මිස් ජෙනිස් තිරයට එයි

ඔක්තෝබර් 1, 2020

සුසිරන් ද සිල්වා අධ්‍යක්ෂණය කළ මිස් ජෙනිස් චිත්‍රපටයේ මංගල  දර්ශනය පසුගියදා කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත්විණ. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගල, මධ්‍යම පළාත් සභාවේ හිටපු මහ ඇමැති සරත් ඒකනායක යන මහත්වරු සමඟ කලා සහෘද රැසක් මෙම අවස්ථාවට සහභගී වූහ. මිස් ජෙනිස් වෝල්ටර් අබේසුන්දරගේ නිෂ්පාදනයකි.