|
චන්ඩි චරිතවල ලොකු රසයක් දැනුණා ඒක ලෙවකන්න පුළුවන් රසයක්
අති විශිෂ්ට චරිතාංග නළුවෙකු වූ ශි‍්‍රයන්ත මෙන්ඩිස්
තම අලුත්ම රංගනය ගැන කතා කරයි.
අපේ සිනමාවේ චණ්ඩියාගේ ස්වරූපය කලින් කලට වෙනස් වන බව අතීතය හා වර්තමානය සසඳද්දී
අපට පෙනී යන කරුණකි. එදා මෙදාතුර රිදී තිරයේ සුරු විරුකම් පෑ සැබෑ චණ්ඩින් සේම
සෙලියුලොයිඩ් පටයට පමණක් වීරයන් වූ බොරු චණ්ඩින් ද අප දැක ඇත්තෙමු.
ජැක්සන් ඇන්තනි ගේ “අබා” තිර නාටකය එළි දැක්වූ දා එහි ප්‍රධාන දෙසුම පැවැත්වූ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පැවසූයේ තමා සිංහල සිනමාවේ සැබෑ චණ්ඩින් තිදෙනෙකුª
දැක ඇති බවය. ඒ වැලිකතරේ “ගෝරිං මුදලාලිත්”, චණ්ඩියා හි “චුට්ටේත්”, “ගිනි අවි සහ
ගිනි කෙළි චිත්‍රපටයේ “තුන්මුල්ලේ පද්මේත්” යන තිදෙනාය.
පිළිවෙළින් ජෝ අබේවික්‍රම,
ගාමිණී ෆොන්සේකා හා ජැක්සන් ඇන්තනි එම චරිතයන්ට ජීවය දුන් රංගන ශිල්පීන් බව
කිසිවකුටත් සිහිපත් කළ යුතු නැත. එහෙත් අද බොහෝ විට සිනමාවේ අප දකින්නේ වීරයා,
දුෂ්ටයා වී දුෂ්ටයා වීරයා වන දියාරු සටන් කලාවකි.
නමුදු “ජුලියා” චිත්‍රපටයෙන් අප හමුවට එන මේ චණ්ඩියා තරමක් වෙනස්ය. ඩෙනිම්
කලිසමකින් හා ජැකට්ටුවකින් සැරසී, හිසකේ සායම් තවරා ගත්, කනේ කරාඹුවකින් හෙබි ඔහු
අමුතුම තාලයේ චණ්ඩියෙකි. කළු ඇඳුමින් සැරසුණ, අව් කන්ණාඩි පැළඳි තම ගෝල බාලයන් සමග
සුපිරි ජීප් රියක නැඟී සාඩම්බර ලීලාවෙන් ගමන් කරන මේ චණ්ඩියා ගෝරිං මුදලාලිටත්,
චුට්ටේටත්, තුන් මුල්ලේ පද්මේටත් ඉඳුරාම වෙනස් වූ අයෙකි.
මේ වෙනසත් සමඟ රංගන දිවියේ නිබඳ වෙනස්කම් සොයා යන විශිෂ්ට රංගවේදියකුගේ් නවතම
භූමිකාව “ක්‍රිස්ටි” ලෙසින් දැන් රිදී තිරයේ දිග හැරේ.
මෙතැන් සිට මේ සංවාදයට එක් වන්න්නේ අපේ සිනමාවට එසේ නැවුම් අත්දැකීමක් එක් කළ
ශි‍්‍රයන්ත මෙන්ඩිස්ය.
ක්‍රිස්ටි, අපේ සිනමාවේ මොඩ් චණ්ඩියා. අපි කතා කරමු මුලින්ම ඔහු ගැන ?
මේක වෙනස්ම ආකාරයේ චරිතයක්. සාමාන්‍ය ගති ලක්ෂණවලට වඩා වෙනස්, පොඩි ජ්භද එකක ඉන්න,
සැහැල්ලු ගති පෙන්නුම් කරන කෙනෙක් තමයි මේ ක්‍රිස්ටි. මේ මා මීට කලින් රඟපෑ
චරිතයක්. නමුත් වෙනස් පැතිකඩක්, වෙනත් ස්වභාවයක් මේ චරිතයේ තියෙනවා.
මම හිතන්නේ ප්‍රේක්ෂකාගාරයටත් මාව එක්වරම හඳුනාගන්න බැරි වුණා. “කවුද මේ නළුවා”
කියලා ඔවුනුත් වික්ෂිප්ත බවට පත් වුණ බව ඇතැම් ප්‍රේක්ෂකයන් මා සමගම පැවසුවා. ඒ
වෙනස ගැන මට සතුටුයි.
මට හිතෙන්නේ මේ ශි‍්‍රයන්ත මෙන්ඩිස්ව කන පිට හැරෙව්ව චරිතයක් කියලා.....?
මේ චරිතය රඟපාන වෙලාවේ මට අංක එකට වැදගත් වූණේ අධ්‍යක්ෂවරයාගේ විධානය. සම්පත්
ශි‍්‍ර රෝෂන් නවක අධ්‍යක්ෂවරයෙක් වුණාට නිවැරදිව රූප රාමු ලබා ගැනීමේ ඇම්මක්,
කැක්කුමක් ඔහුට තිබුණා. ඒ ඒ රූප රාමු සඳහා අවශ්‍ය රංග විධාන ලබා ගෙන මම ඒ කාර්යය මට
හැකි උපරිමයෙන් කළා. ඔහු ඒක මගෙන් සූරා ගත්තා.
උදයකාන්තගේ “පායා එන්න හිරු සේ” චිත්‍රපටයෙත් ඔබ චණ්ඩියෙක් .....?
ඔව්, එයත් සාම්ප්‍රදායික හැඩයෙන් වෙනස් වූ චරිතයක්, සම්ප්‍රදායික මැරයාගේ ලීලාව මට
හිතුණා වෙනස් කරන්න ඕනෑයි කියලා. මගේ දැනුමත්, අනුපානත්, මම ඒ චරිතයට මිශ්‍ර කළා.
අංග රචනා ශිල්පියා ඉන්දික උදාර තමයි ඒ විදිහේ වෙනස් හැඩයක් පාවිච්චි කරන්නට අවස්ථාව
දුන්නේ. ඒ සියල්ල ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන්න හොඳ රූප රාමු පෙළක් අයේෂ්මන්ත අරන්
දුන්නා. මට විතරක් බුදු වෙන්න බැහැනේ.
එතකොට ඒ චණ්ඩියා ගැනත් ඔබ තෘප්තිමත්.....?
ලොකු ධාවන කාලයක් නැති වුණාට උපරිමය කරන්න දරපු උත්සහයක් ඒ චරිතය ඇතුලේ තිබුණා
කියලා මට හිතෙනවා.
“භේරුණ්ඩ පක්ෂියා”, “බෝගල සවුන්දරිස්”, “චක්‍රායුධය” වැනි ඓතිහාසික රූප කාව්‍ය හරහා
ඔබ ගොඩ නගාගත් අපේ නහරගත වුණ සැබෑ වීර ප්‍රතිරූපවලට මේ ගුටි කන චණ්ඩි චරිත නිසා
හානියක් සිදු වෙන්නේ නැති ද?
චරිතයක් රඟපෑමේදී මට ඒ සඳහා ලයිස්තුවක් නැහැ. වීරයා ද දුෂ්ටයා ද කියලා මගේ වගක්
නැහැ. චරිතය ඇතුලේ යමක් කරන්න පුළුවන් ද කියලා තමයි මම බලන්නේ. චරිතයක් සුදු ද, කළු
ද කියන එකක් මට වැදගත් නැහැ. ඒක අළු වුණත් මට කමකුත් නැහැ. ප්‍රේක්ෂකාගාරයෙන්
ලැබෙන ප්‍රතිචාර තමයි මට වඩා වැදගත් වන්නේ.
නළුවා කටුස්සෙක් නැතිනම් උකුස්සෙක් වෙන්න ඕනෑ කියනවානේ. චරිත රංගනයේ දී ඔහු
කටුස්සෙක් වගේ පාට මාරු කරන්න ඕනෑ. ඒ වගේම උකුස්සෙක් වගේ ඒ චරිතය ඩැහැගත යුතුයි.
ඔබ මීට පෙරත් උදයකාන්තගේ “ගිනි අවි සහ ගිනි කෙළි” චිත්‍රපටයේ පාතාලේ චණ්ඩියෙක්
විදිහට රඟපෑවා?
උදයකාන්ත මගේ මිත්‍රශීලි අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ පළමු සිනමා නිර්මාණය වූ “මහමෙර උසට”
චිත්‍රපටයේත් මම රඟපෑවා. ඒක ඇතුළේත් වෙනම හැඩයක් ගොඩ නගා ගන්න මට පුළුවන් වුණා.
උදයගේ දෙවැනි චිත්‍රපටය තමා “ගිනි අවි සහ ගිනි කෙළි” ඒ චණ්ඩියාගේ ශිෂ්ටාචාරගත වෙච්ච
හැඩයක් තිබුණා. ඔහු ප්‍රාදේශිකයි. ඔහු නීති රිති පද්ධතියක් තුළ ජීවත් වුණ කෙනෙක්.
නමුත් උදයගේම “පායා එන්න හිරුසේ” චිත්‍රපටයේ චණ්ඩියා ආක්‍රමණශීලියි. සදාචාරවත් නොවන
චණ්ඩියෙක් ඔහු. මේ දෙක චරිත දෙකක්.
ශි‍්‍රයන්ත ඇත්තටම චණ්ඩින්ට ගොඩක් කැමැතියි වගේ ?
චණ්ඩින්ට නම් මම කැමැති නැහැ. ඒත් මේ චරිතවල මට ලොකු රසයක් දැනුණා. ඒක ලෙවකන්න
පුළුවන් රසයක්.
කොහොම වුණත් අපේ සිනමාවේ සැබෑම චණ්ඩියා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා බවයි බහුතර
පිළිගැනීම. විශේෂයෙන්ම එවැනි චරිත නිරූපණවලදී ඔබ ගාමිණී ගෙන් යම් ආභාෂයන් ලබා ඇති
බවයි මගේ හැඟීම.....?
ගාමිණී ෆොන්සේකා කියන මහා රංගධරයාගේ පෞරුෂය ඕනෑම නළුවකුට ස්පර්ශයක්, සෙවණැල්ලක්
වෙන්න ඇති කියා මට හිතෙනවා. ලාංකේය සිනමාවේ ඒ චණ්ඩියාට ගහන්න පුළුවන් චණ්ඩියෙක්
තවත් නැහැ. ඒ නිසා ඒ ආංගික අභිනය, චාවික අභිනය තුළ තිබුණ පෞරුෂය එවැනි චරිත
නිරූපණයක දී ගෑවී නොගෑවී යා හැකියි. ඔහු මට පරමාදර්ශීයි. මම කැමැතිම රංග ශිල්පියාත්
ඔහුයි. හැබැයි මම කවදාවත් ඔහු අනුකරණය කරන්නට උත්සහ කළේ නැහැ.
සිනමාවේ තවත් සුවිශේෂී චරිතයක් නිරූපණය කිරීමේ අවස්ථාව මේ වෙනකොට ඔබට ලැබී තිබෙනවා
?
ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා කෘතිය වූ ‘දුටුගැමුණු’ චිත්‍රපටයේ කාවන්තිස්ස රජුගේ
චරිතයට දැන් සූදානම් වෙනවා. එය මට සුවිශේෂයි. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ ලක්
ඉතිහාසයේ එක් පරිච්ඡේදයක්.
මා හිතන්නේ මෙය යුගයේ අවශ්‍යතාව හඳුනාගෙන තැනෙන චිත්‍රපටයක්. කාවන්තිස්ස රඟපාද්දී
දුටුගැමුණුව හදාරන්න වෙනවා. ඒක හරි හොඳයි. එයින් මට අධ්‍යාපන වටිනාකමකුත් ලැබෙනවා.
ඒ වගේම ඥාන මණ්ඩලයට හොඳ ආහාරයක්.
පි‍්‍රය බිරිඳ කුසුම් රේණුත් යළිත් වරක් ඔබ හා සිනමාවෙන් එකට එක් වෙනවා.....?
ඔව්, කුසුම් තමයි මෙහි විහාර මහා දේවියගේ චරිතය නිරූපණය කරන්නේ. අපි දෙන්නා මුලින්ම
හමුවුණේ් පණ්ඩුකාභය වේදිකා නාට්‍යයේ රඟපාද්දී. මම දීඝගාමිණී. ඈ උන්මාද චිත්‍රා. ඒ
පෙම් පළහිලව්ව කෙළවර වුණේ විවාහයෙන්. ආයෙත් අපි ඉතිහාසයේ සැමියයි, බිරිඳයි ලෙස එකට
එක් වෙනවා.
පුංචි තිරයේ ඔබේ රඟපෑම් ගැනත් කතා කරමු....?
මම රඟපෑ “රිදී ඉට්ටංකරය” පසුගිය දා නිමාවට පත් වුණා. ඇත්තටම මේ චරිතයට මට හොඳ
ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. ඒක වෙනස්ම චරිතයක්. එතකොට ඩග්ලස් රණසිංහගේ “දිය යට
ගිනි “ ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ හර්මන් සේනාරත්න කියලා නීතිඥවරයකු ගේ චරිතයක්.
සඳුන් රාජකරුණා ගේ “චංචලා”ටෙලි නාට්‍යයේ මම හින්දි බස කතා කරන ඉන්දියාවේ ඉඳන්
ලංකාවට එන සිංහල පුරවැසියෙක්.
හින්දි භාෂාවෙන් කතා කරන්නත් වුණා නේද?
ඔව්.....ඇත්තටම මම හින්දි ඉගෙන ගත්තා. කතා කරන භාෂාවත් එක්ක රංගනයේ හැඩ තල වෙනස්
වෙනවා. ඒ බව මම මේ ටෙලි නාට්‍යය රූගත කිරීමේ දී අවබෝධ කර ගත්තා.
අපේ කලින් කතාවට මම බාධා කළා.....?
අපි කතා කළේ මගේ ටෙලි නාට්‍යය රඟපෑම් ගැනනේ. “සඳ හිතුවක්කාරයි” ටෙලි නාට්‍යයේ මම
අමු ගැමියෙක්. වලං හදා ජීවිකාව ගෙන යන ගැමියෙක්ගේ චරිතයක් ඒක. “රෝස කටු” ටෙලි
නාට්‍යයේ මම රඟපාන්නේ විශ්ව සේනානායක කියන ප්‍රබල ව්‍යාපාරිකයාගේ චරිතය.
ඔහු එක
එල්ලේ තමන්ගේ ව්‍යාපාරික අරමුණු එක්ක ගමන් කරන කෙනෙක්. පෞද්ගලික ජීවිතය ගැනවත් ඔහුට
එතරම් තැකීමක් නැහැ. හැබැයි විශ්ව හරිම නීති ගරුකයි. මේ ටෙලි නාට්‍යයත් මගේ රංගන
දිවියේ සරුඵලයක්.
එතකොට ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඔබේ රඟපෑම් ඉදිරියේ දී අපේ ප්‍රේක්ෂකයන්ට දැක
බලාගන්න පුළුවන්.....?
තරුවක් පොළොවට, චංචලා, දිය යට ගිනි, සඳ හිතුවක්කාරයි වැනි ටෙලි නාට්‍යය කිපයක්ම
විකාශය වෙන්නට නියමිතයි.
ඔබ සිනමාවේ, පුංචි තිරයේ පමණක් නොවේ වේදිකාවේත් සක්‍රීය නිර්මාණකරුවෙක්. හැමදාමත්
වාගේ අදත් අපි කතා කරමු වේදිකාව සම්බන්ධ ඔබේ අලුත්ම අත්දැකීම්.
“සුබ සහ යස” වේදිකා නාට්‍යය 11 වසරේ නව විෂය නිර්දේශයට ඇතුළත් කළා. එය අපේ දරුවන්ට
සුබ ආරංචියක් වේවි. ඒ වගේම “රෝමය ගිනි ගනී” සමගින් අපි ලංකාවේ විවිධ ප්‍රදේශවලට
යන්න බලාපොරොත්තු වෙනවා. එතෙර නම් අපි මේ නාට්‍යය කිහිපවරක්ම වේදිකා ගත කළත් ලංකාවේ
එවැනි අවස්ථා බහුලව ලැබුණේ නැහැ. ඒ හැරුණාම අලුත් වේදිකා නාට්‍යයකටත් මේ දවස්වල
පිඹුරුපත් සකස් කරමින් ඉන්නවා. “සඳට ආදරෙයි” කියලා ටෙලි නාට්‍ය පිටපතකුත් ලියාගෙන
යනවා. ඇත්තටම චිත්‍රපටයක් කරන්නත් මගෙ අදහසක් තියෙනවා.
ඒ ගැන දළ අදහසක් දෙන්න පුළුවන්ද අපට?
බොහෝ විට එය දේශපාලන කතන්දරයක් වෙයි. එහි මුල් වස්තු බීජ දැන් පහළ වී අවසන්. දැන්
මට රූප රාමු පේනවා. ඒවා මුහුකුරා යන කල් මම ඉවසිල්ලෙන් පසු වෙනවා. මට රේස් එකක්
නැහැ කා එක්කවත්. දැන් මම රංගනයට ඇවිත් අවුරුදු තිස් දෙකක්නේ. ඒ කාලය තුළ මා ලැබූ
විවිධ අත්දැකීම් මේ නිර්මාණ කටයුත්තේදී මට ප්‍රයෝජනවත් වේවි.
වෙලාවකට හිතෙනවා ශ්‍රියන්ත මෙන්ඩිස් විශ්ව කර්මයෙක්ද කියලා. ගුරුවරයෙක්, නළුවෙක්,
පිටපත් රචකයෙක්, නාට්‍ය නිෂ්පාදකවරයෙක්. මේ සියලු භූමිකා එකට පටලවා නොගෙන ඔබ කොහොමද
මේ විශ්වයේ සැරිසරන්නේ?
පාන්දර 4.30 ට අවධි වුණාට පස්සේ මම රෑ 12.00 ට තමයි නින්දට යන්නේ. අවධියෙන් සිටින
හැම වෙලාවකම මට වැඩ කරන්න පුළුවන්.
සාමයේ ධජ පතාක ළෙල දෙන මේ මොහොතේ කලාකරුවන්
හැටියට අපට රට වෙනුවෙන් කරන්න පුළුවන් දේ අපමණයි. ඒ යුතුකම් හරි හැටි ඉටු කළොත් මට
පිරුණු මිනිහෙක් හැටියට මැරෙන්න පුළුවන්. ඒ නිසා මේක ඇතුලේ මම ගොඩක් දේවල් කරනවා
යහපත් කලාවක් සඳහා.
මම හිතන්නේ ඔබේ කලා දිවිය වගේම ගුරු වෘත්තිය හා බැඳුණු ජීවිතයත් අතිශයින්ම
සුන්දරයි?
මගේ ගුරු ජීවිතයට මේ පසුගිය ජූලි 05 වනදා අවුරුදු තිහක් සම්පූර්ණ වුණා. ගුරුවරයෙක්
හැටියට මට මුලින්ම පත්වීම ලැබුණේ 1979 ජූලි 05 වැනිදා. ඒක තවමත් මට සොඳුරු
ස්මරණයක්. ඉස්කෝලේ යන්න මම ආසයි. ඊයේ ගිය එක අද මම තළු මරනවා.
මේ ළඟදී දවසක මම වැලිපැන්න ප්‍රදේශයේ එක්තරා පාසලකට ගියා. සුදු ඇඳුමින් සැරසුන
දැරිවියන් අතර සිටි එක් දැරිවියක් වෙත මගේ නෙත් එක් වරම ඇදී ගියා. ඇයට වයස අවුරුදු
පහළොවක් දාසයක් විතර ඇති.
ඈ ඇඳගෙන සිටි ගවුම කහ පැහැතියි. ජීවිතේටම පාවහන් දමාගෙන
පාසලට ඇවිත් නැහැ මේ දැරිවිය. ඇගේ අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතර නැහැ.
මම ඇයට
යම් මුදලක් දුන්නා අනෙක් ළමයි වගේම සුදු ගවුමෙන් සැරසිලා, පාවහන් දාගෙන පාසලට එන්න
කියලා. ඈ එහෙම පාසලට එන දවසට වැලිපැන්නට ගිහින් බලන්න මට ආසයි. ජීවිතේ මේකයි. ඒ
ගුරු ජීවිතයේවසර තිහක් පුරා මා ලැබූ විවිධ අත්දැකීම් ඇසුරු කරගෙන පොතක් ලියන්නත්
මා කටයුතු කරගෙන යනවා.
සංවාදය - අසංක දේවමිත්ර පෙරේරා
ඡායාරූප -
ටෙනිසන්
එදිරිසිංහ
|