සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ රත්තරං දරුවෙක් සෙනසුරාදා

ඔක්තෝබර් 1, 2020

සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ රත්තරං දරුවෙක් ළමා කෘතිය ඇසුරෙන් අනුර වරාගොඩ අධ්‍යක්ෂණය කළ ළමා ටෙලි වෘත්තාන්තය මෙම මස 03 වැනිදා එනම් ලබන සෙනසුරාදා සවස 5.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශනය වේ.

කුලසිරි මල්ලිකාරච්චි නිෂ්පාදනය කළ මෙම ඒකාංගික ටෙලි නාට්‍යයේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ජනක කුඹුකගේ, මාලි ජයවීරගේ, නයනා හෙට්ටිආරච්චි, කුලසිරි මල්ලිකාරච්චි, වෙනුෂ් මාක් (ළමා) චිරාත් රශ්මිත ඉලේපෙරුම (ළමා) නළු නිළියෝ රංගනයෙන් දායක වෙති. කැමරා අධ්‍යක්ෂණය  දයා සූරියආරච්චිගෙනි. ජයතිලක ඇඹුල්දෙණිය අංග රචනා ශිල්පියාය. රන්දික නිශාන් විජේමාන්නගේ සංස්කරණයකි. අශෝක චාමින්ද  වාස් කලා අධ්‍යක්ෂවරයාය. සංගීතය දිනේෂ් සුභසිංහගෙනි.