වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




මම බොබ් මාලේ මරා දැමුවා

ඒ රස සිදුවීම් කියන්න තහනම්

උදා වූ නව වසරේ සරත් චන්ද්‍රසිරි සිටියේ නිවෙසෙටම වී බොහොම වි‍වේක සුවයෙන්. කාලයකට පස්සේ ලැබුණු මේ විවේකයට එකතුවුණු තවත් තුන්දෙනෙකු සිටියා. ඒ පුතා කංචුක තිලක්ෂණ දියණිය හසාරා නිලක්ෂි හා බිරිය චාරිකා ජයමාලි පසුගිය කාලයේ සිව්දෙනාම මුණ ගැසුණු දිනයක් නොමැතිතරම්. ඒ තරමටම සරත් වගේ ම පුතාත්, දුවත් බොහොම කාර්යඉහුල ජීවිතයකුයි ගත කළේ. කාලයකට ඉහත බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ හදාගත් ගෙපැල සම්පූර්ණ කරගත් ඔහු මෙවර නව වසර සැමරුවේ එහි එක් පැත්තක නිම කරන ලද විශේෂ පෝටිකෝවේ. වෙල්යායට මුහුණලා ඉදි කරලා තිබුණු මේ පෝටිකෝව සරත් නිර්මාණයේ කළේ ම බොහොම විවේකයෙන් නිවෙසේ ඉන්න දවසක කාලය ගත කරන්න සිතාගෙන. ඒ ප්‍රාර්ථනය ඉටුවුණු නව වසරේ ඔහු එහි අසුනකට බර වෙලා ඈතින් වෙල්යාය පිසගෙන පැමිණෙන මඳනල වින්ඳේ මධුවිතක් තොලගාමින්. ඒ වගේ ම ඔහු ප්‍රධාන චරිතයකට පණ පොවන ‘ඩොක්ටර් නවරියන්’ චිත්‍රපටයත් මේ දවස්වල තිරගත වෙනවා.

....සම්පූර්ණයෙන් කියවන්න
 

සතුටයි කඳුළයි හවුලේ විඳගත් 2017 බොලිවුඩ් පුවත්

මේ වසරේ බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළටම පැමිණෙන්න සමත් වූ හින්දි චිත්‍රපටය වන්නේ, වසරේ අවසානයේ එනම් දෙසැම්බර් 22 වැනිදා තිරගත කිරීම ආරම්භ කළ සල්මන් - කත්‍රිනා නැවතත් තිරයේ එක් කරමින් අලි අබ්බාස් සෆාර් විසින් අධ්‍යක්ෂණය කළ Tiger Zinda Hai  චිත්‍රපටය යි. බොලිවුඩයට කාරුණික නොවූ 2017 වසර තුල සාර්ථක චිත්‍රපට අතරේ ආසාර්ථක වූ චිත්‍රපටද වන අතර ඒ අතරින් කිසිවෙකුත් නොසිතූ පරිදි ඇතැම් චිත්‍රපට අසාර්ථක ඒවා බවට පත් වූයේ වියදම තරමටවත් ආදායමක් නොලබමිනි ගෙවී ගිය වසර බොලිවුඩයට සතුට මෙන්ම කඳුළ ද ගෙන ආ වසරක් බව කවුරුත් දන්නා කරුණක්. එසේම සිනමා නිර්මාණ තිරගත කිරීමේ තරගකාරී බවක් ඇති වූ වසරක් ලෙසත් විශේෂ වෙනවා. එසේම ඉහත වසර කිහිපය සමඟින් බලන විට සිදු වූ සිදුවීම් සමඟ 2017 වසර බොලිවුඩයේ අඳුරුතම අවධින් අතර එකක් බව ද ඇතැම් විචාරකයන්ගේ අදහස බවට පත් වුණා. ඉහළින්ම දිළෙන තරු කිහිපයක්ම දායක වූ නිර්මාණ අතර ලොකු තරගයක් ඇති වුවත් ඇතැම් නිර්මාණ කවුරුත් නොසිතූ පරිද්දෙන් අසාර්ථක වීම ද මේ අතර දකින්නට ලැබුණි.

....සම්පූර්ණයෙන් කියවන්න
 

විදුලි දුම්රියක සම්පූර්ණ චිත්‍රපටයක් The Commuter

මයිකල් මැක්කියුලි යනු රක්ෂණ නියෝජිතයෙකි. රාජකාරිය නිම කර ඔහු තම නිවෙසට පැමිණෙන්නේ දුම්රියෙනි. එහිදී ඔහුට හමුවන කාන්තාවක් මෙම දුම්රියේ සැඟව සිටින මඟියෙකු සොයා දුන හොත් අමෙරිකානු ඩොලර් ලක්ෂයක් ලබා දෙන බවට පවසයි. නමුත් දුම්රිය අවසාන නැවතුමට ළඟා වීමට පෙර එම මඟියා සොයා ගැනිම මයිකල්හට ඇති අභියෝගය වේ. ස්පාඤ්ඤ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ජූම් කොලෙට් සෙරාගේ අධ්‍යක්ෂණයෙන් යුතු නවතම ත්‍රාසජනක චිත්‍රපටයේ ලියම් නීසන් ජීවිතය හෝ මරණය අතර සටනක් වෙනුවෙන් නැවතත් සිය විශේෂ දස්කම් පාවිච්චි කරනවා. එම සටන මුල සිට අග දක්වාම ගමන් ගන්නා දුම්රියක සිදුවීමත් විශේෂයි. නමුත් ජූම් කොලෙට් සෙරාට හෝ ලියම් නීසන්ට නම් එය තවත් එක් අත්දැකීමක් වන්නේ මීට පෙර මේ දෙදෙනා එක්ව 'In-transit thriller' ගණයට ගැනෙන ගමනක් අතරතුර ත්‍රාසජනක සිදුවීම් ඇතුළත් චිත්‍රපටයක් වූ Non-Stop නිර්මාණය කිරීම නිසයි. 2014 වසරේදි තිරගත කෙරුණු Non-Stop අහස් යානක් ගමන් ගන්නා අතරතුර සිදුවන ත්‍රාසජනක සිදුවීම් පෙළක් ගෙන ආවා.

....සම්පූර්ණයෙන් කියවන්න