කලා පුවත්
City Hits හරහා කෙටි චිත්‍රපට දහයක්
සිනමාවේ මූලාරම්භය ලෙස ඇතැමෙක් පවසන ‘කෙටි චිත්‍රපට’ තරගාවලියක් ලෙසින් මේ දිනවල
City Hits නාලිකාව ඔස්සේ විකාශය වේ. නිමල් ලක්ෂපති ආරච්චි මහතාගේ සංකල්පය අනුව
ආරම්භ කළ මේ තරගාවලිය මෙවර පවත්වනුයේ දෙවැනි වරටය. City Hits
Season 02 ලෙසින් මේ
දිනවලදී විකාශය වන එහිදී අවසානයේ තෝරා ගත් කෙටි චිත්‍රපට ගණන දහයකි. මේ චිත්‍රපට
දහය ඉදිරියේදී Traveling Festival ලෙසින් රට පුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
කෙටි චිත්‍රපට තුන්සිය අසූ හතරක් අතුරන් තෝරා ගත් මේ කෙටි චිත්‍රපට දහයෙහි
විශේෂත්වය වන්නේ ඒ අතර කාන්තා පාර්ශ්වය නියෝජනය කරමින් අධ්‍යක්ෂිකාවන් දෙදෙනෙක් ද
තමන්ගේ නිර්මාණ එළි දක්වා තිබීමය.
දිනිති ජයසේකරගේ ‘ආගන්තුක පුත්‍රයා’, ගීතානි සෙනෙවිරත්නගේ ‘සම්මා දිට්ඨිය’, රංජිත්
සිංහරාජගේ ‘3rd World’ ද රූපවාහිනී ක්ෂේත්‍රයේ දක්ෂ කැමරා ශිල්පියෙකු වන තිසර
තුල්වාන්ගේ ‘Augery’ මෙන්ම දිනුත තිමන්තගේ
‘Sir’ ඉරේෂි ලොකු බණ්ඩාරගේ පර්යේෂණාත්මක
කෙටි චිත්‍රපටයක් වන ‘Laugh’, දිනුක්ෂ වත්තේගමගේ
‘Mirecle’ නිදහස් මාධ්‍යවේදියකු
වන නලීන් චමින්ද මීමනගේ ගේ ‘සපත්තු කුට්ටම’, ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ
අංශයේ නිෂ්පාදකවරයකු වන උපාලි ගම්ලත් ගේ ‘දුම්රිය එනතුරු’, බිමල් දුශාන්තගේ ‘සුදු
සිහිනය’ යන චිත්‍රපට එසේ තෝරා ගත් කෙටි චිත්‍රපට දහය වේ.
මේ චිත්‍රපට දහය City Hits නාලිකාව ඔස්සේ විකාශය වන අතරතුර දී එය නරඹන
ප්‍රේක්ෂකයන් හට තමන්ගේ රුචි අරුචිකම ප්‍රකාශ කිරීම සඳහා ඩයලොග් ආයතනයෙන් අවස්ථාවක්
ලබා දී තිබේ.
සටහන - හර්ෂනී
කපුගේ ජන්ම දින ගුණ සැමරුම හෙට මිරිස්වත්තේ දී
විශාරද ගුණදාස කපුගේ කලාකරුවාගේ හැට හතර වැනි ජන්ම දිනය නිමිත්තෙන් හෙට 07 දා
සිකුරාදා ඒ මහතා උපත ලැබූ ඒරමුල්ල මිරිස්වත්ත ග්‍රාමයේදී ජන්ම දින ගුණ සැමරුමක් සහ
ලේ දන්දීමේ වැඩ සටහනක් සංවිධානය කර තිබේ.
එදින උදෑසන 8.00 ට කපුගේ ස්මාරකය අසල දී ගුණදාස කපුගේ මහතාගේ මෑණියන් සහ නෑ හිත
මිතුරන්ගේ සහභාගිත්වයෙන් පුෂ්පෝපහාරයක් පැවැත් වේ. අනතුරුව උදෑසන 9.00 සිට සවස 4.00
දක්වා ලේ දන්දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කෙරේ.
මෙසේ පරිත්‍යාග කරන ලේ රණවිරුවන් ඇතුළු රෝගීන්ට පිරිනැමේ.
හර්ෂනී
පියුමිකාගේ කල එළි මංගල්‍යය 07 වැනි දා
කළ එළි මංගල්‍යය ජීවිතයේ විවිධ කඩඉම් වලදී මනුෂ්‍යයාට ඉතාම සමීපය. මේ කලා ලොවේ
එවැනි අනගි අවස්ථාවකි ඇය පාසල් වියේදීම එම භාග්‍යය ලබන්නීය. ඒ තම ආදරණීය නර්තන
ආචාරිනී සන්ධ්‍යා බමුණුවිටගේ ගුරුහරුකම් ද ඇතිවය.
කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන පියුමිකා විජේසිංහ නම් වන ඇයගේ කුලුඳුල් භරත
නාට්‍ය රංගනය මෙම මස 07 වැනි සිකුරාදා තම මවු රංග භූ®මිය වන විශාඛා විද්‍යාලයීය
ශාලාවේදීම පවත්වන්නට කටයුතු යොදා තිබේ.
පෝල් කොක්
රෝගාතුර වේ
ශ්‍රී ලාංකේය සිනමා රසික ප්‍රසාදය දිනා ගත් Island ඇතුළු සම්මානනීය චිත්‍රපට රැසක්
ජාත්‍යන්තර සිනමාවට එක් කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ පෝල් හෙන්රිකස් කොක් අක්මාවේ
පිළිකා රෝගයෙන් පෙළෙන බව ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ සරසවියට කීවාය.
ජාත්‍යන්තර කීරතියක් දිනා සිටින මේ නිර්මාණකරුවාට උපහාර පිණිස මේ මස 08 වන දා
මෙල්බර්න් හි දී චිත්‍රපට උළෙලක් හා ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත් වෙනවා.
මේ සිනමා
සහෘදයාගේ සුවදුක් බලන්න හෙට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන අනෝජා වීරසිංහ ආශ්චර්යකින්
හෝ පෝල් කොක් ගේ රෝගී තත්ත්වය ඉක්මනින් සුව අතට හැරේවායි සාමුහික ප්‍රාර්ථනාවක
යෙදෙමුයි මෙරට සිනමා රසවතුන්ගෙන් කාරුණික ඉල්ලීමක් ද කරනවා.
රණවිරු සාගර
පුංචි
තිරයට
දැනටමත් ටෙලි නාට්‍ය හතරක්
රට දැය සුරැකූ® විරුවකු ලෙසින් ඔහු ලැබුවේ අසීමිත ජනප්‍රියත්වයකි. රණවිරුවකු ගේ
දිරිය ශක්තියට රටපුරා එල්ලා තිබූ කටවුට්, පෝස්ටර් වලට සාම්පූර්හිදී ලබාගත් ඔහුගේ
තේජාන්විත රුව සහ බැනර් යොදා ගැනුණි. ඒ හරහා ඔහුට පෙර කියූ සේම තරුවකගේ
ජනප්‍රියත්වයක් ලැබුණි.
ඔහු සාගර රණසිංහයි. සාගර රණ බිමෙන් ඔබ්බට යමින් දැන් මෝස්තර නිරූපණයටද රංගනයට ද
පිවිස සිටී. සාගර හා හා පුරා කියා රංගන අත් පොත් තැබුවේ ශ්‍රියානි අමරසේන හරහායි.
ශ්‍රියානි මේ දිනවල අධ්‍යක්ෂණය කරමින් සිටින සුන්දර විරාමයක් ටෙලි නාට්‍යයේ හෝටල්
කළමනාකරුවකුගේ චරිතයකට සාගර පණ පෙව්වේය. සනත් අබේසේකරගේ ආදර රිද්ම ටෙලි නාට්‍යය
සාගර රඟපෑ දෙවැනි ටෙලි නාට්‍යයයි. එහි සාගර සැබෑම දඩබ්බරයෙකි.
සාගරට තෙවැනි වරට රඟන්නට වරම් ලැබී ඇත්තේ සඳුන් රාජකරුණාගේ චංචලා ටෙලි සිතුවමේය.
එහි සාගර, ශාන්ත නම් කඩවසම් ජව සම්පන්න තරුණයකුගේ චරිතයක් රඟපෑමට නියමිතයි. සාගරට
රඟන්නට ලැබෙන හතර වැන්න චන්දික නානායක්කාරගේ ඊතිං ඊට පස්සේ වෙයි.
පුංචි තිරය හරහා සිය සිතැඟි ඉටු කර ගන්න සාගරට සරසවිය සුබ පත්තනීය. 0718322534
සාගරගේ දුරකතන අංකයයි.
- නුවන්
වෙබ් පිටු සැකසුම - රේඛාවෝ මාවතගම
|