ආදර රිද්ම ෂූටිං ඉවරයි
රණවිරු සාගර රණසිංහ මෙහි ප්‍රබල චරිතයකට පණ පොවයි
සනත් අබේසේකර ගේ ටෙලි නිර්මාණයකි.
දෙහදක ආදරය හරි අපූරුවට කියාපාන ආදර රිද්ම නම් වූ හරි අපූරු ටෙලි සිත්තමෙහි සියලු
රූගත කිරීම් මේ වන විට නිම වී තිබේ.
 |
සරත් චන්ද්‍රසිරි, සාගර රණසිංහ සමඟ
|
ආදර රිද්ම සනත් අබේසේකරගේ ටෙලි නිර්මාණයකි.
ධනවත් ව්‍යාපාරික පුතෙකු වන ආදිත්‍ය, කෞෂි නම් මධ්‍යම පාන්තික යුවතියකට පෙම් බැඳීම
හා ඒ ආදරයට එල්ල වන විවිධ වූ ප්‍රශ්න, අභියෝග ආදර රිද්ම හරහා කතා කරයි.
ප්‍රවීණ සහ දක්ෂ නළු නිළි රැසකගේ රැගුමින් වර්ණවත් වන මෙහි ක්ලීටස් මෙන්ඩිස්, වීණා
ජයකොඩි, නෙහාරා පීරිස්, කාවිංග පෙරේරා, ජනිත් වික්‍රමගේ, මේධා ජයරත්න, කිංස්ලි
ලෝස්, සුසන්තා චන්ද්‍රමාලි, ගයේෂා පෙරේරා, අසේල සපුආරච්චි, උදයන්ති කුලතුංග, සරත්
චන්ද්‍රසිරි, සරත් දික්කුඹුර, රයන් වැන්රෝයන්, නෙතු ප්‍රියංගිකා, රංජිත් පෙරේරා,
කුසුම් මල්දෙණිය, උදේනි නදීකා, තිමිර උඩලමත්ත, නාමල් පාදුක්ක, ශිවන්ත අර්ථසාද්,
සනත් අබේසේකර, පාලිත නානායක්කාර, සුගත් ජානක, උද්දික ප්‍රේමරත්න, ස්ටැන්ලි
ක්‍රිෂ්ණරත්න, තුෂාරි වේහැල්ල, දුනිශා මධුෂාණි, අයෝධ්‍යා දක්ෂිණා ඇතුළු පිරිසක්
මෙහි රඟති.
මේ ආදර රිද්ම වීරෝදාර රණවිරුවෙකු වූ සාගර රණසිංහ ප්‍රබල රංගනයකින් පුංචි තිරයට
සපැමිණෙන ටෙලි සිතුවම ද වෙයි.
ආදර රිද්ම හි කලා අධ්‍යක්ෂණය සුමති කුඩලිගම ගෙනි. කැමරාව පී. කේ. ලෙනාඩ්ගේය. පටිගත
කරන ලද්දේ රොහාන් බුලත්සිංහලය. නිෂ්පාදනය යොරාකා ෆිල්ම්ස් හි ගයානි තනෝජා අතපත්තුය.
තිර රචකයාද අධ්‍ය්‍යක්ෂවරයා ද සනත් අබේසේකරයන්මය. අංග රචකයා සරත් රණවීර වන අතර සහය
අධ්‍යක්ෂණය රිහාන් රිවිඳුගෙනි.
සටහන- නුවන් මහේෂ්
ඡායාරූප- කුමාර ජයලත්
|