|
නාට්‍ය කලාවේ ප්‍රභවය - 2
දරුවනේ, සමහර අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නාට්‍ය කලාවේ ප්‍රභවය කිව්වාම මේ
මොකක්ද කියලා. නාට්‍ය කලාවේ ප්‍රභවය කියලා කියන්නේ ලෝකයේ නාට්‍ය කලාව ආරම්භ වුණු
ආකාරයයි.
ගිය සතියේ නාට්‍ය කලාව ආරම්භයට බලපෑ එකී සාධකයන් සාකච්ඡා කළා. ඒ තමයි ස්වභාව ධර්මය
සහ ස්වභාව දහමේ විවිධ ක්‍රියාවලින් වලට මිනිසා ප්‍රතිචාර දක්වමින් ඒවාට දේව වාදී
අගයක් ලබා දීමෙන් සමාජය තුළ නාට්‍ය කලාවට අදාළ අක් මුල් බිහි වුණ හැටි සාකච්ඡා
කිරීම. අද සාකච්ඡා කරන්නේ මිනිසා ජීවත් වීම සඳහා දඩයම භාවිතා කළ අයුරින්ම නාට්‍ය
කලාවට එය හේතු වුණු හැටි.
සාමාන්‍යයෙන් මිනිසා කෘෂිකාර්මික ජීවිතයක් ගත කළත් එයටත් ප්‍රථමයෙන් මිනිසා භාවිත
කළේ දඩයමයි.
එමෙන්ම ජනතාව සඳහා අධ්‍යාපනය ලබා දීම ආරම්භ වුණේද ඒ යුගයේමයි. ඒ ජනතාවට ඉගැන්වීම
සඳහා කෙසේ වෙතත් ජීවත්වීමේ ක්‍රමෝපාය ඉගැන්වීමටයි.
දරුවනේ, අද කාලේ වගේ 8.30 ට වැඩට ගිහින් 5.00 ට වැඩ ඇරෙන තත්ත්වයක් ඒ කාලේ තිබුණේ
නැහැ. හැම මිනිහෙක්ම ගහ කොළ සතා සීපාවා මුල් කරගෙන තමයි ජීවත් වුණේ. මිනිස්සු බඩ
පුරවා ගන්න සතෙක් මරා ගන්නඑක ඒ කාලේ සාමාන්‍ය දෙයක්. සත්තු මරණ ආයුධ තුවක්කු ඒ කාලේ
භාවිතයට තිබුණේ නෑ.
ලී උලක් අරගෙන පුළුවන් තරම් වේගයෙන් සතෙකු පස්සේ දුවගෙන ගිහින් සතාට උලෙන් ඇණ දඩයම්
කිරීම සාමාන්‍ය සම්ප්‍රදායක්. නිකමට සිතන්න වේගයෙන් දුවන ගෝනෙක් පසුපස එලවාගෙන
ගිහින් දඩයම් කරනවා යනු ලෙහෙසි පහසු වැඩක්ද? නමුත් බඩගින්න වෙනුවෙන් මිනිස්සු නොකරන
දෙයක් නැහැ.
මේ නිසා ගෝනකු පසු පස දුවනවා යන්න එවකට ඒ මිනිස්සුන්ට කජ්ජක් නෙවේ. විශේෂයෙන්
අප්‍රිකානු රටවල තවමත් මේ දේවල් මෙහෙම්මම සිදු වෙනවා. හැබැයි ඔවුන් සතෙකු පිටුපස
දුව යන්නේ පහසු තණ පිට්ටනියක නම් නොවෙයි.
කටු අකුල් විශාල තණ පඳුරු ඔවුනට හරියට බාධක දිවීමේ තරඟයක් බඳුයි. කෙසේ වෙතත් මේ
සියල්ල ජය ගන්නා ඔවුන් ඔවුන්ගේ ඉලක්කරය කරා ළඟා වෙනවා. අවසානයේ සතා දඩයම් කර ගන්නා
විට හැතැප්ම එකක් හෝ ඊට වැඩි ගණනක් දුවලා හමාරයි. හැතැප්ම කීයක් දිව්වක් තිබෙන
බඩගින්නට ඒ දුර ඔවුනට තේරෙන්නේ නැහැ.
දැන් දඩයම් කර ගත් සතා ආපසු ගෙන ඒම දඩයම් කළ තැනැත්තාටම පැවරෙන වගකීමක්. සමහර විට
විශාල ගෝනකු මරා ගන්නා මිනිසාම ඒ ගෝනා කරේ තබාගෙන ඒමට තරම් ශක්තිමත් වෙනවා.
වර්තමානයේ ජීවත් වන ඔබට එවැන්නක් කළ හැකිදැයි සිතා බලන්න. බොහෝ විට ඒ සඳහා සෑහෙන
කාලයක් ගත වේවි. පහසුකම් සොයාවි. දැන් කාලයේ මෙන් අත් ට්‍ර‍්‍රැක්ටරයක් හෝ
ත්‍රීවීලයක් එවකට තිබුණේ නැහැ.
සතා දඩයම් කරන්නට ගිය තැනැත්තා සතාවත් කර තබා ගෙන පැමිණිය යුත්තේ ඒ දුෂ්කර
මාර්ගයේමයි. කටු පඳුරුවලට ගල් කැබැලිවලට කැඩී බිඳී ගිය ශරීරයේ වෙහෙස දරාගෙන ඔහු හෝ
පිරිස නැවත තම ගෝත්‍රය වෙත ළඟා විය යුතුයි.
කෙසේ වෙතත් ගෝත්‍රිකයින් අතර පවා කාන්තාවන් සහ කුඩා දරුවන් දඩයමේ ගියේ නැහැ.
නමුත් ඔවුන්ටත් දඩයම කරගෙන ගිය ආකාරය දැන ගැනීමට අවශ්‍යයි. අධ්‍යාපනය ආරම්භ වන්නේ
එතැන සිටයි. මරාගෙන ආ සතා විශාල ලීයක ගැට ගසා එල්ලා ඊට යටින් ගිනි දමා ගෝත්‍රයේ
සියලු දෙනා පුළුස්සා එක්ව අනුභව කිරීම ඒ කාලයේ සිරිතක්.
සතා සම්පූර්ණයෙන් පිළිස්සෙන තුරු පැයක පමණ කාලයක් ගත වෙන්න පුළුවන්. මේ කාලය තුළ
ගිනි මැලය වටා රොක් වන කුඩා දරුවෝ සහ කාන්තාවෝ ඉතා වුවමනාවෙන් බලා සිටින්නේ සතා
දඩයම් කළ ආකාරය දැක බලා ගැනීමටයි. සතා පිළිස්සෙන අතරේ ගිනි මැලයේ ආලෝකයෙන් ඒ වටා
දුවමින් සතා දඩයම් කළ ආකාරයත් සතා මැරී වැටුණු අකාරයත් නිරූපණය කර පෙන්වීම
අත්‍යාවශ්‍ය කාරණයක්. මේ නිසා සතෙකු හැටියට එකෙක් පෙනී සිටින අතර තවකෙක් දඩයක්කාරයා
හැටියට පෙනී සිටී. දැන් පිරිස අත්පොළසන් දෙයි.
ඒ අතරේ දඩයම සිදු වන ආකාරය පිළිබඳව අනුකරණය කරමින් සම්පූර්ණ කතාන්තරය රඟ දැක්වෙයි.
දරුවනේ, මේ තොරතුරු අනුව ප්‍රථම වතාවට අනුකරණය දැකගන්නට පුළුවන් වන්නේ ඉහත
ක්‍රියාවලිය අනුවයි.
නිර්මාණය සහ ප්‍රතිනිර්මාණය ද සිදු වන්නේ ඒ අනුවමයි. කලින් මරා ගත් සතුන්ගේ සම්
වේලා කුහර සහිත ලී කෝටුවල බැඳීමෙන් සහ ඒ සම්වලට තඩි බෑමෙන් ඔවුන් තාල වාද්‍ය භාණ්ඩය
ද තනා ගත්තේය.
මෙය ඉතා විනෝදජනක අවස්ථාවක් වූයේ කැලෙන් කපා ගත් උණ බට යම් ආකාරයකින් පිඹීම නිසා
නිපදවා ගත් ශබ්දයේ ද සහය ලැබීමෙන්.
මේ පිළිබඳව වර්තමානයේ අපට දැකගන්නට ලැබෙන ශ්‍රව්‍ය දෘෂ්‍ය අප සතුව ඇත්ද?
ඒ පිළිබඳව සෙවීමේදී ‘The Magnificent Seven’ නම් බටහිර චිත්‍රපටය මට ලැබුණි. මේ
චිත්‍රපටයේ උත්සව අවස්ථාවක මෙවැනිම අනුකරණාත්මක රංගයක් දකින්නට ලැබේ.
පසුකාලීනව නොයෙකුත් උත්සව අවස්ථාවලදී මේ රංගනය තව තවත් සංවර්ධනය වුණු අතර එය සඳහා
විවිධ ඇඳුම් මෝස්තර සොයා ගැනිණ.
දැන් ඉපැරණි ගෝත්‍රික නැටුම්වලදී අපට යම් කථාවක් කීම, අනුකරණය, අංග රචනය, සංගීතය,
රංග වස්ත්‍ර නිර්මාණය, චරිත නිරූපණය යන ආදී සියල්ලම දකින්නට ලැබෙනවා.
මේ සියල්ලම කැටිව තිබෙන විට අපි ඒවාට නාට්‍යමය ලක්ෂණ යැයි හඳුන්වනවා. එසේ නම්
නාට්‍ය කලාවේ ප්‍රභවයට මේ කාරණයත් වැදගත් වනවා ද යන්න සිතා බලන්න.
|