|
චරිතාට මැකෝ සම්මානය
 ශ්‍රී ලංකා ජනසන්නිවේදකයන්ගේ සංගමය විසින් සිව් වන වරට පවත්වන ලද ‘මැකෝ’ සම්මාන
2009 උළෙල පසුගියදා ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි.
එහිදී ගායන ශිල්පිණී
මාධ්‍යවේදිනී විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්ට, සෞන්දර්යයේ විවිධ ඉසව් සොයා යමින්
යහපත් අතීතයක් වර්තමානයත් එකට එක් කිරීම වෙනුවෙන් විශේෂ ගෞරව සම්මානයක් පිරිනමනු
ලැබීය.
පාකිස්තාන කොන්සල් කේ. ආර්. චවුඩ්රි මහතා චරිතා ප්‍රියදර්ශනී පීරිස්ට එම
සම්මානය පිරිනැමූ අවස්ථාවයි මේ.
ජගත් වේදිකාව පැත්තේ
මේ දිනවල සිරස සුපර් ස්ටාර් සහ දෙරණ ලන්ඩන් ස්ටාර් සුපිරි තරු තේරීමේ තරගවලදී නිතර
දෙවේලේ ඔබ අප නෙතු ගැටෙන ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ජගත් වික්‍රමසිංහයන් දැන් දැන්
ටිකක් කාර්ය බහුල බවයි අලුත්ම ආරංචිය.
පටිගත කිරීම් කීපයකටම සම්බන්ධ වී කටයුතු කරන ජගත් අලුත් ගීත කීපයකටම සංගීත
අධ්‍යක්ෂණයෙන් දායක වී තිබෙනවා.
‘පොඩි ජෝති’ ගේ අලුත්ම ගීත කීපයකට සංගීතය මුසු කිරිීම් අවසන් කළ බවකුයි ජගත්
සරසවියට කියා සිටියේ.
එසේම යළි වේදිකා ගත වන ‘නැට්ටුකාරි’ වේදිකා නාට්‍ය සඳහා වාදනයෙන් සහ පටිගත කිරීම්
වලින් ද ජගත් දායක වේ. එසේම පසුගිය දිනවලදී වේදිකා නාට්‍ය කීපයකම සංගීත අධ්‍යක්ෂණය
කිරීමේ කටයුතුවල නියැලී සිටි බවත් ජගත් අප හා පවසා සිටියා.
සංගීත ප්‍රසංග කීපයක් සඳහා ඉදිරි දිනවලදී ඕස්ට්‍රේලියාව හා ජපානය බලා පිටත්ව යෑමට
සූදානමින් සිටින මේ විශිෂ්ට ගායකයාට දෙරණ ලන්ඩන් ස්ටාර් හි විනිශ්චය කටයුතු සඳහා
ලන්ඩන් නුවරට යෑමටත් සිදු වී ඇති බවයි වැඩි දුරටත් කියා සිටියේය.
- හර්ෂනී
චාමරට රසික ආදරය
චාමර වීරසිංහ සංගීතය ඇසුරු කරන කාටත් ආගන්තුකයෙකු නොවේ. සිතින් විතරක් ගීතය හරහා
රසිකයන්ගේ හදවතට ගෙවැදි චාමර දකුණේ පින් ඇති, මතකයන් ඔබේ වැනි ගීත හරහා රසික ආදරය
තමා වෙත තවත් ළඟා කරන්නට සමත් වූයේය.
පසුගියදා ‘ආදර අම්මා’ ගීත එකතුව ආදරණීය රසිකයනට තිළිණ කළ චාමර ගේ අලුත්ම තොරතුරුයි
මේ.
සිව් වැනි ගීත එකතුව රසිකයන් ඉතාමත් ආදරයෙන් වැළඳ ගැනීමේ සතුටින් කාලය ගෙවන චාමර මේ
දිනවල තමාගේ අලුත්ම ගීත කිහිපයක් වෙනුවෙන් කාලය කැප කරනවා.ඊට අමතරව ක්ෂේත්‍රයේ
ප්‍රවීණ සංගීත ශිල්පීන් කිහිප දෙනෙකු සහ වාදන ශිල්පීන් කිහිප දෙනෙකු එක්කොට ගනිමින්
චාමර අලුත්ම කටයුත්තකට යොමු වෙලයි ඉන්නෙ.
‘අන් ප්ලග්’ නම් වන සෞම්‍ය සංගීත රිද්ම රටාව උපයෝගී කොට ගනිමින් ප්‍රසංගයක්
පැවැත්වීමට කැප වී සිටින චාමර තමා නියෝජනය කරනු ලබන ‘පර්පර්ල් රේන්ජ්’ වාදක මණ්ඩලයේ
කටයුතු නොපිරිහෙලා ඉටු කරන බවයි අපට කිව්වෙ.
ඉදිරියේදී විදෙස් ප්‍රසංග කිහිපයකටම ආරාධනා ලැබී ඇති බවත් යුද්ධයෙන් නිදහස් නිවහල්
දේශයේ සංගීත හඬ පතුරන්නට කැප වී සිටින බවත් චාමර අවසානයේ අපට කිව්වෙ හද පිරි
සෙනෙහසින්.
- නුවන්
අනුෂා සිහිනෙන් ඇවිත්
ප්‍රවීණ සිනමාවේදිනී සුමිත්‍රා පීරිස්ගේ “ගැහුනු ළමයි “ ටෙලි සිතුවම හරහා රංගනයට
පිවිසි අනුෂා සොනාලි රිදී තිරයට එක්වන්නේ මාරියෝ ජයතුංගගේ නිදියහන කැළඹෙයි හරහා යි.
හෙළ සිනමාවේ විශිෂ්ට සිනමා සිත්තමක් වන එච්. ඩී. පේ‍්‍රමරත්නයන්ගේ විසිදැල හරහා
තමන්ගේ රංග ප්‍රතිභාව මැනවින් ප්‍රකට කළ අනුෂාගේ අලුත්ම තොරතුරුයි මේ.
“මම මේ දිනවල මාරියෝ ජයතුංගගේ “ කුපාඩියා “ චිත්‍රපටයේ හඬ කැවීම්වලට දායක වෙනවා. ඊට
අමතරව මගේම නිෂ්පාදනයක් වන “සිහිනෙන් ඇවිදින් “ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු කරගෙන
පුතත් සමඟ සතුටින් කාලය ගත කරනවා.”
මගෙන් රටට
සේවයක් අවශ්‍යයයි අනර්කලී
ආකර්ෂණීය අනර්කලී එහෙමත් නැතිනම් අනර්කලී ආකර්ෂා ජනපි‍්‍රය තරු අතර ඉදිරියෙන්ම
සිටින්නියක්.
විවිධ චරිත හරහා කෙළිලොල් තාරුණ්‍යයේ රංගන ප්‍රතිභාව මැනවින් ප්‍රකට කළ අනර්කලී
විවිධ කාල වකවානුවල දී කතා බහට ලක් වූ සුන්දර යුවතියකි.පුංචි තිරයේ ‘සඳ සාක්කි’
හරහා මේ දිනවල ඔබේ නිවෙසට අපූරුවට ගොඩ වදින අනර්කලී දේශපාලනයට පැමිණෙන ආරංචියයි මේ.
රංගන ශිල්පිණියක ලෙසට කලා ලෝකය තුළ පෙරළිකාර චරිතයක් බවට පත් වූ අනර්කලී දේශපාලනයට
යොමු වූයේ ඇයි?
‘මහින්ද චින්තන’ වැඩ පිළිවෙළට මම ගොඩාක් ගරු කරනවා. ඊටත් මගේ පවුලේ දේශපාලන
පසුබිමකුත් තියනවා. ඒ කියන්නේ මගේ සීයා ආර්. ඊ. ජයතිලක මාතර කඹුරුපිටියෙන්
දේශපාලනයට පිවිසි කෙනෙක්, ඉතින් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ගොඩාක් කැමැතියි.
ඒ
නිසා මට දේශපාලනයට එන්න කියලා ලැබුණු ආරාධනාව මා ඉතාම සතුටින් බාර ගන්නවා. මගෙන් මේ
රටට සේවයක් වෙන්නම ඕනේ. ඒ නිසා මම උපරිමයෙන් කැප වෙලා සේවය කරනවා. හැබැයි මම කලා
කටයුතුත් ඒ අතර ඉඩපාඩුව ලැබෙන විදියට කරනවා.
වේදිකා නාට්‍යයක රඟපාන්න ආසයි ප්‍රභාත්
සිරි.......සිරි හාමු වෙනවා, ඊට පසුව ආටිගල වලව්වේ දේපොළ දිහා ඇහැ ගහගෙන ඒ පිළිබඳ
සිත සිතා බිරිඳ සමඟ රණ්ඩු කරනවා. ඒ වෙන කවුරුත් නෙමේ ‘බට්ටි’ ටෙලි නාට්‍යයේ
සිරිහාමු එහෙමත් නැතිනම් ප්‍රභාත් වීරසිංහ.
ඔහු මේ දිනවල සම්මානනීය සිනමා සිත්තමක් වන ප්‍රසන්න විතානගේ ගේ ආකාස කුසුම්හි
චරිතයකට පණ පොවනවා. මේ ප්‍රභාත් එහෙමත් නැතිනම් සිරිහාමු අප හා දොඩමළු වූ ආකාරයයි.
මම කලාවට පිවිසුණේ වේදිකාවෙන් ඒ කුමාර සිංහබාහු මහත්මයාගේ ‘අද එතැන් සිට’ වේදිකා
නාට්‍ය හරහා. මේ දිනවල නම් සඳුන් රාජකරුණාගේ ‘චංචලා’ හි රඟපානවා.
ඊට අමතරව නිමල් ජයවීර අධ්‍යක්‍ෂණය කරන, පාලිත තෙන්නකෝන් නිෂ්පාදනය කරන ‘පෙරදිග අහස’
ටෙලි නාට්‍යයේ දේශපාලනය කරන තරුණයෙකුගේ පෙරළිකාර චරිතයක් කළා. ඒත් එක්කම වේදිකා
නාට්‍යක රඟපාන්න ආසාවෙන් ඉන්නවා.
සටහන - සංජීව ඡායාරූප - ටෙනිසන්
විශාඛා සිරිවර්ධන ගේ
ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පිනියක වන විශාඛා සිරිවර්ධන මහත්මියගේ මෑණියන් වූ ඩී. එල්.
සිරිවර්ධන මහත්මිය අවුරුදු 82 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූවාය.
දැනට දේහය අංක 42 ඕ, සපුගස්තැන්න පාර, කළගෙඩිහේන දරන ලිපිනයැති නිවසේ තැන්පත් කර
ඇති අතර අද 20 දා ප. ව. 3.00 ට නිවසේදී සිදු කරන ආගමික කටයුතුවලින් අනතුරුව ප. ව.
3.30 ට කළගෙඩිහේන මල්වත්ත සුසාන භූමිය වෙත දේහය රැගෙන යාමට නියමිතය.
|