වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
අඩුම වේලාවකින් තේරූ ඇඳුම
අමන්දා ජයරත්න කියනවාට වඩා ඇය ඔබ දන්නේ රුක්ෂි කියලා. ඒ සිඳූ නාට්‍යයයේ ඇය රඟපාන්නේ එනමින් ඇති චරිතය නිසා. රුක්ෂි කියන්නේ බටහිර පන්නයට හැදුන වැඩුණ ගැහැනු ළමයෙක්. ඔන්න දවසක් උදේ පාන්දරම පොකුණුවිට පැත්තේ ඇතුළක තියෙන පන්සලක සිඳූ නාට්‍යයේ දර්ශන වගයක් ෂූට් කරනවාලූ. අමන්දාත් ඒවාට ඉන්නවා. මේකප් එහෙම දාලා අදාළ ඇඳුම ඇඳ ගත්තම තමයි ඇයට තරු පෙනිලා තියෙන්නේ. ඒක හොඳටම හිරයි. දැන් මොකද කරන්නේ..
දවසම ෂූටිං තියෙන්නෙත් ඒ ඇඳුමෙන්මයි. හිරට හිරේ ඇඳගෙන රඟපාන්නත් බැහැනේ. ළඟම ටවුන් එක තමයි හොරණ. වාහනේක නැඟලා හොරණට ඇවිත්. හතර අතේ ඇවිද්දත් එක ඇඳුම් කඩයක්වත් විවෘත කරලා නැහැ. අමන්දාලා කරලස් තියෙන්නේ අර ඇඳුම් කඩවල දොරවල්වලට ගහපු එක. එහෙම කඩවල් පහකට හයකට විතර ගැහැව්වත් කිසිම කඩයකින් දොරක් විවර වුණේ නැතිලු. දොරවල්වලට ගහලම අත් දෙකත් පුපුරු ගහනවලු. අන්තිමේ දහවැනි කඩෙන් විතර තමා දොර ඇරලා තියෙන්නේ. විදුලි වේගයෙන් කඩයට රිංගපු අමන්දා ජීවිතයේ ප්‍රථම වතාවට ඉක්මනින් ඇඳුමක් තෝරගෙන දර්ශන තලයට ගියාලු.