|
හඬක් නැති උදවියගේ හඬ
එකෝමත් එක රටෙක, එකෝමත් එක කාලයක හෝර්ටන් නම් ඇතෙකු සිටියේය. මේ ඇතා සද්දන්ත එකෙකි.
ඌ ජීවත් වූයේ ෆූල් නම් වනාන්තරයේය. මේ වනාන්තරයේ හෝර්ටන්ට අමතරව තවත් සත්තු රාශියක්
වාසයක් කළහ. වඳුරන්, උකුස්සන්, කැන්ගරුවන් මේ ආදී නොයෙක් සතුන්ය. මේ සතුන් අතර හෝර්ටන්ට විශේෂ
තැනක් තිබිණ. ඒ සද්දන්තකම නිසා නොවේ. හෝර්ටන් උගතෙකි. නිකම්ම නොවේ. ඔහු වනාන්තරයේ
සිසු දරුවනට ස්වභාව ධර්මය පිළිබඳ කියා දෙන ගුරුවරයාය. හොඳින් හිරු පෑයූ එක් උදෑසනක හෝර්ටන් නාන්නට ගියේය. අනතුරුව ඔහු සිත් සේ පෙරැළි
පෙරැළි නෑවේය. හෝර්ටන් ගේ සද්දන්ත ඇගෙන් විසි වන වතුරෙන් හතර වට තෙමිණ. ඔහුගේ සුචච
කීකරු ශිෂ්‍යයෝ ගුරුතුමාගේ කතා අසමින් ඔහු වටා සැරිසැරූහ. කොයි ලෝකයෙන් හෝ පාවී ආ රෝස පැහැති වරා මලක් හෝර්ටන් ගේ හොඬෙහි දැවටිණ. එය මේ පලාතට
අයිති නොවේ. එය නියමිත තැනට ගෙන යෑම ඔහුගේ වගකීම වෙයි. මේ වරා මල නිකම්ම එකක් නොවේ. එය මනා සංවිධාන රටාවකින් යුත් ජනාවාසයකි. ඇසට නොපෙනෙන
මේ ලෝකයේ ජන සංඛ්‍යාව ඉමහත්ය. නෙඩ් මැක්ඩොනල්ඩ් එහි නගරාධිපතිවරයායි. බිරිය සැලීය.
සැලීට දියණියෝම 96 දෙනෙකි. මේ 96 දෙනාගේම නම් ඇරඹෙනුයේ එච් අකුරෙනි. පවුලේ එකම පුතා දියණියෝ 96 දෙනාට බාල
ජෝජෝය. ඔහු තාත්තාගෙන් පසු නගරාධිපති ධුරය බාර ගන්නට අපේක්ෂා නොකරයි.
අලි හොඬයේ
පැටලුණ නගරය නියමිත තැනට ගෙන යෑමට හෝර්ටන් ගේ උපකාරය අවශ්‍ය වේ. මේ උපකාරය ලබා ගන්නට නම් තමන්ගේ හඬ හෝර්ටන් වෙත යොමු විය යුතු වෙයි. එය සාර්ථක
වෙයි. අලින්ගේ ඇස් පෙනීම කොයි හැටි වෙතත් කන නම් හොඳින් ඇසෙයි. එබැවින්ම තමන්ගේ
වෑයම සාර්ථක වෙයි. හොඬවැල අග දවටා ගත් වරා මල නියමිත තැනට ගෙන යෑමේ උත්සාහය කොයි හැටි වෙතත් අලි හොඬේ
පටලවා ගත් දෑ සොයා බැලීම කොයි දේටත් ඇඟිලි ගසන සෙසු සතුන්ගේ වුවමනාව වෙයි.
මේ වරා
මල මත්තෙහි දහස් ගණනක් තමා වැනිම ප්‍රාණීන් ජීවත් වන වග ඔවුහු විශ්වාස නොකරති.
ඔවුන්ගේ හඬ මේසා සුවිශාල වර්ගයන්ට ඇහෙන්නට සැලැස්සීම සෙල්ලමක් නොවේ.
හෝර්ටන් යනු
බොරුකාරයෙකු යයි කැන්ගරු අම්මා කෙනෙකු වූ ෂා ගේ මතයයි. මේ වරා මල නියමිත තැනට ගෙන
යන්නට හෝර්ටන් ගන්නා වෑයම කෙබඳුද? එය සඵල වන්නේ ද?. අපට පෙනෙන ලෝකය සහ නොපෙනෙන ලෝකය යනු දෙආකාරයක දෙයකි. අප පෙනෙන ලෝකයට වඩා නොපෙනන ලෝකය ඇතුළත ජීවත් වන සංඛ්‍යාව විශාලය.
මේ සැමටම ප්‍රාණයක් ඇති බවත් ඔවුනට
ජීවත්වීමේ අයිතිය ඇති බවත් අපි විශ්වාස කරමු. මේ හැඟීම ඉස්මතු කරවන අපූර්ව ගණයේ
චිත්‍රපටයක් අද අපේ අවධානයට යොමුවෙයි. මේ හෝටන් හියර්ස් අ හූ ය. හෝර්ටන් හියර්ස් අ හූ චිත්‍රපටයට පාදක වනුයේ අතිශය
ජනප්‍රිය ළමා චිත්‍ර කතාවකි. මේ චිත්‍ර කතාව සිතුවමට නඟන ලද්දේ ඩොක්ටර් හියුස් සහ
අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන අමෙරිකානු කාටුන් චිත්‍ර කලාවේ දැවැන්තයකු වූ තියේඩර්
සියොස් ගාසල්ය.
1904 මාර්තු 02 වැනිදා උපත ලැබ 1991 සැප්තැම්බර් 24 වැනිදා මිය ගිය
සියොස් කාටුන් ශිල්පියකු, හා පොත් රචකයකු, කතා රචකයකු හා තිර කතා රචකයකු විය.
ග්‍රීන් එග්ස් ඇන්ඩ් හාට්, වන් ෆිෂ් ටූ ෆිෂ් රෙඩ් ෆිෂ් බ්ලූ ෆිෂ්, කැට් ඉන් අ හැට්
ඔහුගේ ජනප්‍රිය නිර්මාණ විය. හියුස් රචනා කළ ඩිසයින් ෆො ඩෙත් වාර්තා චිත්‍රපටය 1947 දී හොඳම වාර්තා චිත්‍රපටයට
හිමි ඇකඩමි සම්මාන දිනා ගත්ත්ය. එහෙත් හියුස් දේශපාලන කාටුන් ශිල්පියෙකු ලෙස වඩාත්
කැපී පෙනුණේ දෙවන ලෝක මහා සංග්‍රාම සමයේදීය.
මේ සමයෙහි පළමුව ගුවන් හමුදා
නිලධාරියකු වූ ඔහු අමෙරිකානු යුද ප්‍රබෝධය සඳහා කාටුන් රැසක් නිර්මාණය කළේය.
මේවා
එවකට අමෙරිකානු ජනාධිපති තියෝඩර් රූස්වෙල්ට් ගේ පවා අවධානයට පාත්‍ර වූවකි.
අමෙරිකානු ගුවන් හමුදාව සඳහා හියුස් විශිෂ්ට ඝනයේ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය
කළේය. ඒ යුවර් ජොබ් ඉන් අ ජර්මනි නමිනි. යුද්ධයෙන් පසු ඔහු වඩාත් පතල වූයේ දේශපාලන
කාටුන්කරුවකු හැටියටය. එයිනුත් පසු ඔහු ළමා කතාකරණයට අත තැබුවේය. ඔහු විසින් සිතුවමට නගන ලද කතා අතරින් සිනමාවට නැගුණේ මවු ද ග්‍රින්ඩ් ස්ටෝල්
ක්‍රිස්මස් හා ද කැට් ඉන් ද හැට් යන කතන්දරය.
හෝටන් හියස් අ හූ තෙවැන්නයි. එය අධ්‍යක්ෂණය කළේ ජිම් හොවාඩ් හා ස්ටීව් මාටිනෝය.
හෝවාඩ් ටෝයි ස්ටෝරි, බග්ස් ලයිෆ් ඇතුළු චිත්‍රපට රැසකටම දායක වූවකි. ඒ සික්සාර්
චිත්‍රාගාරයේය. හොවාඩ්ස් හියර්ස් අ හූ නිර්මාණය කළේ බ්ලූ ස්කයි චිත්‍රාගාරයටය. හෝටන් හියර්ස් අ හූ චිත්‍රපටය නවීන පරිගණක තාක්ෂණය උපයෝගී කොට ගත්තද එය අපට සිහි
ගන් වන්නේ පැරණි කාටුන් චිත්‍රපටයක ස්වරූපයයි.
හෝටන් ගේ (මේ සඳහා දෙබස් කවනු ලබනුයේ
ජිම් කේරි) අධි රංගනය මෙන්ම ජපාන කාටුන් චිත්‍රපටවල එන රූප ශෛලියත් එහි මතකයට
නංවයි. එහෙත් එහි ශෛලිය හා රිද්ම ඉතා පුළුල් කතිකාවකට අප යොමු කරවයි. වඩාත්ම වැදගත් කාරණාව
වනුයේ හඬක් නැති උදවියගේ හඬය. මේ මිහිතලය මත ඔවුනට ඇති අයිතිය පිළිබඳවය. එය
උඋල්ංඝනය කළ හැක්කේ් කාටද? හෝටන් හියර්ස් අ හූ වඩාත්ම ආකර්ශනීය වනුයේ ඒ හැඟීම සමඟිනි.
- අරුණ ගුණරත්න
|