වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




නළුවන්ට ඔස්කාර් සාපයක්ද?

ඇවිළෙන ගිනි නිවන්න අවුලන්න එපා

‘ජිප්සීස්’ කිව්වම කාටත් මතක් වෙන්නේ මේ රටේ සංගීත ක්ෂේත්‍රයට ඔවුන් තිළිණ කරපු නිර්මාණ රාශියක්. ඒ වගේම කණ්ඩායමක් වශයෙන් මේ සා දීර්ඝ කාලයක් ඔවුන් අඛණ්ඩව ක්ෂේත්‍රයේ රැඳී සිටීමත් එක්තරා අන්දමක සුවිශේෂීත්වයක්. මේ සියල්ලෙහි නොසැලෙන දැවැන්ත සෙවණැල්ල වෙන්නේ ජිප්සීස් නායක සුනිල් පෙරේරායි. ඔහුගේ කාර්යශූරභාවය, කළමණාකාරිත්වය, එකිනෙකා අතර පවත්වාගෙන යන ආදරණීය බැඳීම් සමුදාය, එකිනෙකා තේරුම් ගැනීම, අවංකභාවය, විශ්වාසය ආදී මෙකී නොකී ගුණාංග මේ ගමන් මඟේ බැඳීම් ශක්තිමත් කරන්න හේතු වෙනවා. ඒ සියලු කාරණාත් සමඟම යළිත් වරක් සමාජ ජාලා අතර ජිප්සීස් සුනිල් පිළිබඳව නව ප්‍රවෘත්තියක් හුවමාරු වෙමින් පැවතියා. ඉන් කියවුණේ ඔහු කිසියම් පිරිසකගේ ප්‍රහාරයට ලක්ව ඇති බවකි. මේ සියලු කාරණා පදනම් කොට ගෙන ඔහුත් සමඟ වූ කතාබහකට පසුගිය දිනක අපි ඔහු හමුවන්නට ගියා. බැලූ බැල්මට නම් සුනිල්ට කිසිදු ප්‍රහාරයක් එල්ල වූවා යැයි සිතන්නට තරම් කාරණාවක් ඔහුගේ බාහිර ස්වරූපයෙන් අපට දකින්නට ලැබුණේ නෑ. සුපුරුදු පරිදි ඔහු සිය කාර්යාලයේ වැඩ කටයුතුවල නිරත වෙමින් සිටියා.

....සම්පූර්ණයෙන් කියවන්න
 

ජැක්සන් බොලිවුඩ් එයි

ලෝක සංගීත ඉතිහාසයේ නොමැකෙන නමක් සනිටුහන් කළ පොප් රජු ලෙසින් විරුදාවලි ලත් මයිකල් ජැක්සන් ගායනයෙන් පමණක් නොව නර්තනයෙන්ද ලොවම වසඟයට ගත් තරුවක් විය. ඔහුගේ ගීත පමණක් නොව නර්තන විලාසිතාවන්ද ලෝ ප්‍රකට වී අදටත් ජනප්‍රියව පවතින්නේ, එහි වූ විශේෂත්වය නිසාමයි. ඔහු මිය ගොස් වසර අටක් ගත වුවද දැන් නැවතත් මයිකල් ජැක්සන් රිදී තිරයේ ජීවමාන වී ඇති සැටියක් පෙනේ. ඒ බොලිවුඩයෙන් එන අලුත්ම සිනමා නිර්මාණයක් සමඟිනි. මුන්නා මයිකල්, අමෙරිකානු පොප් රජු මයිකල් ජැක්සන්ගේ සංගීතය මෙන්ම නර්තනයට වහ වැටුණු වීදි තරුණයෙක්. මහින්දර් ෆවුජි යනු නර්තනයට ප්‍රිය කරන්නා වූ මැරයෙක්. Munna Michael චිත්‍රපටයෙන් කියන්නේ ඔවුන් දෙදෙනාගේ කතාවයි. සබීර් ඛාන් අධ්‍යක්ෂණය කර විකී රජානී නිෂ්පදනය කළ Munna Michael චිත්‍රපටය මෙලෙසින් රිදී තිරයේ දිගහැරෙන්නේ මයිකල් ජැක්සන් පිළිබඳ මතකය සමඟින්. අමාල් කින්ග්ගේ රචනයෙන් නිර්මාණය වූ මෙහි ටයිගර් ශ්රොෆ්, නවසුදීන් සිද්දික් සමඟ නිධී අග්‍රවාල් ප්‍රධාන චරිත නිරූපණය කරති.

....සම්පූර්ණයෙන් කියවන්න
 

ශාන්ත සොයිසාගේ ‘නෙතු’ රූගැන්වෙන ගොතටුව දර්ශන තලයට යමු

කමලසිරි (විශ්ව කොඩිකාර) ඇස් පියන් වහගෙන කල්පනාවක. කුප්පියාවත්තේ කොඩිප්පිලි එහෙමත් නැතිනම් කුප්පියාවත්තේ කොඩී (චන්දික නානායක්කාර) පරණ ජීප් එක විකුණලා අලුත් එකක් ගන්න බලාගෙන ෆෝන්නෙකෙන් කතාබහක. වයිලා (සමන්ති ලැනරෝල්) තේ කෝප්පයක් තොල ගාමින් රංගනයට වාරය එනතුරු මඟ බලාගෙන. එක සීන්නෙකක් හමාර කරලා ඇවිදින් මීනා කුමාරි පුංචි විවේකයක. දැන් එක එක වැඩවල ගිලුණත් මේ සේරෝම එක ටෙලියක එකකට එකක් වෙන් කරන්න අමාරු තරමට එක පවුලක් විදියට ප්‍රේක්ෂක සිත්වල බැඳිච්ච උදවිය. රෑපානේ එකටම ආලින්දයට ගොඩවදින එයාලාව පසුගිියදා අපට අංගොඩ - ගොතටුවේ ශාන්ත සොයිසාගේ නිවෙසේදියි හමුවුණේ. මෑතකදීම 'පබා', 'පබළු' ආදි ටෙලිවලින් ප්‍රේක්ෂක හදවත් හි සම්මානනීය වූ ශාන්ත සොයිසායි රූපවාහිනී මහගෙදර (ස්වාධීන රූපවාහිනිය) වෙනුවෙන් නෙතු ටෙලියට නගන්නේ. රැයේ ආලින්දය පුංචි තිරයෙන් සරසන්නට 'නෙතු' වෙනුවෙන් සලරූ අමුණ අමුණ සිටි ඒ අය අප එහි ගොඩවදිද්දී එක්රොක්ව සිටියේත් ශාන්තගේ නිවෙසේ ආලින්දයට.

....සම්පූර්ණයෙන් කියවන්න