අලි පැටියයි කොලු පැටියයි කෙලි පොඩ්ඩියි වැඩේ හොඳට කළා
බිංදු සමගින් යළි ඔබ හමුවන රේණුකා බාලසූරිය
“බිංදු“ අලි මිනිස් ගැටුම තේමා කර ගනිමින් සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය එක්ව
තැනූ නවතම චිත්‍රපටයි. “ සරෝජා, “පුංචි සුරංගනාවී”, “සූරිය අරණ”, “සමනළ තටු, “සිරි
රජ සිරි” ඔවුන් දෙපළ අපේ සිනමාවට දායාද කළ සෙසු චිත්‍රපට අතර වේ.
“දෙස්, විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ එම චිත්‍රපට වඩාත්ම ජනපි‍්‍රය වූයේ අපේ
ළමා පරපුර අතරය. බිංදු එහි අලුත්ම සාමාජිකයායි. නිෂ්පාදිකා රේණුකා බාලසූරිය තම නවතම
සිනමා නිර්මාණය පිළිබඳ අප හා සුහද පිළිසඳරකට එක්වූයේ මෙලෙසිනි.
කවුද මේ බිංදු....?
බිංදු කියන්නේ අලි පැටියෙක්. චිත්‍රපටයේ එයා බිංදු වුණාට කණ්ඩුල තමයි එයාගේ ඇත්ත නම
. තිත්සමහාරාම පන්සලේ පොඩි අලි පැටියා. බිංදු ගේ අම්මා සීතා. ඒ චිත්‍රපටයට විතරයි.
සීතා මීරිගම වීරසිංහ මහත්තයාගේ ඇතින්න. මේ දෙන්නම අපේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත
රඟපෑවා.
අපේ සිනමාවේ ඕනෑ තරම් “ අලි සුරතල් “ අප දැක තිබෙනවා. නමුත් ‘ බිංදු ‘ එම ආරේ
චිත්‍රපටයක් නෙවෙයි?
නැහැ, බිංදු කියන්නේ නිකම් අලි ප්‍රදර්ශනය කරන චිත්‍රපටයක් නොවේ. අලි රඟපාන
අලින්ගෙන් වැඩක් ගත්ත චිත්‍රපටයක්. අනෙක මෙහි ප්‍රධාන තේමාව වෙලා තියෙන්නේ අලි
මිනිස් ගැටුම. එය පසුබිම් කරගෙනයි අපි චිත්‍රපටය තැනුවේ. හඳපාන්ගල, කෙංහත,
තණමල්විල, වගේ ප්‍රදේශවල ගිහින් අපි මේ අලි මිනිස් ගැටුම ගැන නොයෙක් පර්යේෂණ
සිදුකළා. වසර දෙකක් විතර අලි ගැන හොයන්න දහ දුක් වින්දා.
2008 අගෝස්තුවල ඉඳන් අපි හේනක් වැව්වා. මේ හේනට රුපියල් ලක්ෂ තිහක විතර මුදලක් වැය
වුණා. වැවක් සුද්ද පවිත්‍ර කරලා තමයි අපි හේන හැදුවේ. එතන මුලින් තිබ්බේ තඩිවලක්.
දවස් තුනක් බැකෝ එකකින් ඒ බිම සකස් කළා.
මොනවද හේනේ වගා කළේ?
බඩ ඉරිගු, අබ, මුං, එළවළු මේ හැමදේම ඒ හේනේ අපි වගා කළා. ගම්වැසියන් පිරිසක් තමයි
හේන වගා කළේ. අස්වැන්නත් අපි ඔවුන්ටම නෙලා ගන්න දුන්නා. හේනේ පැල්කොටය රූගත
කිරීම්වලට මාස ගාණකට කලින් හැදුවේ. අපිට ඕනෑ වුණේ ස්වභාවික විදිහට ඒ දේවල් නිර්මාණය
කරන්න. සෝමෙයි, කලා අධ්‍යක්ෂක සුනිල් විජේරත්නයි එහෙ මාස ගණන් නතර වෙලා හිටියා ඒ
වැඩකටයුතුවලට.
සීගිරිය සහ අලකොලවැව තමයි ප්‍රධාන දර්ශන තල ඉදිවුණේ. පින්නවල අලි අනාථාගාරයේත් අපි
දර්ශන කිහිපයක් රූගත කළා.
“ අලි “ හසුරවන එක “මිනිස්සු” හසුරනවාට වඩා අසීරු දෙයක්. නමුත් “බිංදු “ චිත්‍රපටයේ
“ අලි “ ත් අපේ නළු නිළියෝ එක්ක කරට කර රඟපානවා.
“ බිංදු “මාධ්‍ය දර්ශනය නැරඹූ නිසා ඔබ ඒ අත්දැකීම වින්දා. ඇත්ත. ඒ “ අලි “ ත් හොඳට
රඟපෑවා. සෝමේත් ගොඩක් මහන්සි වුණා අලින්ගේ රඟපෑම් උපරිමයෙන් ගන්න. අලි පැටියා
පුහුණු කරන්න අපි ප්‍රකාශ් සිංව ඉන්දියාවේ ඉඳලා ගෙන්නුවා. “ජෝදා අක්බාර් “ ඇතුළු
හොලිවුඩ් බොලිවුඩ් චිත්‍රපට රැසක සතුන් රාශියක් පුරුදු, පුහුණු කළේ ඔහු. අපේ “
සූරිය අරණේ “ කොටියා පුහුණු කළේත් ප්‍රකාශ් සිං. අන්තිමට තිස්සමහාරාමයේ “කණ්ඩුලයි,
මීරිගම “සීතයි”, කිරිවෙහෙර පන්සලේ “සාලිය “ යයි සීගිරියේදී එකට එකතු වුණා.
මෙවැනි තේමාවක් යටතේ චිත්‍රපටයක් නිර්මාණය කරන එක සෑහෙන අභියෝගයක්. මොකද එහි
වාර්තාමය ස්වරූපයක් ඇති වෙන්න ඉඩ තිබෙන නිසා. “බිංදු “ හරහා මේ අභියෝගය ජයගත්තා
කියා ඔබ සිතනවාද....?
මේ චිත්‍රපටයේ ප්‍රධාන තේමාව අලිමිනිස් ගැටුම වුණාට අපි එහි වාර්තාමය ස්වරූපය
ඉක්මවා යන විදිහේ නිර්මාණාත්මක බවක් “බිංදු “ ට එක් කරන්න උත්සාහ කළා. අලි පැටියයි,
කොලු පැටියයි, කෙළි පොඩ්ඩියි තමයි අපි ඒ කාර්යයට පුමුඛව දායක කර ගත්තේ. මම හිතනවා
අපේ උත්සාහය සාර්ථක වුණා කියලා.
“බිංදු” ගැන අපට කිව්වනේ. එතකොට කවුද මේ කොලු පැටියයි, කෙලි පොඩ්ඩියි.....?
චිත්‍රපටයේ දී මේ කොලු පැටියගේ නම “මුතු” වුණාට එයාගේ සැබෑ නම සචින් මෙන්ඩිස්. එයා
අපේ දසුන් මධුසංඛ පුතාගේ මල්ලි. ‘ සූරිය අරණ ‘ කරන කාලේ සචින්ට වයස අවුරුදු
එකහමාරක් විතර ඇති. දැන් එයාට අවුරුදු අටක්. එතකොට “මලී” විදිහට රඟපාන දුවගේ නම
ඉෂාදි රුවන්දිකා. තුන්දාහක විතර ළමයි පිරිසක් අතරින් තමයි අපි මේ දෙන්නව තෝරා
ගත්තේ.
අලි මිනිස් ගැටුම කොළඹ අපට නොදැනුණාට අද එය දරුණු සමාජ ඛේදවාචකයක් බවට පත්වෙලා.
ඇත්තටම මේ චිත්‍රපටයෙන් ඒ පිළිබඳ සැබෑ යථාර්ථය හෙළිදරව් වුණා ද.....?
කොළඹ ඉඳන් ගිහින් බලනකොට අපිට අලි ජොලිනේ. ඒක අපට ෂ;නීදයක් වුණාට අලිත් එක්ක එකට
ජීවත්වෙන මිනිසුන්ට අලි, වසංගතයක්, මාරකයක්. අපි අලි අහිංසකයි කිව්වාට ඒ අයට එහෙම
නෑ. අපි සීගිරියේ ඉන්න දවස්වල අවුරුදු දහ නවයක ගෑනු ළමයෙක් අලියකුගේ පහරදීමෙන් මිය
ගියා. එතකොට කුමාරි මුණසිංහලාගේ තාත්තා අලි ප්‍රහාරයට ලක් වුණෙත් ඒ ප්‍රදේශයේදීමයි.
අපේ පැත්තෙන් බැලුවොත් ඒක ලොකු ඛේදවාචකයක් වුණාට අලියාටත් තමන්ගේ අයිතිවාසිකම්
තියෙනවා. කවුද හරි, කවුද වැරදි කියලා විග්‍රහ කරන්න නෙවේ අපි උත්සාහ කළේ. මානුෂීය
පැත්තෙන් මේ දිහා බලන්න. ගැටුම විසඳන්න නෙවෙයි දැනුවත් කිරීමකුයි අපි මේ
චිත්‍රපටයෙන් සිදුකළේ. අනෙක් පැත්තෙන් සානුකම්පිතව මේ ප්‍රශ්නය දෙස බලන්න.
සුපුරුදු නළුනිළියන්ගේ, නුපුරුදු රංගන රටාවන් අප මේ චිත්‍රපටයෙන් දැක්කා. උදාහරණයක්
තමයි ජයලත් මනෝරත්න...?
මනෝරත්න ප්‍රථම වතාවට තමයි ඒ විදිහේ කොළඹ හාදයෙක්” වුණේ මම හිතන්නේ. එයා අර පොඩි
ළමයි දෙන්නවයි, අලි පැටියවයි යාළු කරගෙන ඒක ව්‍යාපාරයෙක් බවට පත් කර ගන්න උත්සාහ
කරන කෙනෙක්. ඒ වැඩේට “සාපිනුත් “හවුල් වෙනවා. සාපින්ට රඟපාන්නේ කුමාර තිරිමාදුර.
“චරන්දාස් “නාට්‍යයේ ප්‍රධාන නළුවා ජයන්ත මුතුතන්ත්‍රී තමයි “මුතු “ ගේ පියාගේ
චරිතය නිරූපණය කරන්නේ. මන්ත්‍රීවරයා සරත් කොතලාවල. ජයනි සේනානායක, අතුල ලියනගේ,
ලලිත් ජනකාන්ත මේ හැමෝම තමන්ගේ චරිත ඉතාමත් හොඳීන් රඟපෑවා.
දැනට අපේ සිනමාවේ වයස්ගතම නිළියත් මේ චිත්‍රපටයේ රඟපානවා...?
අනේ ඔව්. ඩොටී ඇන්ටි. එයාට දැන් අවුරුදු අසූවත් පැනලා. ඒත් තාම හොඳට කන් ඇහෙනවා.
ඇස් පේනවා. හරි අපූරුවට එයා මේ චිත්‍රපටයේ රඟපෑවා. ඩොටී ඇන්ටි ප්‍රවීණ ගායිකා රූපා
ඉන්දුමතීගේ මව.
“බිංදු” නරඹපු මගේ මාධ්‍ය සගයෙක් කිව්වේ, මේකත් ‘සූරිය අරණ ‘ ෆෝමැට් එකේම
චිත්‍රපටයක් කියලයි....?
නැහැ. “බිංදු “ හාත්පසින්ම “සූරිය අරණ, ට වෙනස් චිත්‍රපටයක්. හැබැයි මේ චිත්‍රපට
දෙකම රූගත කළේ වනන්තරේ. ඒ පාරිසරික සම්බන්ධය නිසා පොඩි නෑකමක් තිබුණත් තේමාව අතින්
මේ දෙක එකිනෙකට වෙනස්. හැබැයි මේ චිත්‍රපට දෙකේම වනයේ සුන්දරත්වය නම් තිබුණා. රෝහණ
වීරසිංහයන් මෙයට නිර්මාණය කළේ වෙනස්ම සංගීතයක්. ලස්සන ගීතයකුත් එයට ඇතුළත්. සුමින්ද
වීරසිංහගේ කැමරා අධ්‍යක්ෂණයත් චිත්‍රපටයට විශාල මෙහෙවරක් ඉටු කළා. රවීන්ද්‍ර
ගුරුගේ, ඊබට් විජේසිංහ, කාලිංග ගිහාන් පෙරේරා, දමින්ද මඩවල තම තමන්ගේ සුපුරුදු
දායකත්වය මේ චිත්‍රපටයටත් ඉතාම ඉහළින් ලබා දුන්නා.
“ බිංදු “ කියන නමත් එක්ක කෙනෙකුට එක්වර හැෙඟන්නේ මෙය ළමා චිත්‍රපටයක් කියා. නමුත්
මෙය ළමා චිත්‍රපටයක් නෙවෙයි.....?
ළමා ළපටි ඇතුළු සියලු දෙනාටම මේ චිත්‍රපටය නරඹන්න පුළුවන්. අලි, ළමයි හිටියට මේක
ළමා චිත්‍රපටයක් නම් නෙවෙයි.
ළමයින් යොදාගෙන චිත්‍රපටයක් තැනූ පමණින් එය ළමා චිත්‍රපටයක් වෙන්නේ නැහැ. නමුත් අපට
සැබෑ ළමා සිනමාවක අවශ්‍යතාවය තිබෙනවා නේද?
ඇත්තටම මට ආසයි ළමා චිත්‍රපටයක් හදන්න. සෝමේත් ඉන්නේ ඒ අදහසේම තමයි. විශේෂයෙන්ම අපේ
චිත්‍රපටවලට ළමයි පාවිච්චි කරන්නෙ වැඩිහිටි සමාජයට යම් පණිවිඩයක් දෙන්න. ළමයි
ඉදිරියේ හැමෝම සංවේදියිනේ. මිනිසුන් අවධි කරන්න ලේසිම ක්‍රමයත් ඒකයි.
නමුත් ඔබ කිව්වා වගේ ඇත්තටම අපට ළමා සිනමාවක අවශ්‍යතාවය තිබෙනවා. ඒ නිසා ළමයින්
වෙනුවෙන්ම, ළමයින් උදෙසාම තැනූ චිත්‍රපටයක් සෝමේත්, මමත් එකතුවෙලා අනාගතයේදී අපේ
සිනමාවට දායාද කරන්න හිතාගෙන ඉන්නවා.
සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය චිත්‍රපට හදන්නේ ජාත්‍යන්තර සම්මාන බලාගෙන කියලා
මතයක් අපේ සමාජයේ තියනවානේ. මේ චිත්‍රපටයත් ඒ විදිහේ ඉලක්කයක්ද?
ජාත්‍යන්තර සම්මාන දෙනවාට අපි මොනවා කරන්නද? ඒවා අපි ඉල්ලලා ගන්න ඒවා නෙවෙයිනේ.
ලංකාවට ගෞරවයක් අරන් දෙන්න පුළුවන්නම් ඒක අපට ලොකු සතුටක්. ඒක පුරවැසියන්,
කලාකරුවන් හැටියට අපේ යුතුකමකුත් වෙනවා. නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු
ෆැසිපික් සිනමා උළෙලටත් “බිංදු” චිත්‍රපටය ඉදිරිපත් කිරිමට ජාතික චිත්‍රපට සංස්ථාව
මේ වෙනකොට කටයුතු කරමින් සිටිනවා.
ඔබේ චිත්‍රපට ජාත්‍යන්තරයේ ඇගැයුමට මේ තරම් ලක්වෙන්නේ ඇයි....?
මම හිතන්නේ අපේ චිත්‍රපටවල මාතෘකා මුළු ලෝකෙටම පොදුයි.
ජාත්‍යන්තර සම්මාන දිනුවත් තවම ජාත්‍යන්තර වෙළෙඳ පොළ ජයගන්නට අපේ සිනමාකරුවන්ට
හැකිවී නැතැයි මට සිතෙනවා.....?
ඒක නිර්මාණකරුවන්ගේ වැරැද්ද නෙවෙයි. අපේ සිනමාව ජාත්‍යන්තරයට හඳුන්වාදෙන නිසි
ක්‍රමවේදයක් අපට නැහැ. පිටරටවලින් ගෙනල්ලා මෙහෙ ඕනෑ තරම් චිත්‍රපට පෙන්වනවා. ඒවා
ගැන කතා කරනවා. මම හිතන්නේ අපේ චිත්‍රපට ජාත්‍යන්තරයට නොයන ප්‍රධාන ප්‍රශ්නය
භාෂාවයි. ලෝක සිනමාවේ වෙළෙඳ පොළ ජයගන්න එක රාජ්‍ය තන්ත්‍රය හරහායි සිදු වෙන්න ඕනෑ.
රටක්, රටක් ඇතුලේ තිබෙන ගිවිසුම් බල පැවැත්වෙන්නේ ඒ රාජ්‍යතාන්ත්‍රික බව මතයි.
කලාකරුවාට පෞද්ගලිකව එයට මැදිහත් වෙන්න බැහැ. අපි වියදම් කරලා චිත්‍රපට හදනවා. රජය
මැදිහත්වෙලා අපිව ආරක්ෂා කරගන්න ඕනෑ. අපි ජාත්‍යන්තරයට යන්න නම් අපට වෙළෙඳ පොළක්
අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ වගේම ලෝක සිනමාවෙන් හොඳ දේවලුත් අපට අවශ්‍යයි. අපි
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාවත් මේ ගැන දැනුවත් කරලයි තියෙන්නේ. මම
හිතන්නේ අපට ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් එතුමාගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබේවි.
“බිංදු” ප්‍රදර්ශනය වන්නේ කවදාද.....?
දැනට ප්‍රදර්ශනය වෙන “ජූලියා” චිත්‍රපටයෙන් පසුව සැවෝයි ඇතුළු ඊඒපී මණ්ඩලයේ
සිනමාහල්වල “බිංදු” ප්‍රදර්ශනය වීමට නියමිතයි.
සංවාදය -
අසංක
දේවමිත්ර පෙරේරා
ඡායාරූපය -
ටෙනිසන්
එදිරිසිංහ
හැඩ ගැන්වීම -
සමුද්‍ර
සිතුරුවන්
|