අලුත් පොත්

මාලිංග අමරසිංහ ලියූ පුරා විද්‍යා ලිපි - 1 ග්‍රන්ථය 27 දා දොරට වඩී

කැලණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මාලිංග අමරසිංහ ලියූ පුරා විද්‍යා ලිපි - 1’ ග්‍රන්ථය සැප්තැම්බර් මස 27 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ට මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.

වික්ටරින් කොළඹගේ ලියූ ‘ලොකු දෝණි’ නව කතාව පසුගියදා දොරට වැඩිණි.

විජිත බණ්ඩාර වීරකොන්ගේ ‘හිත නැති හිත’ කාව්‍ය සංග්‍රහය පොත් රෝ ප්‍රකාශනයකි.

නන්දසේන අලුත්පටබැඳිගේ ‘එදා මෙදාතුර ගල්ඔයේ සිරි’ පද්‍ය කෘතිය පසුගියදා දොරට වැඩිණ. මෙම පද්‍ය ග්‍රන්ථය රචනා වී ඇත්තේ වත්මන් ගල්ඔය

මිටියාවතේ හෙවත් නටබුන්ව තිබූ පැරැණි දිගාමඬල්ලේ රාජධානියේ සංවර්ධන කටයුතු අළලායි.

චන්ද්‍රසිරි සේපාල සමරසිංහගේ ‘විභාග පිළිතුරු ලිවීමේ කලාව’ පසුගියදා දොරට වැඩිණ.


‘My First Steps’ එළි දකි

චමත්කාර් ප්‍රකාශනයක් ලෙසින් කල එළි දකින ‘My First Steps’ කෘති ද්විත්වය පෙර පාසල් දරුවන් වෙනුවෙන් නිර්මාණය කළ අපූරු පොත් පෙළකි.

කුඩා දරුවන්ගේ මනසත් දැනුමත් වැඩි දියුණු කිරීම සඳහා වෙන් වූ ක්‍රියාකාරකම් රැසකින් සපිරි මේ කෘති පෙළ රචනා කර ඇත්තේ පෙර පාසල් දරුවන් පිළිබඳ කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසිනි.


දී. ග. සෝමපාලයන්ට සෝලිස් මැන්දිස් සම්මානය

සුප්‍රකට චිත්‍ර ශිල්පී දී. ග. සෝමපාල ට මෙවර 2011 වසරේ සෝලිස් මැන්දිස් ගෞරව සම්මානය පිරිනැමීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පිරිනමා ඇත.

මෙම මස 26 වෙනිදා ප. ව. 2.30 ට කොළඹ බෞද්ධාලෝක මාවතේ, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බී. එච්. විලියම් ශාලාවේදී පැවැත්වෙන 2600 සම්බුද්ධත්ව ජයන්ති සාහිත්‍ය සම්මාන ප්‍රධාන මහෝත්සවයේදී මෙම සම්මානය පිිරිනැමෙනු ඇත.

ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අති පූජ්‍ය උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධ රක්ඛිතාභිධාන මහා නායක මා හිමිපාණන් වහන්සේ මුලසුන හොබ වන මෙම උත්සවය ගරු අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන අමාත්‍ය දි. මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පුරා 25 වසරක් මුළුල්ලේ බෞද්ධ චිත්‍ර කලාවට කරන ලද අනුපමේය මෙහෙවර වෙනුවෙන් දී. ග. සෝමපාල මහතාට මෙම සම්මානය පිරිනැමෙයි.

කැලණි විහාරය ඇතුළු විහාර බිතු සිතුවම් කලාවේ මහා පෙරළියක් ඇති කළ ප්‍රවීණ චිත්‍ර ශිල්පී සෝලිස් මැන්දිස් කලාකරුවාණන් නමින් මෙම උපහාර සම්මානය නම් කොට ඇති බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා පවසයි.

කලාකරුවකුට ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන මෙම සෝලිස් මැන්දිස් සම්මානයෙන් පිදුම් ලබන දී. ග. සෝමපාල මහතා වාණිජ චිත්‍ර ශිල්පියකු, ඡායාරූප ශිල්පියකු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු, දැන්වීම් ප්‍රචාරණ ශිල්පියකු සහ ග්‍රන්ථ සැලසුම් ශිල්පියකු ලෙස ද ප්‍රසිද්ධයක් උසුලයි.

බුද්ධ සාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ද මේ සඳහා දායකව සිටියි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    FEEDBACK

    මායා සිනමාව

    මතු දිනෙක

    TOP 10

    Q & A

    සළ රූ ගී සර 

    BAND LAND

    අර්ජුනගෙන් අහන්න

    සිංහල සිනමාව