රේගුවෙන් ඇසුණු ගී

ඔක්තෝබර් 1, 2020

ශ්‍රී ලංකා රේගුවේ ගායන වෘන්දයේ ගායනාවන් ඇතුළත් වූ රසවින්දනාත්මක සැඳෑවක් ඉකුත් දා රේගු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මේ සඳහා ප්‍රවීණ ගේය පද රචක කුලරත්න ආරියවංශ සහ වසන්ත කුමාර කොබවක ආරාධිතයන් වශයෙන් සහභාගී වූහ. ගීත රස වින්දනාත්මක විචාරයන් ඔවුන් දෙදෙනා සිදු කළ අතර වැඩ සටහනේ සංගීතය මෙහෙය වීම සුසිල් අමරසිංහ විසින් සිදු කරන ලදී. මෙහි තේමාව සහ රචනය වසන්ත කුමාර කොබවකගෙන් වූ අතර අධීක්ෂණය සහ පුහුණු සහාය වින්දක වීරසිංහගෙනි.