සු.මි ගෙන් අහන්න
ලෝක සිනමාවේ විශිෂ්ටතම
රඟපෑම කුමක්ද?
මිනුවන්ගොඩ එම්. ජයසිරි නන්දදාස
ප්‍රශ්නය - ‘එක් පූල් දෝ මාලි’ හින්දි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කවුද?
පිළිතුර - දේවේන්ද්‍ර ගෝල්.
අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි
ප්‍රශ්නය - ‘ද ග්‍රේට් ට්‍රේන් රොබරි’ චිත්‍රපටය ගැන යමක් කියන්න?
පිළිතුර - 1903 දී එඩ්වින් එස් පෝටර් හැදූ මේ චිත්‍රපටය කතන්දරයක් විස්තරාත්මකව
ප්‍රකාශ කළ මුල්ම චිත්‍රපටය ලෙස හැඳින්වෙනවා.
කල්එළියේ බී. පී. සමරපාල, දෙමටගොඩ ආර්. එගොඩවත්ත
ප්‍රශ්නය - සිංහල චිත්‍රපට කීපයකටම සංගීතය සැපයූ දකුණු ඉන්දීය සංගීතඥ ටී. ආර්. පාපා
දැන් කෝ?
පිළිතුර - ඔහු තවමත් ජීවතුන් අතර සිටිතැයි මා හිතනවා. මීට අවුරුදු කීපයකට ඉහත මා
දකුණු ඉන්දියාවට ගිය අවස්ථාවක මට ඔහු මුණ ගැසුණා. ඒ අවස්ථාවේදී ඔහු අඩයාර් හි
පිහිටි තමිල්නාඩු රජයේ සංගීත පාසලේ විදුහල්පති ධුරය දැරුවා.
කැටපල ලක්සිරි ගුණතිලක
ප්‍රශ්නය - ‘ආත්ම පූජා’ චිත්‍රපටයට පාදක වූ ‘කෝසිකන් බ්‍රදර්ස්’ කතාව ඇසුරෙන් වෙනත්
රටවල චිත්‍රපට නිපදවා තිබේද?
පිළිතුර - ’අපූර්ව සහෝදර්ගල්’ (දෙමළ) ‘ගෝර් ඕර් කාලා’ (හින්දි) වැනි චිත්‍රපට
තැනුවේ මේ කතාව ඇසුරෙන්.
ඉහළ තල්දූවේ ආනන්ද වික්‍රමආරච්චි
ප්‍රශ්නය - වරක් ‘සරසවිය’ සිනමා සම්මාන උළෙලට සහභාගි වූ මුල් යුගයේ සිංහල චිත්‍රපට
රැසකට පසුබිම් ගී ගැයූ දකුණු ඉන්දියාවේ ජනප්‍රිය ගායිකා ජමුනා රාණිගේ ඡායාරූපයක් පළ
කරන්න.
පිළිතුර - ඔබේ ඉල්ලීම ඉටු වෙනවා.
මාතලේ ධර්මා ඒකනායක
ප්‍රශ්නය - නාරද දිසාසේකර ගයන ‘ගමන නොනිමෙයි ලෝකයේ’ ගීතය රැගත් චිත්‍රපටය කුමක්ද?
පිළිතුර - සිකුරු තරුව.
පිළියන්දල චාමර විජේසිංහ
ප්‍රශ්නය - චිත්‍රපට පූර්ව ප්‍රචාරක පටවල කතනයේ යෙදුණු අය අතරින් දක්ෂතම නිවේදකයා
බණ්ඩාර කේ. විජේතුංග නොවේද?
පිළිතුර - ඒ ගැන විවාදයක් නැහැ චාමර.
මැල්ලවගෙදර හේවගේ සිරිල් ප්‍රනාන්දු
ප්‍රශ්නය - ‘චණ්ඩියා චිත්‍රපටයේ කළු මහත්තයා ලෙස රඟපෑ එච්. ඩී. කුලතුංග ගැන යමක්
කියන්න?
පිළිතුර - ඔහු විශිෂ්ට චරිතාංග නළුවෙක්. දුෂ්ට චරිතවලට කියාපු නළුවෙක්. ඩොමී
ජයවර්ධන, පියදාස ගුණසේකර යන දෙදෙනා හැරුණු කොට මා දුටු හොඳම දුෂ්ට නළුවා ඔහු. ඔහු
වැනි නළුවන් කිසිදා විචාරක ඇගැයීමට ලක් නොවීම කනගාටුවට කරුණක්.
කැලණිය වරාගොඩ නීටා මාසලින්
ප්‍රශ්නය - ‘නාරිලතා’ සමඟ කෙටි චිත්‍රපටයක් තිරගත කළ බව මට මතකයි. ඒ කෙටි චිත්‍රපටය
කුමක්ද?
පිළිතුර - පින් ගොනා.
හෝකන්දර දකුණ ගිල්බට් පෙරේරා
ප්‍රශ්නය - අහිංසක ප්‍රයෝගය, පතිවත, සුරලොව මිහිර, මනුෂ්‍යත්වය, වීර වික්‍රම, සල්ලි
එපා, වීර පුතා සහ අයියයි මල්ලියි යන නමින් සිංහල දෙබස් කැවූ හින්දි චිත්‍රපට
මොනවාද?
පිළිතුර - ‘මිස් මේරි’, ‘දේවතා’, ‘අබෙ හයාත්’, ‘බන්සානියාට්’, ‘කැප්ටන් කිශෝර්’,
‘මිලාප්’, ‘බහුත් දින් හුයේ’, ‘සායි සායි’.
වත්තල ටයිටස් පාලිත විජේසේකර
ප්‍රශ්නය - ඉන්දීය චිත්‍රගාරයක නිපදවුණු අවසන් සිංහල චිත්‍රපටය ‘දේව සුන්දරී’ බව ඔබ
පවසා තිබුණා. එහෙත් එය ‘වීර විජය’ යනුවෙන් නිවැරදි විය යුතුයි නේද?
පිළිතුර - ඔබ නිවැරදියි ටයිටස්. ඒත් ‘වීර විජය’ ට පසුවයි ‘දේව සුන්දරී’ තිරගත වුණේ.
ඒ වැරැද්ද සිදු වුණේ ඒ නිසයි. ඒ ගැන සමාවෙන්න.
පොල්ගහවෙල අජිත් රුබේරු
ප්‍රශ්නය - ලෝක සිනමාවේ ඔබ දැක ඇති විශිෂ්ටතම චරිතාංග නිරූපණය කුමක්ද?
පිළිතුර - ’සෝර්බා ද ග්‍රීක්’ චිත්‍රපටය සෝර්බා ලෙස රඟපෑ ඇන්තනි ක්වීන්ගේ රංගනය.
පෙතියාගොඩ නාලිනි විජේසුන්දර
ප්‍රශශ්නය - ජනප්‍රිය නිළි අනෝමා ජනාදරී ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටය සඳහා ලබා
ගත් අන්තර් ජාතික සම්මාන කුමක්ද? එසේම ඇගේ ලිපිනය පළ කරන්න.
පිළිතුර - 2003 සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ හොඳම නිළිය සඳහා වන
සම්මානය. අංක 5 දෙවැනි පටුමග, වැලිසරවත්ත, මහබාගේ ඇගේ ලිපිනයයි.
නිවිතිගල සරෝජිනි කොඩිතුවක්කු
ප්‍රශ්නය - ‘පාර්ත් ඔෆ් ග්ලෝරි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ කවුද?
පිළිතුර - කර්ක් ඩග්ලස්.
පහත නම් සඳහන් අයත් ප්‍රශ්න එවා තිබුණා. නීලම්මහර රත්නා ඩී. වන්නිආරච්චි,
කොම්පපඤ්ඤවීදියේ සුසිලා පතිරාජ, පිටිගල සුසන්ත සම්පත්, කොටහේනේ ආර්. ඒ. අමරසිංහ,
කලවානේ සේපාලි හෙට්ටිහේවා, කැටපල සමන් ගාල්ලගේ, කොටුගොඩ සුනිල් චන්ද්‍රසේකර,
මූදුකටුවේ මිල්ටන් ප්‍රනාන්දු, පල්ලෙවෙල රන්ජන්, කල්එළියේ බී. පී. සමරපාල, වැලිගම
සිරිසේන ලොරෙන්සුහේවා, නිකවැරටියේ හර්ෂනාථ බණ්ඩාර, උතුරු හෝකන්දර රංජනී රණසිංහ,
මාතලේ බී. ඒ. පී. අලහකෝන්, ගම්පහ ප්‍රියන්ත හෙට්ටිආරච්චි, ජාඇල සරත් සේනාධීර.
ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න.
සු. මි. ගෙන් අහන්න
සරසවිය, ලේක්හවුස්,
කොළඹ 10.
වෙබ් පිටු සැකසුම - රේඛාවෝ මාවතගම
|