වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝර්ජ් මයිකල් මියයයි

ඩී.ජේ.අරා අද සිට සියතට

ඩි. ජේ. අරා හිරු ගුවන් විදුලියේ දොරටුවෙන් එළියට ආවේය. ඔහු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ විදුලි සෝපානයට ගොඩ වී තිස්හත්් වැනි මහලේ සිට පහතට බැස්සේය. එතැනින් එළියට බට ඔහු යළිත් හැරී බැලුවේය. අහස සිප ගෙන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුළුණු යුවළ විරාජමානව සිටියි. පුරා වසර දහ අටක් මුළුල්ලේ දිනපතා තමන් මෙතැනට ආ හැටි අරාට සිහි විය. මේ කාලය අතරතුර අරාට හිරු ගුවන් විදුලිය ඔස්සේ ලැබුණු දේ බොහෝය. ඩී. ජේ. අරා යන නම සැදුණේ ද මෙතැන්දිය. නමුත් දෛවයට අභියෝග කිරිමට කාලය එළැඹී ඇත. අරා හිරු ගුවන් විදුලියෙන් නික්ම යන්නේ එලෙස සිතාය. අද සිට ඩී. ජේ. අරා හිරු ගුවන් විදුලියේ නැත. සියත ගුවන් විදුලියේ උපදේශක ලෙසට ඔහු සිය වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂයක් තබා අවසන්ය. ඩී. ජේ. අරා ලෙසින් අප වඩාත් හඳුනන අරවින්ද ලොකුගේ යන සැබෑ නම ඇති ඔහුගෙන් ආයතන මාරුව ගැන මෙලෙස විමසුවෙමු. ඒ ගැන විවිධ දෙනා විවිධ අදහස් දක්වති. අපට ද කෙළින්ම ඔහුගෙන් විමසන්නට කරුණු කාරණා රාශියක් ඇත.

....සම්පූර්ණයෙන් කියවන්න
 

යුද්ධයක් කියන්නේ පන්තියක ආරවුලක් නොවෙයි

ඉතිහාසය කියන්නේ බොහොම සංවේදී කාරණයක්. එහිදි අපට අවශ්‍ය විදියට කටයුතු කරන්න බැහැ. එහෙත් නිර්මාණශීලීත්වයත් නිර්මාණයට ගෙනා යුතුයි. මොක ද මේක වාර්තා චිත්‍රපටයක් නොවන නිසා? ඒ කාලයේ භාවිත කළ භාෂාව හා ඇඳුම් - ආඉත්තම් පිළිබඳ පවා අපට බොහොම සැලකිලිමත් වීමට සිදු වුණා. ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න පැන නැගුණා. සිනමාවට අලුතින් ම එකතු වන නවතම චිත්‍රපටය ‘ආලෝකෝ උදපාදි’ ය. ‘ආලෝකෝ උදපාදි’ සිනමා ප්‍රේක්ෂකයන් වෙතට රැගෙන පැමිණෙන්නේ තරුණයෙකි. හේ චත්‍ර වීරමන් ය. ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන ‘ආලෝකෝ උදපාදි’ 20 වැනිදා සිට ඊ. ඒ.පී. මණ්ඩලයේ ඇතුළු සිනමා ශාලා පනහක පමණ තිරගත වීමට නියමිත ය. වළගම්බා රාජ්‍ය සමය දක්වා පැමිණි මුඛ පරම්පරා ගත සත් ධර්මය වනපොත් වන අයුරුත්, ඒ කාල සීමාව ඇතුළත සිදු වූ ශාසනික හා සංස්කෘතික පරිහානියත්, දේශපාලන වශයෙන් සිදු වන වෙනස් වීම් අලළා විහිද යන රූප රාමු ඔස්සේ ප්‍රතිනිර්මාණය වන ඉතිහාසයේ එක් පරිච්ජේදයක් පිළිබඳ කියැවෙන ‘ආලෝකෝ උදපාදි’ සිනමා ප්‍රේක්ෂකයන්ට නවතම සිනමා අත්දැකීමක් රැගෙන එයි.

....සම්පූර්ණයෙන් කියවන්න
 

වස්සානයේ සඳ

හිතට දුකක් තියෙනව වුණත් පුංචි කාලෙ ඉඳලම මිහිරි දැන් ඒ ප්‍රශ්නෙට හැඩ ගැහිල ඉවරයි. සන්දේශ්ටත් ඒකට හැඩ ගැහෙන්න ගොඩක් කාලයක් යයි. සමහර වෙලාවට එයාට ඒකට හැඩ ගැහෙන්න බැරි වෙයි. බැරිවෙලා ඔයත් එක්කත් ප්‍රශ්න ඇති කර ගනියි. මිහිරි තවමත් සිටින්නේ අවිනිශ්චිත අනාගතයක් පිළිබඳව බියමුසු සිහිනයක පැටලීගෙනය. ඇගේ සිත මෙතරම් පෙළා දමන්නේ සන්දේශ්ගේ දෙමව්පියන්ගේ කාරුණික හා යහපත්බවම ය. තමන් එකම මල්ලී ගැන සෙනෙහස හා ආදරය පෙරදැරිව සිතන අයුරින් ම ඔවුනුත් තම එක ම පුතා ගැන සිතන බැව් මිහිරි දනී. එදිනත් මැදියම් රැය වන තුරුත් ඇගේ සිත තිබුණේ විශාල ව්‍යාකූල තත්ත්වයකය. කොයි මොහොතක හෝ සන්දේශ් දුරකතනයෙන් තමා අමතාවි යන බලාපොරොත්තුවක් තිබුණත් එය එසේ නොවුණි. තමා නිසා සන්දේශ්ගේ ජීවිතය බිඳකට හෝ දුකකට හෙලන්නට ඇගේ සිත ඉඩ නොදෙයි. අවසානයේ ඇය සිතුවේ සන්දේශ් මැදිහත් නොකර ගනිමින්ම මේ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගන්නටය.

....සම්පූර්ණයෙන් කියවන්න