|
My Album
හෙළ සිනමාවේ ජනකතාකරුවා ලෙස විරුදාවලී ලත් කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා ආචාර්ය
ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ රේඛාව චිත්‍රපටයේ දෙබස් රචකයා ලෙස ලාංකික සිනමාවට එක්
විය.
දෙබස් රචකයකු, කතා රචකයකු, තිර නාටක රචකයකු, අධ්‍යක්ෂවරයකු ලෙස කීර්තියක් දිනූ
කේ. ඒ. ඩබ්ලිව්. 1966 දී සැනසුම කොතැනද චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් මුල් වරට
චිත්‍රපට අධ්‍යක්ෂණයට එක් විය.
කපටිකම, බයිසිකල් හොරා, දුලීකා, ජනක සහ මංජු, හිඟන
කොල්ලා, වතුර කරත්තය, ළසඳා ආදී චිත්‍රපට විසි හයක් පමණ සිංහල සිනමාවට දායාද කළ කේ.
ඒ. ඩබ්ලිව්. කලා ශූරි, සරසවිය, දීපශිකා, රණතිසර, සුමති, ස්වර්ණ හංස ආදී සම්මාන
රැසකින් ද පිදුම් ලැබීය.
ගමන, ප්‍රමාද වැඩියි, හිඟන කොල්ලා ආදී ටෙලි නාට්‍ය
අධ්‍යක්ෂණය කරමින් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට ද පිවිසි කේ. ඒ. ඩබ්ලිව්. දේශීය
චිත්‍රපට කර්මාන්තය වෙනුවෙන් හා ශ්‍රී ලාංකේය සිනමාව නගා සිටුවීම සඳහා තම ජීවිතය
කැප කළ අග්‍රගණ්‍ය කලාකරුවෙක් ද වේ.
සටහන - චන්දන
 |
 |
|
සරසවිය සම්මානයෙන් පුද ලද කේ. ඒ. ඩබ්ලිව්. සම්මානය දෝතට තුරුළු කර ගත් මොහොත. |
කේ. ඒ. ඩබ්ලිව්. තරුණ වියේදී. |
 |
 |
|
‘සැනසුම කොතැනද’ චිත්‍රපටය උදෙසා සරසවි සම්මානයෙන් පුද ලද කේ. ඒ. ඩබ්ලිව්.
ප්‍රවීණ නිළි සෝබනී අමරසිංහ අතින් සම්මානය ලබා |
හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා අතින්
සම්මානයට පාත්‍ර වූ කේ. ඒ. ඩබ්ලිව්. |
 |
 |
|
හිටපු කීර්තිමත් ලේක්හවුස් සභාපතිවරයකු වූ
රණපාල බෝධිනාගොඩ මහතා බැහැ දුටු කේ. ඒ. ඩබ්ලිව්. පියදාස ගුණසේකර, හර්බට්
අමරවික්‍රම,
ආරියරත්න කහවිට, සෝනියා දිසා, විජය නන්දසිරි. |
කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා යුවලට රාජ් කපූර්
හමු වූ මොහොත. |
 |
 |
|
කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා උපහාර උළෙල දා චිත්‍රපට නිෂ්පාදිකා සෝමා එදිරිසිංහ අතින්
උපහාර සම්මාන ලැබූ කේ. ඒ. ඩබ්ලිව්. |
කේ. ඒ. ඩබ්ලිව්. පුතු ජයන්තදාස්, බිරිය තෙරෙස්
ඇග්නස් හා මුණුපුරෙකු සමඟ |
 |
 |
|
1984 දී පැවති ජනාධිපති සම්මාන උළෙලේ දී එවක ඇමැතිවරයකු වූ ලලිත් ඇතුලත්මුදලි
මහතා අතින් කේ. ඒ. ඩබ්ලිව්. සම්මානයට පාත්‍ර වූ අයුරු. |
කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා පුතු ජයන්තදාස් සමඟ නිර්මාණයක් ගැන කතාබහක්. |
 |
 |
|
මුණුපුරෙකුගේ සුරතල් අතර රැඳුණු කේ. ඒ. ඩබ්ලිව්. |
කේ. ඒ. ඩබ්ලිව්. බිරිය තෙරෙස් හා පවුලේ සාමාජිකයන් සමඟ |
|