නැතුව බැරි මිනිහෙක් 4 දා සමුගනී

ඔක්තෝබර් 1, 2020

සම්මානනීය නාට්‍යවේදී රාජිත දිසානායක නිර්මාණය කළ නැතුව බැරි මිනිහෙක් නාට්‍යයේ අවසන් දර්ශන වාරය මෙම මස 04 වැනිදා සවස බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියෙටර්හිදී රඟ දැක්වීමට නියමිතය.

ධර්මප්‍රිය ඩයස්, ශ්‍යාම් ප්‍රනාන්දු, නදීශානි පේළිආරච්චි, බිම්සරා ප්‍රේමරත්න, අනුරාධ මල්ලවආරච්චි, පසන් රණවීර, නලීන් ලුසේනා ඇතුළු නළු නිළියෝ මෙහි රංගනයෙන් දායක වෙති. සංගීතය කපිල පූගලආරච්චිගෙනි. රංග සමරකෝන්ගේ රංගාලෝකයකි. 2017 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍යය ඇතුළු සම්මාන 07 ක් හිමි කර ගැනීමට නැතුව බැරි මිනිහෙක් නාට්‍ය සමත් විය.