇති වෙන හැඟීම?
අංක ගැන නම් මගේ තැකීමක් නෑ. මම කැමැති අංක එක වෙනවට වඩා හොඳ නිළියක් වෙන්නයි. ඊටත්
මට ලේබල් කියන ඒවා අලුත් දේවලුත් නෙවෙයි. මට ඕන තරම් ලේබල් ඇලවිලා තියෙනවා. ඒ නිසා
ඔය කිසි දෙයක් මම ඒ තරම් ගණන් ගන්නෙ නෑ. මේ හැම දෙයක්ම සිනමාව කියන මේ ගේම් එකේම
කොටසක්.
හොද චිත්‍රපටි කිහිපයක් කළාට පස්සෙ රසිකයො දිගටම ඒ තත්ත්වෙ බලාපොරොත්තු වෙනවා. ඒක
ආරක්ෂා කර ගන්නෙ කොහොමද?
එන හැම දවසක්ම එන හැටියට භාර ගන්න කෙනෙක් මම. ඒ හන්දා මම කිසි දෙයක් ගැන විශේෂ
සැලසුම් ගහන්නෙ නෑ. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ හැකියාවන් අත්දැකීමෙන් වර්ධනය කර
ගන්නයි. අපිවත් හැදෙන්නෙ චිත්‍රපට හැදෙනවාත් එක්කමයි. අපිව තිරයෙදි දකින රසිකයා අපට
ප්‍රතිචාර දක්වෙන්නේ අපේ හැකියාවට. ඒ හැකියාවන් අපට එකතු වෙන්නෙ වැඩ කරන
ප්‍රමාණයටයි.
රංගන ශිල්පියෙකුට ගොඩක් වැදගත් වෙන්නෙ විශිෂ්ට පිටපතක්ද, හොඳ කණ්ඩායමක්ද, අදාළ
චරිතය ගැන ඇති වෙන දැඩි විශ්වාසයද, ශිල්පියාගේ නම්‍යශිලීභාවයද, හොඳ අධ්‍යක්ෂවරයාද?
මට නම් හිතෙන්නෙ මේ හැම දේම වැදගත්. මං වගේ සියුම් පරීක්ෂාවට ලක් වෙන කෙනෙක් තුළ
ඉන්න නිළිය කෙනෙකුට හඳුනා ගන්න පුළුවන් වෙන්නෙ ඒ ඔක්කොම හරියට එකතු වෙන වෙලාවක
තමයි. ඒ වගේ චිත්‍රපටියක් බොක්ස් ඔෆිස් නොවුණත් සාර්ථක චිත්‍රපටයක්.
ඔබට නැගෙන චෝදනා ගැන?
ඇත්ත දැනගන්න ඕනම කෙනෙකුට යට ගියාව හාරලා බලගන්න පුළුවන්. මම කාටවත් මොකවත්
පැහැදිලි කරලා දෙන්න බැඳිලා නෑ.
සම්මාක ලැබුණම ඇති වෙන හැඟීම?
සම්මාන කියන්නෙ මට අලුත් දෙයක් නෙවෙයි. ඒවා මම ඉන්දීය රූ රැජින, ලෝක රූ රැජන වෙලා
දැකලා තියෙනවා. මම මට ලැබෙන ලොකුම සම්මානය හැටියට සලකන්නෙ මිනිස්සු නැගිටලා මාව අගය
කරන එකයි. ඒ වගේම රසිකයන්ට අමතරව අධ්‍යක්ෂවරු, ජ්‍යෙෂ්ඨ ශිල්පීන්, සමකාලීන ශිල්පීන්
මගේ හැකියාවන් අඳුරගෙන අගය කරන එකත් මට අර සම්මානවලට වඩා වටිනවා.
මට හැම වෙලාවෙම ඕන
වෙන්නේ නිළියක් හැටියට මේ ක්ෂේත්‍රයෙ හිමි තැන තහවුරු කර ගන්නයි. නම, ප්‍රසිද්ධිය,
රූපය, රසිකයෝ මේ හැම දේම තියෙන්නෙ එතැනයි. සම්මානයක් කියන්නේ කේක් එක උඩ තියෙන
අයිසිං.
බොලිවුඩයේ දැවැන්තම සිනමා තාරකාව වන ඔබ සිනමාවේ ගනුදෙනු කරන්නෙ මොන විදිහටද?
ප්‍රධානම දේ මම සසඳන්න යන්නෙ නෑ. එන විදිහකට ඒ ඒ අත්දැකීම්වලට මූණ දෙනවා. කරන්න වෙන
වැඩේ මොකකක්ද ඒක කරනව. එතනේදි භාෂාව, රට හෝ චිත්‍රපටයේ වර්ගය ගැන තැකීමක් කරන්නෙ
නෑ. මට චිත්‍රපටියක් කියන්නේ තවත් අලුත් අත්දැකීමක් විතරයි.
ඔබ ඉන්දීය සිනමාව ගැන හිතන්නෙ කොහොමද?
මම වැඩ කරන ක්ෂේත්‍රයේ පළාත, භාෂාව කියන දේවල් මට වැදගත් නෑ. ඉන්දියාව ගත්තොත්
වැඩියෙන්ම ලෝකය දන්නවා ඇත්තෙ හින්දි සිනමාව ගැන වෙන්න ඇති.
ඒත් ඉන්දියාවේ අනෙකුත් භාෂාවන්ගෙනුත් චිත්‍රපට හැදෙනවා. ඒක දෙමළ හෝ බෙංගාලි වෙන්න
පුළුවන්. සමහරක් විට බොම්බායේ කෙනෙකුට වුණත් ඒ අත්දැකීම අමුතු එකක් වෙන්න ඉඩ
තියෙනවා.
ඔබට ලැබෙන චරිතය කළු ද සුදු ද කියලා බලනවද?
නෑ. ඒක මට වැදගත් නෑ. මොකද ඒ චරිතයට පණ පොවන එකයි මට පැවරෙන්නෙ. එහෙම නැතුව ඒ චරිතය
කළු ද සුදු ද කියලා තෝරන එක මට අයිති දෙයක් නෙවෙයි.
ඔබ, ඔබ වෙනුවට ස්ටන්ට්ස්ලා පාවිච්චි කරනවද, එහෙම නැත්නම් ඔබම අදාළ ජවනිකාව කරනවද?
පළමුව ආරක්ෂාව කියන මන්තරය තමයි දර්ශන තලයක නිතරම ඇහෙන්නෙ. ඒ ගැන අපි හැමෝම
දැනුවත්වයි ඉන්නෙ. සාමාන්‍යයෙන් අපිට කර ගන්න පුළුවන්, දරා ගන්න පුළුවන් මට්ටමේ
අවස්ථාවක් නම් ඒ අවස්ථාවේ ඇති වෙන හැඟීම ගන්නත් එක්ක අපි අපිම කරන අවස්ථා බොහොමයක්
තියෙනවා. නමුත් අපේ සීමාවෙන් එහා යන බව දැනනෙනවා නම් එතෙන්දි ස්ටන්ට් කෙනෙක් යොදා
ගන්නව.
ඔබ චරිත සඳහා විශේෂයෙන් සූදානම් වෙනවද?
සිනමාව දෘෂ්‍ය මාධ්‍යයක් නිසාම තීරණාත්මකයි. අනික අපි කණ්ඩායමක් හැටියට පූර්ව
එකඟතාවයකට ඇවිල්ලයි නිර්මාණයකට දායක වෙන්නෙ. එතෙන්දි රංගන ශිල්පියෙකුගේ අභිනය තමයි
භාෂාව වෙන්නෙ. ඒ ඒ චරිතය විසින් ඉල්ලා හිටින කායික ස්වරූපයට අපි පත් වෙන්න ඕන.
ඒක අනිවාර්ය අවශ්‍යතාවයක්. එහෙම වුණොත් විතරයි අදාළ චරිතය ඉල්ලා සිටින විලාසිතාවක්
වුණත් සාර්ථකව ගළපන්න පුළුවන් වෙන්නෙ. ශරීරය හොදට නඩත්තු කරන, නම්‍යශීලීව තියා ගන්න
තරමට තමයි අපි කරන විලාසිතාවක් වුණත් ලස්සන වෙන්නෙ. කකුල මූලික වෙන රංගනයකදී කෙටි
සායක් අඳින්නෙ ඒ නිසයි. ඒ අවස්ථාවට අවශ්‍ය පහසුව හා ස්වභාවිකත්වය දෙන ඇඳුම කොට එකක්
නිසයි එහෙම එකක් අඳින්නෙ.
එහෙම නැතුව ඒ අයට කකුල් පෙන්න ගන්න ඕන නිසා නෙවෙයි. ඒ නිසා මමත් නම්‍යශීලී සිරුරක්
පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. මගේ ශරීරයත් මට අවශ්‍ය තරමට වේගවත් වගේම නම්‍යශිලී
එකක්ය කියන එක වැඩ කරද්දී මට තේරෙනවා.
ඔබ සිනමා තාරකාවක් වීම ගැන මොකද හිතෙන්නෙ?
අපේ රස්සාවේ හිතා ගන්නවත් බැරිම කොටස වෙන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට හුදු පරිකල්පනයක්
හෝ හීනයක් විතරක් වෙන විදිහේ දේවල් නළු නිළියො හැටියට අපට හැබෑවටම අත් විඳින්න
ලැබෙන එක. අපි අපේ අපූරු අත්දැකීම් ලබා ගන්නෙම චිත්‍රපට කර්මාන්තයෙන්නෙ. මම හිතන්නේ
ඒක අපේ වාසනාව එහෙමත් නැත්නම් ලැබීමය කියලයි.
සැකසුම -
රවි රත්නවේල්
|