වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
වියෝ වූ ගී පද රචකයන් වෙනුවෙන් සම්මාන සාමාජිකත්වය
ශ්‍රී ලාංකේය ගේය පද රචකයන්ගේ සංගමයේ දෙවැනි මහ සභා රැස්වීම ඉකුත් දා කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණ. ගී පද රචකයන්ගේ නිර්මාණ හිමිකම සහ කර්තෘ අයිතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඔස්කා යූත් සංවිධානයේ මෙහෙයුම් කමිටු නියෝජිතයින් සමඟ මෙදින පැවැත් විය. එමෙන්ම මියගිය ගීත රචකයන්ගේ නිර්මාණ හිමිකම් ඇති අදාළ පවුල්වල නියෝජිතයන්ට සංගමයේ සම්මාන සාමාජිකත්වය පිරිනැමීමද රැස්වීම අතරතුරදී සිදු විය.
ඒ අනුව හර්බට් එම්. සෙනෙවිරත්න, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, රන්බණ්ඩා සෙනෙවිරත්න, ක්ලෝඩ් ද සොයිසා, කො. වේ. පඤ්ඤාපාල, ඇලෝයි ගුණවර්ධන, සිරිල් ඒ. සීලවිමල, උපාලි ධනවලවිතාන සහ කේ. ඩී. කේ. ධර්මවර්ධන යන ජ්‍යෙෂ්ඨ ගේය පද රචකයින්ගේ නියෝජිතයන්ට සම්මාන සාමාජිකත්වය පිරිනැමිණ.
ගේය පද රචකයන්ගේ සංගමයේ සම සභාපතිවරු වන ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, නිලාර් එන්. කාසිම්, ලේකම් ජෝර්ජ් රොබ්සන් ද සිල්වා, භාණ්ඩාගාරික බන්දුල නානායක්කාරවසම් යන ගීත රචකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට මෙහි ජාතික සම්බන්ධිකාරක කීර්ති පැස්කුවල් ද සහභාගි විය.