රාජ්‍ය කෙටි චිත්‍රපට උලෙළ සම්ප්‍රසාද 2020 සඳහා සූදානම් කෙටි චිත්‍රපටකරුවන්ට ඇරැයුම්

ඔක්තෝබර් 1, 2020

ශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය සිනමා උපදේශක සභාව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව රාජ්‍ය කෙටි චිත්‍රපට තරගාවලියක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කොට තිබේ. සම්ප්‍රසාද 2020 ලෙසට නම් කොට ඇති මෙය සඳහා නිර්මාණකරුවන්ගේ අයැදුම්පත්  සහ නිර්මාණ මේ දිනවලදී කැඳවනු ලැබේ. වයස් සීමාවකින් තොරව මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකි අතර නිර්මාණ බාර ගන්නා අවසාන දිනය වනුයේ මෙම මස 30 වැනිදාය. තරගාවලිය සඳහා ඉදිරිපත් කරනු ලබන චිත්‍රපටයක ධාවන කාලය උපරිම විනාඩි 10 ක් සහ අවම විනාඩි 05 ක් බව දන්වා සිටියි. ඉහළ ප්‍රමිතියකින් යුතුව ඩී. වී. ඩී. මාධ්‍යයෙන් නිර්මාණ බාර දිය හැකිය. හොඳම කෙටි චිත්‍රපට තුන  ඇතුළු හොඳම තිර පිටපත, හොඳම නළුවා සහ නිළිය, හොඳම කැමරාකරණය, හොඳම සංස්කරණය යන අංශ යටතේ සම්මාන සහ මූල්‍යමය ත්‍යාග පිරිනමන අතර සම්මාන ප්‍රදානය දෙසැම්බර් මස 10 වැනිදා සිදු වනු ඇත. ඹඹඹ.ජභතබභපච/ඤඥන.ඨධර.තඬ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112872035 - 0112872036 යන අංකවලින් මෙම කෙටි චිත්‍රපට තරගාවලියෙහි වැඩි විස්තර ලබා ගත හැකිය.