වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝර්ජ් මයිකල් මියයයි

මගේ ගායන හැකියාවට වඩා ජනප්‍රිය නර්තන හැකියාවයි

කුෂානි සඳරේඛා මෙරට කලා ක්ෂේත්‍රයට පිවිසියේ කුඩා ළදැරියක වශයෙනි. රංගනයට, නර්තනයට මෙන්ම ගායනයට ද ඇය තුළ පැවතියේ සුවිශේෂී හැකියාවකි. කලා පවුලකින් පැවත එන උරුමයක් ඈ සතු වුව ද ඒ පාරම්පරික උරුමය ඉක්මවා යන දක්ෂතාවයක් ඈ සතු විණ. වර්තමානයේ මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන හඬ පෞරුෂයක් වන ඈ පසුගිය කාලය තුළ තිරගත වූ 'ආදරණීය කතාවක්' චිත්‍රපටයේ පසුබිම් ගායනයට එක්වීමෙන් කාගේත් අවධානයට පාත්‍ර වූ චරිතයක් බවට පත් වූවාය. කුඩා කල පටන්ම කලාවේ විවිධ ඉසව් ඇසුරු කරමින් ඈ පැමිණි ගමන්මඟ එක්තරා කාල වකවානුවකදී එක්වරම නතර වූවාය. පුරා වසර අටකට ආසන්න කාලයක් ඈ නිහඬ දිවි පෙවතක් ගත කරමින් සිට නැවත ක්ෂේත්‍රයට එක් වූයේ ආදරණීය කතාවක් තුළිනි. ඇගේ කලා ජීවිතේ ඉදිරි අනාගතයත් ගත වූ කාල වකවානුවත් පිළිබඳ වූ කතාබහකට පසුගිය දිනක අපි ඇය හමු වූවෙමු. මේ පිළිසඳර ඒ ඇසුරෙනි. * ඉතිං . . . කුෂානි කොහොමද ජීවිතේ? මොනවද අලුත් තොරතුරු? මම හිතන්නේ දිගු නිහැඬියාවකින් පස්සේ ආයේ කලා ජීවිතේ පටන් ගත්තා කියලයි.  

....සම්පූර්ණයෙන් කියවන්න
 

ආප්ප බානවා වගේ ප්ලේන් බාන්න බැහැනේ

"හොර වැඩ ඔක්කොම අහුවුණා" මිහිරිට එසේ කියැවිණ. "මොනවද මිහිරි කරන්නෙ?" "මං ඔයාට රස කෑමක් හැදුවා" "රස කෑමක්?" "ඔව්" ඇය ඊළඟට සිසිර දෙස බැලුවාය. "සිසිර ඔයා ගිහින් ඉක්මනට මේසෙ ලෑස්ති කරන්නකො" "හරි" එසේ කියමින් සිසිර එතැනින් ඉවත් විය. "ගයන්තත් දැන් එනව කිව්වා අපිත් එක්ක කෑම කන්න. එතකන් ඔයා මොනවාහරි බොනවද සන්දේශ්?" "ඕන්නෑ. දැන් කනවනෙ" සිසිර පිඟන් හැඳී තබමින් මේසය සකස් කරන්නට වූයේය. මිහිරි සාලයේ ටීපෝව අසළට ගොස් ඒ මත තිබු ඉටි කවරයක් තුළ වූ ඩීවීඩී පට කිහිපයක් එළියට ගත්තාය. "ඔන්න මං ඔයාට හොඳ ෆිල්ම්ස් ටිකක් ගෙනාව, බලන්න. " " තෑන්ක්ස්" " මේ පාර ඔස්කා එවෝඩ්ස් හම්බ වෙච්ච ෆිල්ම්ස් වගයකුත්ඇති ඔතන" " මරු" මෙවෙලේ 'හලෝ හලෝ' කියමින් ගයන්ත නිවසට පැමිණියේය. ඔහු සැරසී සිටියේ ගුවන් හමුදා නිල ඇඳුමිනි. පාන් ගෙඩියක් සහිත පාර්සලයක් ද ඔහු අත විය. ඔහු පාර්සලය මිහිරි අතට දෙමින් ඇය අසල තිබු සෙටියට වැටුණේය. " එයා බේස් එකේ ඉඳන් එන ගමන්ද? " "ඔව්, මිනිස්ටර් කෙනෙක් එක්ක අම්පාරෙ ගියා. ආපු ගමන්ම තමයි මිහිරිගෙන් කෝල් එක ආවෙ.

....සම්පූර්ණයෙන් කියවන්න
 

මම වගේ නම් නියමයි

සෝනක්ෂි සිංහා ගැන පසුගිය කාලයේ කතාබහ වුණේ Akira, Force 2 වැනි චිත්‍රපට සමඟින්. මේ දිනවල ඇයගේ නවතම චිත්‍රපටය Noor තිරගත වෙනවා. හාස්‍ය ගෙන එන මේ චිත්‍රපටයේ නූර් රෝයි චෞද්‍රි නමින් ඇය පණ පොවන චරිතයට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා කියලා ආරංචියි. ඒත් සෝනක්ෂි නම් කියන්නේ හැමෝම සතුටු කරන්න බැහැ කියලායි. ඇය විශ්වාස කරන්නේ ඇය කරන දේ නිවැරදියි කියලා. ඒ නිසා හැමෝටම සතුටු වෙන දේවල් කරන්න බැහැලු. හැමෝම සතුට ලැබෙන විදියට වැඩ කළ කාලයකුත් තිබුණු බව සෝනක්ෂි කියනවා. "එහෙම කළත් ඒක එපා වෙන දවසකුත් එනවා" ඇය පවසනවා. ඒ දවස සෝනක්ෂිට කලින්ම උදා වෙලා. ඉතිං දැන් ඇය තමන්ට හිතෙන තමන්ගේ හිතට සතුටක් දැනෙන දේ විතරයි කරන්නේ. ඒ ප්‍රවිශ්ඨය සෝනක්ෂිට ඉදිරියට එන්න පිටිවහලක් වෙලා. "ඔයා මම වගේ නම් නියමයි. ඔයා මම වගේ නෙවෙයි නම් ඒත් කමක් නැහැ. මම වැඩ කරන්නේ මට ඕනි විදියට"

....සම්පූර්ණයෙන් කියවන්න