සු.මිගෙන් අහන්න
සිංහල සිනමාවේ විශිෂ්ටතම
චිත්‍රපට 10 මොනවාද?
පිළියන්දල චාමර දුනුසිංහ
ප්‍රශ්නය - ‘නිල්ල සොයා’ චිත්‍රපටයට තිර නාටකය ලියූ ඊ. එම්. ජී. එදිරිසිංහ චිත්‍රපට
විචාරක ඊ. එම්. ජී. එදිරිසිංහත් එක් අයෙක්මද?
පිළිතුර - ඔව්.
කටුනේරිය මංජුල
පෙරේරා
ප්‍රශ්නය - 62 වසරක සිංහල සිනමාවේ විශිෂ්ටතම චිත්‍රපට 10 කුමක්ද?
පිළිතුර - ගම්පෙරළිය, නිධානය, පරසතු මල්, සත් සමුදුර, තුංමං හන්දිය, වැලිකතර, හාර
ලක්සේ, අහස් ගව්ව, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ, පළගැටියෝ, විරාගය, සිසිල ගිනි
ගනී, මේ මගේ සඳයි වැනි චිත්‍රපට එදා මෙදාතුර බිහි වුණු හොඳම සිංහල චිත්‍රපට අතර
ඉදිරියෙන්ම තියෙනවා.
කපුගොඩ
මාළිඳ සරත්
රණසිංහ
ප්‍රශ්නය - ‘මදර් තෙරේසා ඔෆ් කල්කටා’ චිත්‍රපටයේ ශ්‍රී ලංකාවෙන් රඟපෑවේ රවීන්ද්‍ර
රන්දෙණිය පමණක්ද?
පිළිතුර - නැහැ. සංගීතා වීරරත්න, වීණා ජයකොඩි, දයා අල්විස්, සතිස්චන්ද්‍ර
එදිරිසිංහ, ඩබ්ලිව්. ජයසිරි, සිරිල් ධර්මවර්ධන, නිලන්ති විජේසිංහ, ජී. ආර්. පෙරේරා,
නිම්මි හරස්ගම, කෞශල්‍යා ප්‍රනාන්දු, පීටර් අල්මේදා, අරුන් ඩයස් බණ්ඩාරනායක, දිනිඳු
ජාගොඩ, ලාල් සේනාධීර, උපාලි සිල්වා ඇතුළු නළු නිළියන් රැසක් රඟපෑවා.
නාත්තන්ඩියේ බන්දුල පද්මසිරි
ප්‍රශ්නය - මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ලිපිනය සොයා දෙන්න?
පිළිතුර - ’ආරණ්‍ය වාසය’ 194/3, සමඟි මාවත, කහපොළ, මඩපාත.
මීතොටමුල්ලේ රසික කරුණාසේකර
ප්‍රශ්නය - ඇල්ෆ‍්‍රඩ් හිච්කොක්ගේ ‘බර්ඩ්ස්’ චිත්‍රපටය සත්‍ය කතාවක්ද?
පිළිතුර - නැහැ. මේ චිත්‍රපටය තිරගත වුණේ 1963 දී. එහෙත් ඊට අවුරුදු හතළිහකට පසු
(2004 වසරේදී) ඇමෙරිකාවේ නිව්යෝක් නගරවාසීන් ‘බ්ලැක් බර්ඩ්ස්’ නම් කුරුල්ලන්ගේ
ප්‍රහාරයකට ලක් වුණා. චිත්‍රපටයෙන් පසුව එය සත්‍ය සිද්ධියක් බවට පත් වුණා.
දොඩන්ගොඩ එන්. ඩී. ඉසඩ් සිරිවර්ධන
ප්‍රශ්නය - ‘උතුම් ස්ත්‍රිය’ චිත්‍රපටය ගැන විස්තරයක් කරන්න?
පිළිතුර - කේ. වෙන්ගඩාසලම් (කේ. වෙන්කට්) අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය 1969 වසරේදී
තිරගත වුණා.
ජෝ අබේවික්‍රම, ක්ලැරිස් ද සිල්වා, රෝයි ද සිල්වා, එච්. ඩී. කුලතුංග, ශාන්ති ලේඛා
මෙහි ප්‍රධාන චරිත රඟපෑවා.
වෙන්ප්පුව පල්ලිය පාරේ වියානි ගුණවර්ධන
ප්‍රශ්නය - ශන්කර් සහ ජායිකිශන් සංගීතවත් කළ මුල්ම හින්දි චිත්‍රපටය කුමක්ද?
පිළිතුර - බර්සාත් (1949).
මීගොඩ රුවින්ද කොල්ලුරේ
ප්‍රශ්නය - ‘උත්සව්’ චිත්‍රපටය හැරුණු කොට ගිරිෂ් කර්නාඩ් අධ්‍යක්ෂණය කළ වෙනත්
චිත්‍රපට මොනවාද?
පිළිතුර - ‘කාඩු’ චිත්‍රපටයත් ඔහුගේ අධ්‍යක්ෂණයක්.
බේරුවල එල්. චන්ද්‍රසිරි පීරිස්
ප්‍රශ්නය - ආරියසේන ආශුබෝධ යනු අරිසෙන් අහුබුදු මහතාමද?
පිළිතුර - ඔව්.
මිනුවන්ගොඩ එම්. ජයසිරි නන්දදාස
ප්‍රශ්නය - පැරණි නළුවකු වූ ඔස්වල්ඩ් ජයසිංහ ගැන යමක් කියන්න?
පිළිතුර - ඔහු මෙන්ම වොලී නානායක්කාරත් දක්ෂ චරිතාංග නළුවෙක්. මේ දෙදෙනාටම උසස්
මට්ටමේ චිත්‍රපටවල රඟපෑම් භාග්‍යය ලැබුණේ නැහැ. එසේ වුණත් ඔස්වල්ඩ් කේ. ඒ. ඩබ්ලිව්.
පෙරේරාගේ චිත්‍රපට කීපයකම සාර්ථක රඟපෑම් ඉදිරිපත් කළා.
කෑගල්ලේ තිලකරත්න විල්වල
ප්‍රශ්නය - ගීත රචක කුමාරදාස සපුතන්ත්‍රිගේ ලිපිනය පළ කරන්න?
පිළිතුර - 141/4, කෝන්ගහ වත්ත, කොළඹ පාර, බොරලැස්ගමුව.
මිනුවන්ගොඩ ලක්ෂාන් මදුරප්පෙරුම
ප්‍රශ්නය - ‘බවුජි බවුරා’ චිත්‍රපටයේ භාරත් භූෂන් සමඟ රඟපෑ නිළිය නිම්මිද?
පිළිතුර - නැහැ, මීනා කුමාරි.
වැලිවේරියේ කැලිස්ටා පෙරේරා
ප්‍රශ්නය - ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශ ගැන ඔබේ අදහස් දක්වන්න?
පිළිතුර - ඉතාම ප්‍රතිභා සම්පන්න ගීත රචකයෙක්. ප්‍රේම ගීත ඉතාම සුන්දර වචන යොදා
ලිවීමට කුලේ තරම් දක්ෂයෙක් තවත් නැති තරම්.
එහිදී ඔහු පසුකාලීන ගීත රචකයන්ට පවා පූර්වාදර්ශ වූවා යැයි මා සිතනවා.
පහත නම් සඳහන් අයත් ප්‍රශ්න එවා තිබුණා. කල්එළළියේ බී. පී. සමරපාල, සරත් සේනාධීර,
හෝකන්දර දකුණේ ගිල්බට් පෙරේරා, කමලා සෙනෙවිරත්න, පිළියන්දල චාමර විජේසිංහ, දෙහිවල
අයි. එච්. උපාලි, කැලණියේ නීටා මාසලින්, පූගොඩ ඩී. බී. කුලතුංග, මූදුකටුවේ මිල්ටන්
ප්‍රනාන්දු, රත්මලානේ විල්ෆ‍්‍රඩ් පෙරේරා, මහනුවර එච්. එම්. ආරියරත්න, කටුවන
ඩබ්ලිව්. පී. එස්. නිලමේ, බණ්ඩාරගම සුදර්ශි ගමගේ, කොටපොළ රණසිංහ සුමනදාස, බියගම
ප්‍රියන්ත සේනාධීර.
ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න.
සු. මි. ගෙන් අහන්න
සරසවිය, ලේක්හවුස්,
කොළඹ 10.
|