පොත් කැසට්  DVD රාක්කය

ජලයේ වෙසෙන සතුන්

ආර්. පී. සමරසිංහ විසින් රචනා කරනු ලැබූ ‘ජලයේ වෙසෙන සතුන්’ කෘතිය වාසනා ප්‍රකාශනයක් ලෙසින් නිකුත් වී තිබේ.

ජලජ ජීවීන් පිළිබඳ අධ්‍යයන කටයුතුවල නියැලෙන්නට මහඟු අත්වැලක් වන මේ කෘතියෙහි ජලයෙහි වෙසෙන ජීවින් ගැන තොරතුරු රැසක් අඩංගු වේ.
 


හරි පුදුම සැත්කම් කළ බුද්ධදාස රජ්ජුරුවෝ

දමයන්ති ජයකොඩි රචනා කළ ‘හරි පුදුම සැත්කම් කළ බුද්ධදාස රජ්ජුරුවෝ’ ළමා ග්‍රන්ථය දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් ලෙසින් නිකුත් වී තිබේ

ළමා මනසට ගෝචර වන අයුරින් ගුණ නුවණින් සපිරි බුද්ධදාස රජතුමා කළ විස්මය ජනක සැත්කම් පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබා දෙන මේ කෘතිය වර්ණ පින්තූර රැසක් රැගත් අගනා කෘතියකි.
 


දෙමළ සිංහල ශබ්ද කෝෂය

මල් පියලි ප්‍රකාශන සමාගමේ අධිපති ඇ. ලයනල් ද සිල්වා විසින් රචනා කරනු ලැබූ ‘දෙමළ සිංහල’ ශබ්දකෝෂය මල් පියලි ප්‍රකාශනයක් ලෙසින් නිකුත් වී තිබේ. ආධුනිකයන් සඳහා අවශ්‍ය සිංහල හා දෙමළ වචන බොහොමයක් අඩංගු මේ කෘතිය දෙමළ හා සිංහල බස ඉගෙනීමට මහඟු අත්වැලකි.

 
 
 
  •  
  •