වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබේ සුවඳ දෝ සිිත දැවටෙන්නේ...

ගායිකාවක් වෙන්න හිතන් හිටියට අවසානයේ නිළියක් වුණා

කුසුම් පෙරේරාගේ කලා ජීවිතය ආරම්භ වන්නේ සංගීතා සිනමාපටයෙනි. ඒ අදින් වසර හතළිහකට පෙරය. එම සිනමාපටයට රංගන දායකත්වය ලබා දෙන විට කුසුම්ගේ වයස අවුරුදු අටකි. එවකට සිනමාවේ අතිශය ජනප්‍රිය තරු යුවළක් වන විජය - මාලිනී ඇතුළු දැවැන්තයින් රැසක් සමඟ සිය ප්‍රථම රංගනය ඉදිරිපත් කිරීමට කුසුම් භාග්‍යවන්ත විය. කුසුම් දැවැන්ත කලා පවුලක පුරුකකි. ඇගේ මිත්තණිය ප්‍රකට ටවර් හෝල් රංගන ශිල්පිණියක වූ එල්. කේ. සෝමකාන්තාය. සීයා. ටී. විල්බට් පෙරේරා විය. ඔහු ද ටවර්හෝල් යුගය නියෝජනය කළ කලාකරුවෙක්ය. ඔවුනට දාව උපන් සූරියරාණි පෙරේරා කුසුම්ගේ මවය. ඇගේ අයියා ටී. ෂෙල්ටන් පෙරේරාය. සූරියරාණිගේ බාල නැගණිය කුමාරි පෙරේරාය. මේ කලා හිතෛෂීන් මැද කල් ගෙවූ කුසුම් කලා ලොවට පිවිසීම අරුමයක් වන්නේ නැත. කලා ලොවේ සිව් දශකය සපිරීම නිමිත්තෙන් කුසුම් ප්‍රසංගයක් සංවිධානය කොට ඇතිවග සරසවියට දැන්වීය. එය මෙම මස 10 වැනිදා සවස 5.30 ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වෙනු ඇත. ඇගේ රැඟුමෙන්, ගැයුමෙන් හැඩ ගැන්වෙන මෙය නම් කොට ඇත්තේ 40 වසරක සැමරුම යනුවෙනි.

....සම්පූර්ණයෙන් කියවන්න
 

සුදු නෝනේ ඇට් කරපු නාට්‍යවලට මොකද වුණේ

තිරයේ පතිත වත වන රූප රාමු දෙස බලා සිටි ඇයට නිකම්ම ඇඬුම් යන්නට ආයේය.මධුරි ඩික්ෂිත් සිය සැමියා විසින් නිකරුණේ සැක කර ලැබ සිටියි.සැමියාට රඟපෑවේ ෂාරුක් ඛාන්ය. බිනරි කදුළු වළක්වා ගන්නට උත්සාහ නොකළාය.ඒ වෙනුවට තව තවත් ඩික්සන් ගේ උරහිසට හේත්තු වි එහි උණුසුම ලබන්නට ඇය කැමැති වූවාය. ඩික්සන් වඩා කැමැති රෙස්ලිං තරඟ බලන්නටය. ‘සුදු නෝනේ අද මාර කෑල්ලක් හම්බ වුණා.බලන්ඩකෝ’ ඩික්සන් සවස ගෙදර එන විට හන්දියේ තිබුණ ඩීවීඩි වෙළඳ සැලෙන් රැගෙන ආවේ මල්ලව පොර තරග ඇතුළත් තැටියකි. බිනරි චිත්‍රපට බලන්නට හිතා ඩීවීඩි යන්ත්‍රයක් මිළයට ගත්තේ ඩික්සන්ගේ වුවමනාවටය.ඩික්සන් ගෙදර නැවතී මාසයක් ගත වන්නටත් මත්තෙන් අම්මා මාමා ගේ නිවසට ගියාය.යන්නට කලින් ඇය නොයෙක ආඩපලි පැවසුවාය.ඒ ඩික්සන් ගැනය. මුලින් මුලින් බිනරි ඒ ගැන කිසිත් කියන්නට ගියේ නැත.එහෙත් පසුව ඇය එකටෙක කියන්නට පටන් ගත්තාය. අම්මා මාමාගේ නිවසට ගියේ එයින් පසුවය. ‘මම ටික දවසකට මාමාලෑ ගෙදර යනවා,’

....සම්පූර්ණයෙන් කියවන්න
 

ශ්‍රී දේවි මැරුණාද මැරුවාද?

තම ප්‍රතිභාපූර්ණ රංගනයෙන් වසර පනහක් සිනමා රසික රසිකාවන් පිනවූ බොලිවුඩයේ සුපිරි තරුව ශ්‍රී දේවි පසුගිය පෙබරවාරි 24 වැනිදා සිය ජීවන ගමන නිම කළේ ලොවපුරා රසික රසිකාවන් කම්පනයට පත් කරමින්. 54 හැවිරිදි වියේ පසු වූ ඇය හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මිය ගිය බවට පුවත් පළ වුවද ලොව ජනප්‍රිය තරු ලෙසින් පිදුම් ලැබ සිටි මර්ලින් මොන්රෝ, නතාලි වුඩ් මෙන්ම බොලිවුඩයේ දිව්‍යා භාරතී වැනි තම මරණය අභිරහසක් ලෙසින් තබා මෙලොවින් නික්මී ගිය නිළියන් අතරට ශ්‍රී දේවියගේ නම ද ඇතුළත් වීමට වැඩි කාලයක් ගත වූයේ නැහැ. හෘදයාබාධයක් ඇතිවීමට හෝ එවැනි කිසිදු අසනීප තත්ත්වයක ලක්ෂණයක් හෝ මීට පෙර ශ්‍රී දේවි වෙතින් පෙන්නුම් නොකළ බව කපූර් පවුලේ ආරංචි මාර්ග තහවුරු කළා. අසූව හා අනූව දශකවලදී ඉන්දියාවේ වැඩිම අදායමක් ඉපැයූ නිළිය වශයෙන් හැඳීන්වුයේද ශ්‍රී දේවියයි. සිව්හැවිරිදි වියේදි ඊඩභදචඪමචද දෙමළ චිත්‍රපටයෙන් සිනමාවට පිවිස අති සාර්ථක ලෙසින් සිනමා නිර්මාණ රැසකට දායක වී 1996 වසරේදී සිනමාවට සමු දුන්නේ විවාහය හේතුවෙන්. ඇය, හින්දි සිනමාවේ ප්‍රකට නිෂ්පාදකවරයකු වන බොනී කපූර් . . .

....සම්පූර්ණයෙන් කියවන්න