MY ALBUM

දයානන්ද රොඩ්රිගෝ අධ්‍යක්ෂණය කළ අනූෂා චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂවරයා මෙන්ම සටන් නළුවකු ලෙසින් සිංහල සිනමාවට එක් වූ ටෙඩී විද්‍යාලංකාර මේ වන විට චිත්‍රපට පන්සිය හතකට පමණ රංගනයෙන් දායක වී ඇත.

දශක තුනකටත් අධික කාලයක් පුරා සිනමාවේ රැඳුණු ටෙඩී බහුල වශයෙන් දුෂ්ඨ චරිත රංගනයේ නියැලිනි. සටන් ශිල්පීන් මෙන්ම ස්ටන්ට් ශිල්පීන් රාශියක් සිනමාවට හඳුන්වා දීමේ ගෞරවයට ද පාත්‍ර වී සිටින ටෙඩී චිත්‍රපට උදෙසා තම දිවි පරදුවට තබා පනිනු ලැබූ බිහිසුණු පිමි ප්‍රමාණය ද සුළු පටු නොවේ.

චිත්‍රපට හාරසිය පණහක පමණ සටන් අධ්‍යක්ෂණය කොට ඇති ටෙඩී ටෙලි නාට්‍ය රංගනයට ද අවතීර්ණ විය. ගෞතමී, සිහින කුමාරි, එක් මෘගාන්ගනාවියක් ටෙලි නාට්‍ය සඳහා ද දායක විය.

අනූෂා, රජ වැඩකාරයෝ, පෙරළිකාරයෝ, දෙමෝදර පාලම, රන්දෙණිගල සිංහයා චිත්‍රපට ටෙඩීගේ රංගන දිවියේ කැපී පෙනෙන නිර්මාණ අතරින් කිහිපයකි. ඔහුගේ රංගන චාරිකාවේ වෙනස් මඟක් ගත් නිර්මාණ අතරින් බදුලු කෝච්චිය, මතු යම් දවස චිත්‍රපට නිර්මාණ කැපී පෙනේ. සටහන - චන්දන

ටෙඩී විද්‍යාලංකාර වයස අවුරුදු දෙක හමාරේදී.

 

ටෙඩී විද්‍යාලංකාර මුල් වරට සිනමාවට එක් වූ අනූෂා චිත්‍රපටයේ රංගනයේ නියැලෙමින්.

ටෙඩී වයස අවුරුදු දාහතේදී.

ටෙඩීගේ මව ලලිතා ජයසිරි සහ නැගණිය රමණි විද්‍යාලංකාර.

 වෝටර් චිත්‍රපටයේ රංගනයේ නියැලි ටෙඩී ජනප්‍රිය හින්දි චිත්‍රපට නළු ජෝන් ඒබ්‍රහම් සමඟ.

බිරිය ඈන් සමඟ ටෙඩී රංගන පෙරහුරුවක නියැලි මොහොතක්.

ටෙඩී විද්‍යාලංකාර දකුණු ඉන්දියානු චිත්‍රපට නළු විවේක් සමඟ.

සිංහල සිනමාවේ ප්‍රවීණ සටන් ශිල්පීන් වන ටිරෝන් මයිකල්, විල්සන් කරු, සරත් ද සිල්වා එකට හමු වී ටෙඩී සමඟ ඡායාරූපයකට මුහුණ දුන් විරල අවස්ථාවක්.

 මදර් තෙරේසා චිත්‍රපටයේ මහත්මා ගාන්ධි ලෙස රංගනයේ නියැලි අමෙරිකානු ජාතික නළු කෙන්ට්මවුන් ගොමරි සමඟ

රජ වැඩකාරයෝ චිත්‍රපටයේ ටෙඩී ජනකාන්ත නළු විජය කුමාරතුංග සමඟ රංගනයේ නියැලි මොහොතක්.

ටිරෝන් මයිකල්, ටෙඩී, ජීවන් කුමාරතුංග, ඈන් සෙනෙවිරත්න, ටිරෝන් මයිකල්ගේ බිරිය ශාන්ති සමඟ.

ටෙඩී ප්‍රිය බිරිය ඈන් සෙනෙවිරත්න සමඟ විවාහ ගිවිස ගත්දා.

දෙමෝදර පාලම චිත්‍රපටයේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ.

සාජන් සින්න තම්බි වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය දා ටෙඩී, විල්සන් කරු, සැන්ඩෝ හැරිස්, රන්ජන් රාමනායක සමඟ.

 
 
 
  •  
  •