වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




පිළිකා රෝහල වෙනුවෙන් යමක් කරනවා

අපිට කලින් චීනය දැකගත් අනුෂ්කා උදයංගනී

ඇගේ රංගනය පළමුවරට දුටුවේ චීනයේ ප්‍රේක්ෂකයෝය. ඒ එරටේ වෙළෙඳ දැන්වීමකට ඇය හා හා පුරා කියා පෙනී සිටිය බැවිනි. අනතුරුව නිර්මාණ කිහියක්ම ඔස්සේ මේ සුරූපිනිය සිය දස්කම් විදහාලීය. අනුෂ්කා උදයංගනී මොහොතක් කතාබහක නියැළෙමු ඇය සමඟ. කොහොමද චීන වෙළෙඳ දැන්වීමකට පෙනී සිටින්නට ඔබට අවස්ථාව උදා වුණේ? රඟපාන්නට ඇති ආසාව නිසා මම ස්ක්‍රීන් ටෙස්ට්වලට සහභාගි වුණා. එහෙම ගිය අවස්ථාවකදී මට යාළුවකුගේ මාර්ගයෙන් තමයි මේ චීන දැන්වීමට රඟපාන්න ආරාධනය ලැබුණේ. පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා ඒ ලැබුණු අවස්ථාවට. ඉන් පසුව ඔබ දායක වූ නිර්මාණ පෙළ ගැනයි මං ඊළඟට අහන්නේ? ටෙලි නාට්‍ය නම් කිහිපයක්ම කළා. ඒ අතරින් හඳයා ටෙලි නාට්‍යය විශේෂයි. මං එහි සී. අයි. ඩී. චරිතයක් කළේ. හුඟක් මිනිසුන් අතරට ගියා ඒ චරිතය. ඉකුත් දිනවලදී ඉලන්දාරියෝ නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ ඉතාරාට පණ පෙව්වා. උදුම්බරා නැමැති චිත්‍රපටයක මේ දිනවල ෂූටිං. මං එහි උදුම්බරාගේ අක්කා. ඔබ රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තිබෙනවාද? මට වුෂු පුළුවන්.ඒ හින්දා සටන් කලාව හා සැබැඳි චරිතයක් රඟපාන්න ආසාවෙන් ඉන්නවා. . .

....සම්පූර්ණයෙන් කියවන්න
 

මා ගැන වුණත් මට බයයි

නිවසට ඇතුළු වූ ඩික්සන් කිසිත් පැවසුවේ නැත.බිනරි විනෝද් ගේ හිස පිරිමදිමින් සිටිනු දුටු ඔහු කැලඹණ ද කිසිත් කියන්නට ගියේ නැත.ඒ වෙනුවට ඔහු කළේ විනෝද් ඉදිරියේ අසුන් ගැනීමය.විනෝද් ඩික්සන් දෙස එක එල්ලේ බැලුවේය.ඔහු කතා කරන්නට වචන සොයමින් තතතන අයුරු විනෝද්ට පෙනිණ.විනෝද් තම හිස වටා යන බිනරිගේ අත කාරුණිකව නතර කළේය. ‘පුංචි කාලේ අම්මා ඔළුව අත ගෑවාට පස්සේ ඒ විධියට ඔළුව අත ගෑවුණේ අද‘ ඔහු පැවසුවේ බිනරි දෙස කෘතවේදිත්වය පළ කරමිනි.බිනරි කිසිත් නොකියා ඩික්සන් සහ විනෝද් අතර තිබුණ පුටුවක වාඩි වුනාය. ‘කොහොමද ඩික්සන් වැඩ‘ ‘ඔහේ කර ගෙන යනවා විනෝද් මහත්තයා‘ ‘මොකටද ඔහේ කර ගෙන යන්නේ ඩික්සන්.වැඩක් වැඩක් හැටියට කරනවා විනා‘ ඩික්සන් එයට මෝඩ පහේ සිනාවක් පෑවේය.තමා මේ අවස්ථාවේ යළිත් අසරණයෙක් වී ඇති සැටි ඩික්සන්ට පෙනිණ. ‘දැන් බලනවා තමුසේ කොළඹ එන්නේ.කොහොමද? මොනවට ද?‘ විනෝද් යළිත් ඩික්සන් ප්‍රශ්න කරන්නට පටන් ගත් සැටියකි.

....සම්පූර්ණයෙන් කියවන්න
 

ශ්‍රීදේවිගේ මැරුවාද මැරුණා ද ?

වසර පනහක් සිනමා රසික රසිකාවන් පිනවූ බොලිවුඩයේ සුපිරි තරුව ශ්‍රී දේවි පසුගිය පෙබරවාරි 24 වැනිදා සිය ජීවන ගමන නිම කළේ ලොවපුරා රසික රසිකාවන් කම්පනයට පත් කරමින්. 54 හැවිරිදි වියේ පසු වූ ඇය හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මිය ගිය බවට පුවත් පළ වුවද එමිරේට්ස් රාජ්‍ය පොලිසිය විසින් පසුගිය පෙබරවාරි 26 වැනිදා ශ්‍රී දේවිගේ මරණ පරීක්ෂණ වාර්තාව මඟින් ප්‍රකාශයට පත් කළේ ඇය දියේ ගිලීමෙන් ඇති වූ හදිසි අනතුරකින් මරණයට පත් වී ඇති බවයි. මෙම මරණය ප්‍රකට සිනමා නළු නිළියන්ට හිරිහැර පමුණුවන පාතාල කල්ලියක ක්‍රියාවක් විය හැකි බවටත් කටකතා පැතිරුණා. ශ්‍රී දේවියගේ මරණය පිළිබඳ විවිධ පුවත් ලොව පළ වන විටදී අවසන් කටයුතු සිදු කිරීමෙන් පසු බොනී කපූර් විශේෂ ප්‍රකාශයක් කරමින් සියලු දෙනා ගෙන් ඉල්ලා සිටියේ, ශ්‍රී දේවි සිහිපත් කිරීමට අවැසි නම් ඇයගේ යහපත් ගතිගුණ සිහිපත් කරන ලෙසයි. එසේම ලෝකයට ඇය සුපිරි නිළියක් වුවද තම නිවෙසේ පවුල් ජීවිතය තුළ ඇය ආදරණීය බිරියක හා මවක වූ බවද බොනී එහි සඳහන් කර තිබුණා.

....සම්පූර්ණයෙන් කියවන්න