සඳ තරු මල් මුහුරත් දා...

ඔක්තෝබර් 1, 2020

රවින්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන ලද ප්‍රමීලා සුරංගනි නිෂ්පාදනය කරන නවතම ටෙලි නාට්‍යය සඳ තරු මල් මුහුරත් උලෙළ පසුගියදා කොළඹ ගලදාරි හෝටලයේදි පැවත්විණි. ගයාන් හෙට්ටි ආරච්චි- තිර රචනය කරන, කැමරා කරණයෙන්-නිරෝෂන් කොඩිප්පිලිද, කලා අධ්‍යක්ෂණය-රංගන ජයලත්ය. වේශ නිරුපණය-අමිල මිරිස්සගේවන අතර සහය අධ්‍යක්ෂණය-දිනේෂ් හග්ගල්ල සමග අමිල මදුරංගගෙනි.

මාලනී විරමුණි, ජනක් ප්‍රේමලාල්, නිරෝෂන් විජේසිංහ, හෂිනිකා කරලියද්ද, අංජුලා රාජපක්ෂ, ශිරෝමීකා ප්‍රනාන්දු, හර්ෂණ බෙත්මගේ, සංජය මොරමුදලි, තරංග දිසානායක, රුවන් පෙරේරා සමග ළමා නළු, නිළියන් ලෙසට ඕෂද නිම්ෂර, නවින් සෞම්‍ය, පසන් අභිලාස්, සදෙවි වලිමුණි, මල්ෂා දිවියාංජනී, හිමායා චමුදි රංගනයෙන් දායක වෙති. මෙම ළමා ටෙලි සිතුවම රූගත කිරිමෙන් පසු සැම සතියේ දිනකම සිරස නාළිකවෙන් සවස 06.00ට විකාශනය කෙරේ.