වෙළඳ දැන්වීම් අතර සැරිසරන පුංචි යොහාන් හදුනා ගනිමු

කටේ කිරි සුවඳ යන්නටත් මත්තෙන් කලා ලොවට අවතීර්ණ වූ පොඩිත්තන් බොහෝ සිටියි. එසේ සපැමිණි සමහර පොඩිත්තන් කලා ලොවේ බොහෝ දුර ගමනක් ගොස් තිබේ.

අද අප ඔබට හඳුන්වා දෙන්නේ කලා ලොවට පිළිපන් තවත් පොඩිත්තකු ගැනයි. ඔහු නමින් යොහාන් පෙරේරායි.

යොහාන් මේ වන විටත් වෙළෙඳ දැන්වීම් වලින් මෙන්ම චිත්‍රපට හා ටෙලි නිර්මාණ තුළින් ද ඔබ හොඳට දැක පුරුදු පොඩිත්තකු වී හමාරයි.

මීගමුව මාරිස්්ටෙලා විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන යොහාන් වෙළෙඳ දැන්වීමක් සඳහා මුලින්ම ඉදිරිපත් වන්නේ් 2005 වසරේදීයි. ඒ යොහාන් පාසලේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සමයේදීය.

‘නෙස්ලේ සීරියල්, කාගීල්ස් ෆුඩ් සිටි හි නත්තල් සීයා සමඟ, ස්වර්ණ මහල් ෆයිනෑන්ෂියල්, හෙලන් බිස්කට්, ගෝ ජෙලි, රන් පෝෂ, ඩයලොග්, මැලිබන් ක්‍රීම් ක්‍රැකර්, නිව්ඩේල් යෝගට්, කාගිල්ස් කිස්ට් සෝස්’ ආදී බොහෝ වෙළෙඳ දැන්වීම් සඳහා මේ වන විටත් රංගනයෙන් දායක වී ඇති යොහාන් පසුගිය දිනවල රූපවාහිනියෙන් ඔබ හමුවට පැමිණි පුංචි හපනෙක්.

ඒ චන්න පෙරේරාගේ ‘ටිකිරි හපන්නු’ හි ‘මිතු’ ගේ චරිතයට පණ පොවමින්. විටෙක දඟකාර, තවත් විටක බයාදු ‘මිතු’ කෑමට නම් හරිම කෑදරයි.

ශානි සොයා යන ගමනේ පෙරමුණ ගන්නා ඒ ‘මිතු’ ට පණ දුන් යොහාන් රිදී තිරයට පැමිණියේ උදයකාන්ත වර්ණසූරියගේ ‘ආසයි මං පියාඹන්න’ සිනමා සිත්තමෙන්.

‘උදයකාන්ත මාමයි, රොෂාන් අයියයි ‘ආසයි මං පියාඹන්න’ චිත්‍රපටයේ රඟපාන්න මට හුඟාක් උදවු වුණා. මං එහි රඟපෑවේ ‘තිසල්’ ගේ් චරිතය.

ඒ චිත්‍රපටයේදී රොෂාන් අයියා මගේ මාමා කෙනෙක් වෙනවා. මුලදී බයක් දැනුනත් බයක් නැතිව කැමරාවට මූණ දෙන්න ඒ අය නිසා මට පුළුවන් වුණා.

ඉන් පසුව මට රඟපෑමේ අවස්ථාව හිමි වුණේ ධම්මික සිරිවර්ධන මාමාගේ ‘රෝස කැලේ’ චිත්‍රපටයේයි. එහි ශැගී ලෙසින් දඟකාර චරිතයටයි යොහාන් පණ දුන්නේ.

ඉන් අනතුරුව ‘ආදරයේ නාමයෙන්’ චිත්‍රපටයේ රඟපෑවා. ‘ආදරයේ නාමයෙන්’ චිත්‍රපටයට මාව තෝර ගන්න එක හේතුවක් වුණේ මගේ නර්තන හැකියාව. මොකද වෙළෙඳ දැන්වීම් සඳහා යොමු වුණු කාලෙදිම මගේ අම්මයි තාත්තයි මාව නැටුම් පන්තියකට යැවුවා.

ඒ වගේම හාට් එෆ්. එම් චිත්‍රපටයේ ‘පින්බර මවු බිම’ ගීතයේ රූප රාමුවකටත් පෙනී සිටියා. ඒ වගේම වාර්තාමය වැඩ සටහන් කීපයක් සඳහාත් දායක වෙලා තියෙනවා.

‘අහිමි විය ළමා විය’, ‘හොඳ පුරුදු’ හා නැවක කතාන්තරයක් රැගත් කතා පුවතක් සමඟින් යොහාන් රඟපෑ ඒ වාර්තාමය වැඩ සටහන් ඉදිරියේදී විකාශය වීමටයි නියමිතව තිබෙන්නේ.

රැඟුමට මෙන්ම නැටුමටත් හපන් යොහාන් පවසන්නේ තමාට මෙවැනි දස්කම් පෑමට හැකි වූයේ තමා පසුපසින් බොහෝ දෙනෙකු සිය සෙවණැල්ල මෙන් රැඳී සිටි නිසා බවයි.

යොහාන්ගේ ලිපිනය: 81/2, බසියාවත්ත, මීගමුව.
දුරකතන අංක: 0312234253 - 0713074183


ජාතික රූපවාහිනිය ඔස්සේ සතියේ දිනවල සෑම උදෑසනකම විකාශය වන ‘ආදරණීය යෞවනය’ වැඩ සටහනට දෙවසරක් සපිරීම නිමිත්තෙන් එම ‘ආදරණීය යෞවනය’ වැඩසටහන පසුගියදා උත්සවාකාරයෙන් රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.

උපුලි චන්න නර්තනායතනයේ සිසු සිසවියන් නර්තනාංගයක් ඉදිරිපත් කරමින්.

තරුණ මැජික් ශිල්පී හෂාන් ප්‍රනාන්දු පැමිණ සිටි පිරිසට මැජික් දර්ශනයක් ඉදිරිපත් කළ අයුරු.

එම අවස්ථාව සඳහා කලා ලොවේ විශාල පිරිසක් ද ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ එම මැතිනියද, වෘත්තීය හා කාර්මික පුහුණු ඇමැති පියසේන ගමගේ මහතා, රූපවාහිනී සංස්ථාවේ සභාපති මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

 

 
 
 
  •  
  •