|
ඔස්කාර් සම්මානය විචිත්‍රයි
විචිත්‍ර වූත්, විශිෂ්ට වූත් සිනමා උළෙල පිළිබඳ කෙරෙන කතා බහේදී අද තේරීම වී
තිබෙන්නේ ලොව ඉහළම විචිත්‍ර සිනමා උළෙල ලෙස සලකනු ලබන හොලිවුඩයේ ‘ඔස්කර්’ නොහොත්
ඇකඩමි සම්මාන ප්‍රදානයයි.
අමෙරිකාවේ විද්‍යා හා කලා චලන චිත්‍ර විද්‍යායතනය සමාජිකයන් 6000 කින් සමන්විත වන
අතර එය ආරම්භ කරන ලද්දේ 1927 මැයි මාසයේ දීය. එහි මුල් සාමාජික පිරිස 36 කි.
ශ්‍රීමත් ඩග්ලස් ෆෙයාර්බෑන්ක්ස් එහි පළමු සභාපතිවරයා වෙයි. වසරකට වරක් පවත්වන මෙම
ඇකඩමි සම්මාන උළෙලේ අයිතිය, සංවිධානය හා ප්‍රචාරය කිරීමේ පූර්ණ අයිතිය ඇත්තේ මෙම
ආයතනයටයි.
මුල් වරට ඇකඩමි සම්මාන උළෙලක් පවත්වන ලද්දේ 1929 මැයි 16 වැනි දින හොලිවුඩ් නුවර
රූස්වෙල්ට් හෝටලයේ ‘බ්ලොසමි’ ශාලවේදීය. ආරාධිතයන් 250 දෙනකු සහභාගී වූ මෙම ප්‍රථම
සම්මාන උළෙලේ ප්‍රවේශ පත්‍රයක මිල ඩොලර් 10 ක් වූ අතර වර්තමානයේ ඔස්කාර් සම්මාන
උළෙල සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමක් නොකෙරෙයි. එයට සහභාගී විය හැක්කේ ආරාධිතයන්ට
පමණි.
ඇකඩමි සම්මාන උළෙලේ දී සම්මානලාභීන්ට ලැබෙන සම්මානය හැඳින් වෙන්නේ ‘ඔස්කාර්’
යනුවෙනි. සම්මානලාභියෙකුට ලැබෙන්නේ ඔස්කාර් ප්‍රතිමාවේ අනුරුවකි. එම ප්‍රතිමාව
විද්‍යායතන ප්‍රතිමාව, ස්වර්ණමය ජය සංකේතය, දක්ෂතාව ප්‍රතිමාව යනුවෙන් හැඳින්වෙන
අතර වරක් ‘වීක්ලි වයිට්’ (Weekly Whit) සඟරාව එය හඳුන්වනු ලැබූයේ ‘යකඩ මිනිසා’
යනුවෙනි.
ඔස්කාර් සම්මානයේ බර රාත්තල් 8.5 ක් වන අතර එහි උස අගල් 13.5 කි. මේ සොඳුරු
ප්‍රතිමාව නිර්මාණය කරන ලද්දේ ‘සෙඩ්රික් ගිබ්සන්’ විසිනි. එය කැටයම් කරන ලද්දේ
‘ජෝර්ජ් ස්ටැන්ලිය’. නමුත් මෙහි අනුරුව කාලයෙන් කාලයට අවශ්‍යතාව පරිදි වෙනස්
කෙරෙයි. මෙම ප්‍රතිමාව නිර්මාණයෙහිලා පූර්ණ අයිතිය ඇත්තේ් ආර්. එච්. ඔබ්සන්
සමාගමටය.
මෙම විශිෂ්ට ගණයේ සම්මානයට ඒ සොඳුරු නම ලැබුණේ කෙලෙසදැයි නිශ්චිත නැතත් විද්‍යා හා
කලා චලන චිත්‍ර විද්‍යායතනය පවසන ආකාරයට එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂිකාවක වූ
මාර්ග්‍රට් හෙරික්ගේ මාමා කෙනෙකු ඇකඩමි අනුරුවේ හැඩයට සමාන හෙයින් ඔහුගේ නම වන
‘ඔස්කාර්’ යන නම තැබූ බව සටහන් වෙයි.
ඇකඩමි සම්මාන උළෙල ආරම්භවීමෙන් පසු වසර 15 ක් පමණ යනතුරු උළෙල බ්ලොසමි ශාලාවේ දී
පැවැත්විණි. නමුත් ඉන් අනතුරුව විටින් විට 2001 වර්ෂය වන තෙක් විවිධ ස්ථානවල පැවැත්
වූ මෙම උත්කර්ෂවත් සම්මාන උළෙල 2001 වර්ෂයේ සිට මේ දක්වා ඒ සඳහාම ගොඩ නගන ලද
‘හොලිවුඩයේ කොඩැක්’ ශාලාවේදී පවත්වනු ලබයි.
මෙහිදී ප්‍රථම නිහඬ චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගනු ලැබූයේ ‘වින්ග්ස්’ නැමැති සිනමා
කෘතියයි.
පළමු වතාවට ඔස්කාර් සම්මාන උළෙලක් ගුවන් විදුලි නාලිකාවකින් සජීවීව විකාශය කරන
ලද්දේ 1943 වර්ෂයේදී වන අතර රූපවාහිනී සජීවි විකාශයක් කරන ලද්දේ 1953 දීය.
1941 වර්ෂයේ දී හොඳම නළුවා, අධ්‍යක්ෂ, තිර රචනයට හිමි සම්මානය දිනා ගනු ලැබූයේ
‘ඕසන් වෙල්ස්’ විසිනි. ඒ ‘සිටිසන් කේන්’ චිත්‍රපටය සඳහාය.
ලෝකයේ මෙතෙක් අධිකම මුදලක් වැය කර පවත්වනු ලබන සිනමා උළෙල මෙම ඔස්කාර් නොහොත්
‘ඇකඩමි’ සම්මාන උළෙලයි.
තවත් මෙවන් වූ සොඳුරු සිනමා උළෙලක
අසිරිය සමගින් ලබන සතියේ හමු වෙමු.
සටහන - සංජීව සම්පත් බාලසූරිය
|