වර්ෂ 2018 ක්වූ  ජනවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




කාවිංග-සනායා විවාහයේ දුකා අයියා මාමා වෙලා

කාවිංග-සනායා විවාහයේ දුකා අයියා මාමා වෙලා

කාවිංග පෙරේරා විවාහ වු පුවත දැන් අලුත් එකක් නෙවෙයි. පුංචි තිරයේ දඟකාරයා වූ ඔහු යහපත් ස්වාමි පුරුෂයකු ලෙසට ඉදිරියේදී කටයුතු කිරීමට සැදී පැහැදී සිටිනවා. කාවිංගගේ පෙම් හබය අද ඊයෙක ඇරැඹූ එකක් නෙවෙයි. කාවිංගගේ බිරිය වූ සනායා ඔහුට හමු වුණේ කලා ලෝකෙම කෙනෙකු කළ කපුකමක් නිසා. මේ කපු උන්නැහේ වෙන කෙනෙක් නෙවෙයි, වසන්ත දුක්ගන්නාරාල. එහෙමත් නැතිනම් අප ආදරය කරන දුකා. ඔහු තමයි කාවිංගට සනායාව ජෝඩු කරලා තියෙන්නේ. දුකාගෙන් මේ අපි අහන්නට සැරසෙන්නේ ඒ පෙම් කතාවේ සුලමුලයි. * දුකා, ඔබට සනායාට ඇති නෑකම කෙබඳුද? සනායා කියන්නේ මගේ ලොකු අම්මගේ දුවගෙ දුව. ඥාතිත්වයට අනුව ඇය මගේ දුවෙක්. * ඇය වෛද්‍යවරියක් නේද? ඔව්. සානායා ඉගෙන ගත්තේ චීනයේ. වර්තමානයේදී ඇය කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියක් ලෙසට සේවය කරනවා. * සනායාට කලා ලොව ගැන මොන වගේ දැනුමක් ද තිබුණේ? මම හැර අපේ හත්මුතු පරම්පරාවේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නෑ. සනායාටත් එහෙම ලොකුවට කලා ලොවට එන්නට උනන්දුවක් තිබුණා කියලා මට හිතන්නට අමාරුයි. නමුත් ඇය නළු නිළියන් ගැන . . .

....සම්පූර්ණයෙන් කියවන්න
 

මට තවත් ඒ මිනිහා එක්ක ඉන්න බෑ

අනුරාධපුරයට ගිය පයින් ආපසු එන්නට සිදු වනු ඇතැයි බිනරි සිතුවේ නැත.ඇය සිතා සිටියේ තාත්තා හමුවන්නටය.එයට කලින් ඇය අනුරාධපුරයට ගොස් තිබුණේ පුංචි දවස්වලය.වන්දනා නඩයක සාමාජිකයන් හැටියට මවුපියන් සමඟ ගිය අයුරු ඇගේ මතකයේ තිබිණ.තාත්තාගේ කඩ කෙරුවාව නිසා පවුලේ අයට විනෝද ගමන් යන්නට ඉඩ ලැබුණේ නැත.ගිය ගමනක් ගියේ පාසලේ විනෝද ගමනක් හැටියටය.එයින් ද සීගිරිය දඹුල්ල ගිය ද අනුරාධපුරයට පැමිණි වගක් බිනරි ගේ මතකයේ නැත. ‘අපිට ඔය කියන තැන හොයා ගන්න පුළුවන්ද ?’ යන්නට පෙර අම්මා දෙතුන් විඩයක්ම බිනරි ගෙන් විමසා සිටියාය. ‘කොහෙද මෙච්චර ඉඳලා තනියම පිටකොටුවට යන්ඩත් බෑනේ.’ බිනරි අම්මාව විහිළුවට ලක් කළාය.ඇය ඒ බසට කිසිත් නොකියා කරබා ගත්තාය.දුම්රියෙන් අනරුධුපුරයට ගොස් එතැනින් බිනරි හෝටලය සොයා ගැන්ම දියනියගේ වෑයම විය.ගෙදර හැදුණු වැඩුණු දියණිය තනිවම තමාත් සමග අනුරාධපුරයට යන ආකාරය අම්මාට පුදුමයක් විය. ‘තාත්තාට කෝල් එකක් දුන්නා නම් ඉවරයිනේ’ චිත්‍රා පැවසුවාය.

....සම්පූර්ණයෙන් කියවන්න
 

රහසක් නොවන රහසක් 12 Strong

මුළු අමෙරිකාවම තිගැස්මට ලක් කරමින් 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අල් කයිඩා සංවිධානය විසින් එල්ල කළ දරුණු ප්‍රහාරය අමෙරිකානු ජාතිකයන්ට කිසිදා අමතක නොවන සිදුවීමක්. එහිදී අල්කයිඩා ත්‍රස්තයන් විසින් පැහැරගත් ගුවන් යානා උපයෝගි කරගනිමින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර ඒ හේතුවෙන් තුන්දහසකට ආසන්න පිරිසක් මිය ගියා. හයදහසක් පමණ අමෙරිකානුවන් එයින් තුවාල ලද අතර අමෙරිකා එක්සත් ජනපදයට අමෙරිකානු ඩොලර් බිලියන 10කට වඩා වැඩි පාඩුවක් සිදු වුණා. එපමණක් නොව අල් කයිඩා සංවිධානය එල්ල කළ බිහිසුණුම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන්නේ ද අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල කළ මෙම ප්‍රහාරයයි. මේ වන විට එම ප්‍රහාරය එල්ල වී වසර දහසයක් ගත වී අවසන්ය. නමුත් එම ප්‍රහාරය හමුවේ අමෙරිකාව විසින්ද බොහෝ තීරණ ගන්නා ලද බව කාහටත් රහසක් නොවුණද ඒ සමඟින් වූ යුද රහස් ද බොහෝමයක් වන්නට ඇති බව කවුරුත් නොදන්නා රහසක්. කෙසේ නමුත් ඒ රහස් තොරතුරු අතරින් ඇතැම් ඒවා තවදුරටත් රහස් නොවන තත්ත්වයට පත් වී හමාරය.

....සම්පූර්ණයෙන් කියවන්න