අවුලක් නෑ, ආරි හොඳීන්

ඔක්තෝබර් 1, 2020

කලාකරුවන් පිළිබඳ දූෂමාන පුවත් ප්‍රචාරය වෙන්නේ තටු අරගෙන. සමහර පුද්ගලයින් හිතාමතාම වැරදි ආරංචි පතුරවනවා. ඉකුත් දිනවල ප්‍රවිණ ගායක එ. ච්. ආරියසිංහ ගැනත් එහෙම ආරංචියක් පැතිරුණා. ඔහු බොහොම අසාධ්‍ය වෙලා ඇඳක වැතිර ඉන්න පින්තූරෙකුත් එක්කයි ඒ කතාව ජනතාව අතරට ගොස් තිබුණේ. ඒ මදිවට ආරියසිංහට ආධාර කරන්න කියලත් සමහරු පෝස්ට් හද හද මුහුණුපොතට ඇතුළත් කරලා තිබුණා. ඇත්තම කතාව ඒවා ඔක්කොම සාවද්‍ය ආරංචි. ආරියසිංහගේ ඒ සේයාරුව අරන් තියෙන්නෙ ඔහුගේ රසිකයෙක්. මාස කිහිපයකට උඩදී ඔහු හදිසි අනතුරකට මුහුණ පෑ වෙලාවක ඇඳක නිදාගෙන ඉද්දි අනවසරයෙන් තමයි ඒක ගෙන තියෙන්නේ. ඡායාරූපය ගත්ත කෙනා මෑතකදි ඒක මුහුණුපොතට එක්කරලා. ඒකෙන් නොසෑහෙන්න අපහසුතාවයට පත් වුණාලු ආරියසිංහ කලාකරුවා. මේ වගේ අකටයුතුකම් නොකර ඉන්න යැයි ඔහුගේ බිරිය දර්ශනී චන්ද්‍රසේන ඉල්ලීමක් කරනවා.

ප්‍රසාද් සමරතුංග

නිශ්ශංක විජේරත්න