වේදිකාව

‘රතු එළිය’ කුරුණෑගලට

චන්ද්‍රසිරි සේවික්‍රමගේ ‘රතු එළිය’ වේදිකා නාට්‍යය අනිද්දා 22 වැනිදා කුරුණෑගල පුරහලේ දී සවස 3.30 ට සහ සවස 6.30 ට වේදිකා ගත වේ’

‘රතු එළිය’ සඳහා නිලන්ති හීන්දෙණිය, ජයතිලක හේරත්, මනීෂා ශ්‍යාමලී, චින්තක පතිරණ, ආශා දිල්රුක්ෂි, අමල් රත්නායක, සංජීව විජේරත්න, ජයන්ත කුමාර, කුමාරි සේනාරත්න සහ චන්ද්‍රසිරි සේවික්‍රම ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙති.

ගීත රචනය ප්‍රේමලාල් වීරසිංහගෙනි. සංගීතය ඩී. අයි. සේනාරත්නගෙනි. අංග රචනයෙන් හෙන්රි ප්‍රේමරත්න සහය වේ. පසුතල නිර්මාණය සිරිනාථ වික්‍රමසිංහගෙනි. නව නිෂ්පාදන සහය ජයන්ත කුමාර හා සංජය විජේරත්න.


අල්ලපු ගෙදර

ස්ටැන්ලි ලියනගේ ගේ ‘අල්ලපු ගෙදර’ වේදිකා නාට්‍යය මේ මස 25 වැනිදා සවස 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකා ගත වේ.

මීට ආනන්ද වික්‍රමගේ, කාංචනමාලා මහවිතාන, ප්‍රේමදාස විතානගේ, හර්ෂ ආරියසිංහ, විනෝජා නිලන්ති, හෙන්රි ප්‍රේමරත්න, නිමල් ජයසිංහ සහ චින්තක පතිරණ රංගනයෙන් දායක වෙති.

‘අල්ලපු ගෙදර’ රචනය, සංගීතය හා අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතවේදී ස්ටැන්ලි ලියනගේ ගෙනි.

මෙදින අල්ලපු ගෙදරට අය කිරීමක් නැත.


සුභ සහ යස මරදානට

සයිමන් නවගත්තේගම සූරීන්ගේ ‘සුභ සහ යස’ වේදිකා නාට්‍යය මේ මස 23 වැනිදා (ඉරිදා) එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකා ගත වේ.

ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, නිහාල් ප්‍රනාන්දු, වසන්ත විට්ටච්චි, සමදරා ආරියවංශ, කුමාර තිරිමාදුර, නිමල් ජයසිංහ, රත්න ඩී නම්බුගේ, අමරදාස තල්ගහගොඩ, ප්‍රේමකුමාර දිසානායක, උපුල් මහානාම, තිවංකා මයෝමි, සුජීව ප්‍රියලාල්, ඩබ්. ඩී ජනක ඇතුළු නළු නිළියන් මේ සඳහා රංගන දායකත්වය සපයති.

මෙහි වේදිකා පසුතල කථිකාචාර්ය ලයනල් බෙන්තරගෙනි.

වේදිකා පරිපාලනය අශෝක වීරතුංගගෙනි. සංගීතය කලාසූරී ස්ටැන්ලි ඕමාර් විසිනි.

අංග රචනය වසන්ත විට්ටච්චිගෙනි. ආලෝකකරණය උපාලි වීරසිංහගෙනි. නිෂ්පාදන කළමනාකරණය සහ නාට්‍ය සංවිධානය ප්‍රියන්ත රංජන්.

 


බොරැල්ලට එන ‘උත්තමයෝ’

රත්නසිරි රණසිංහගේ ‘උත්තමයෝ’ වේදිකා නාට්‍ය අගෝස්තු 30 බොරැල්ල ක ර් ඕ ඒ හිදී වේදිකා ගත වේ.

ලක්ෂ්මන් ආරච්චිගේ ඩේෂන්, පියතිලක හේරත්, ශ්‍රියානි කුරුවිට, රත්නසිරි රණසිංහ සමඟ ගාමිණී කුමාර රංගනයෙන් දායක වන ‘උත්තමයෝ’ සංගීතය ස්ටැන්ලි ලියනගේ ගෙනි.


සංක්‍රාන්තියේ නිමේෂයක් වයඹ ජන කලාවට

නාමල් නේත්‍රාංජන වීරබාහු වේදිකා නාට්‍ය නිර්මාණය ‘සංක්‍රාන්තියේ නිමේෂයක්’ මංගල දැක්ම මේ මස 22 දා සවස 6.00 ට වයඹ ජන කලා කේන්ද්‍රීය එළිමහන් රංග පීඨයේදී වේදිකා ගත වේ.

මෙයට රෝහිත් මාන්නගේ, බර්ටි නිහාල් සුසිරිපාල, නාමල් නේත්‍රාංජන වීරබාහු, අනෝජා චතුරංගනී, නිමල් වනිගසේකර, මල්ලිකා ඒකනායක, ධර්මරත්න සුබසිංහ, වසන්ති නිශ්ශංක, චන්දන පී. හේරත්, ඉන්දික විජිත බණ්ඩාර, මදුරංග විජේසූරිය රංගනයෙන් දායකත්වය සපයති.

රංගාලෝකය උපාලි වීරසිංහගෙන් වන අතර සංගීතය එස්. ඒ. සධානන්දන්ගෙනි. චාමර රාජපක්ෂ අංග රචනයකරන මෙහි නිෂ්පාදනය සහ සංවිධානය රොෂාන් සංජේ හේරත්ගෙනි.


උපන්දා මරණය 23 දා නව රඟහලේ දී

නාලක විතානගේ නාට්‍ය නිර්මාණ උපන්දා මරණය අගෝස්තු 23 සවස 6.30 ට කොළඹ රාජකිය විද්‍යාලයීය නව රඟහලේ දී වේදිකාගත වේ.

අමිත්ත වීරසිංහ, දුලීකා මාරපන, බන්දුල විතානගේ, කිංස්ලි ලෝස්, ප්‍රසාද් සූරියආරච්චි, අයේෂා දිසානායක, උපාලි බණ්ඩාර රංගනයෙන් දායක වන උපන්දා මරණය රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය නාලක විතානගේ ගෙනි.


රංගනයේ හතළිස් පස් වසර සපුරන රත්නසිරි

ප්‍රවීණ කලාකරුවකු වූ ශේෂා පළිහක්කාරයන්ගේ ‘ලක්ෂෙට කොඩිය’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි රත්නසිරි රණසිංහ එදා මෙදාතුර චිත්‍රපට විස්සකට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වූවෙකි.

ඔහු ‘කිවුලෙ ගෙදර මොහොට්ටාල, තුත්තිරි මල්, වාලම්පූරි, චණ්ඩි පැටව්, ගොලු මුහුදේ කුණාටුව, මව්බිමේ වීරයෝ, සල්ලි තිබුණට මදි’ යන චිත්‍රපටවලට තම රංගන දායකත්වය දී තිබේ.

එසේම රත්නසිරි රණසිංහ ‘දෙන්න කැමති නම් අපට මෙකෝ, වැලිකඩ සුදා, උත්තමයෝ’ යන වේදිකා නාට්‍ය ද නිෂ්පාදනය කළේය.

පසුගිය හතළිස් පස් වසර තුළ වේදිකා නාට්‍ය සියයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇති ඔහු රඟපෑ ‘නෙයිනගෙ සූදුව, බක්මහේ දෝංකාරය, මඟුල් ඇතා’ වැනි නාට්‍ය ඉතා ජනප්‍රිය විය.

ඔහු රූපවාහිනියේ සාම නදී, නෙලන්න බැරි මල්, අන්දර වැට, සත්සර රංග’ ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවකටම රංගන දායකත්වය ද ලබා දී තිබේ.

 
 
 
  •  
  •