ඇන්ජලින් Rock With the boy’s 9 වැනිදා B. M. I. C. H හිදී
ඇන්ජලින් Rock With the boy’s
9 වැනිදා B. M. I. C. H හිදී
ප්රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක ගේ මියුරු ගායනා ඇතුළත් ‘ඇන්ජලින්
Rock With the boy’s’ සජීවි සංගීත ප්රසංගය මෙම 09 වැනි දින සවස 6.30 ට කොළඹ බණ්ඩාරනායක
ජාත්යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.
එදින ඇන්ජලින් හට යුග ගී ගායනයෙන් දායක වන්නේ නව පරපුරේ ජනප්රිය ගායන ශිල්පීන් වන
අමල් පෙරේරා, නලින් පෙරේරා, ශිහාන් මිහිරංග සහ දුෂ්යන්ත් වීරමන්ය.
ඇන්ජලින් Rock With boy’s ප්රසංගය සඳහා නර්තනයෙන් දායක වන්නේ නිලන්ති ඩයස්, සුරේෂ්
ගමගේ, ඕෂධී හේවාමද්දුම, සුරාජ් මාපා, මුතු තරංගා, ගයාන් වික්රමතිලක, නුවන්
ගුණසේකර, නයුමි ඕෂිනී, මධූෂා දිල්ෂානි යන නර්ථන ශිල්පීන්ය. සත්සර රාවයෙන් ප්රසංගය
රසවත් කරන්නේ නලින් පෙරේරා ප්රමුඛ ‘මේරියස්න්’ සංගීත කණ්ඩායමයි. ශාන් පෙරේරා නර්ථන
උපදේශකයා ලෙස කටයුතු කරයි.
ප්රසංග සංවිධායකවරියක හා මාධ්යවේදිනියක වන දමයන්ති දිල්රුක්ෂි මෙම ප්රසංගය
සංවිධානය කරනු ලබයි.
රෝහණගෙන්
ගෞරවනීය
වැඩක්
ප්රවීණ සංගීත අධ්යක්ෂවරයකු වන රෝහණ වීරසිංහයන් මේ දිනවල නම් ටිකක් කාර්ය බහුලයි.
සෝමරත්න දිසානායකගේ ‘බින්දු’ චිත්රපටය සඳහා සංගීතය මුසු වන්නේ රෝහණ වීරසිංහයන්
අතින් නිසා ඔහු පසුගිය දින කීපය ගත කළේ ඉන්දියාවේ.
ඉන්දියාවේ ‘ප්රසාද්’ චිත්රගාරයේදී ‘බින්දු’ සඳහා සංගීතය මුසු කිරීමේ කටයුතු අවසන්
කරමින් රෝහණ වීරසිංහ මෙරටට පැමිණියේ පසුගිය සතියේ.
එසේම රෝහණ වීරසිංහයන් මේ දිනවල තවත් එක් සුවිශේෂී කාර්යයකට අත ගසා තිබෙනවා.
ඒ, හැටේ දශකයේ සිට මේ දක්වා විශාරද නන්දා මාලිනියගේ හඩින් ගැයුණු, මෙතෙක් තැටිගත
නොකළ ගීත ඇතුළත් සංයුක්ත තැටියක් එළි දැක්වීමයි.
ප්රේමසිරි කේමදාස, ලයනල් අල්ගම මෙන්ම අමරදේව හා සෝමදාස ඇල්විටිගලගේ තනු නිර්මාණ
සඳහා නන්දා මාලිනිය එදා මෙදාතුර ගැයූ ගීත ඇතුළත් එම සංයුක්ත තැටිය ළඟදීම රසික ඔබ
අතට පත් වේවි.
- හර්ෂනී
වෙබ් පිටු සැකසුම - රේඛාවෝ මාවතගම
|