වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
සංගීත කණ්ඩායම් දහසයක් සින්දු කාමරේදී ගැටෙති
ෂා ගුවන්විදුලි නාළිකාව පිළිබඳ අමුතුවෙන් හඳුන්වාදීමට අවශ්‍ය වන්නේ නැහැ. එය පටන් ගත්තෙම තාරුණ්‍යය ඉළක්ක කොට ගනිමින්. ඒ හින්දම ෂා වටා තරුණ පිරිස නිරායාසයෙන්ම එක් රොක් වුණා. එපමණක්ම නොව ෂා ගුවන්විදුලිය තාරුණ්‍යය නියෝජනය කරන කලාකරුවන්ටත් වැඩි වැඩියෙන් අවස්ථා දුන්නා. හොඳම උදාහරණය තමයි ෂා සින්දු කාමරේ. එමගින් කල එළියට ආ සංගීත කණ්ඩායම් ප්‍රමාණය සංඛ්‍යාත්මක අතින් ඉතා ඉහළයි. සෑම සතියකම සිකුරාදා දින ප්‍රචාරය වන සින්දු කාමරේ ගැන අලුත් පුවතක් තමයි මේ කියන්නට අප සූදානම් වන්නේ. මේ පිළිබඳ අදහස් දැක්වීමට එක්කාසු වුණේ ෂා ගුවන්විදුලියේ සහකාර සාමාන්‍යාධිකාරි - වැඩසටහන්, කෙවින් නදීර සිල්වා.
ෂා සින්දු කාමරේ පටන් ගෙන වසර ගණනාවක් ගත වුණා. මේ කාලය අතරතුරදී මෙයින් එළියට ආව සංගීත කණඩායම් අද ඔවුනගේ ස්ථාවරය ගොඩනඟාගෙන සිටිනවා. ඒ විතරක් නෙවෙයි නවක සංගීත කණ්ඩායම්වලට පළමු වරට විදෙස් ප්‍රසංගයක් ලැබුණේ සින්දු කාමරේට සහභාගී වුණාට පස්සේ. මෙච්චර ජනප්‍රිය වූ මේ වැඩසටහනේ තවත් පියවරක් තබන්නට අප අපේක්ෂා කළා. තවත් අන්දමින් කිව්වොත් මේක තරගාවලියක්. හරියට ක්‍රිකට් මැච් එකක් වගේ. ඊධභපදචථඥදබ ඡචදඤ කියලයි අපි මේකට නම තිබ්බේ. දිවයිනේ අතිදක්ෂ සංගීත කණ්ඩායම් දහසයක් තරග වදිනවා. කාණ්ඩ දෙකක් තරගවට තුනක් මෙහිදී පැවැත්වෙනවා. සෑම සිකුරාදාවකම කණ්ඩායම් දෙකක් තරගවදින අතර සින්දු කාමරේ පැවැත්වූ වේලාවේම එක රසවිඳීන්න පුළුවන්. තරගාවලිය අවසානයේ දිනන කණ්ඩායමට කුසලානයක් සහ ත්‍යාග රැසක් ලබාදීමට අපි සූදානම් කරලයි තියෙන්නේ. මේ වනවිට තරගාවලිය ආරම්භ කරලා තියෙන්නේ. දැනටමත් අර සංගීත කණ්ඩායම් දහසයෙන් කිහිපයක් ඉවත් වෙලා. මේ කණ්ඩායම් දහසය වගේම සතියකදී තරග වදින කණ්ඩායම් දෙකෙන් ඉදිරියට යන්නේ කවුද කියලා තෝරන්නේ රසික රසිකාවන්. මේකේ විනිශ්චය මණ්ඩලයක් නැහැ. ෆේස් බුක් යූ ටියුබ් හරහා ලැබෙන රසික ප්‍රතිචාර මත තමයි තරගාවලියේ ඉදිරිය තීරණය වන්නේ.
සින්දු කාමරේ ඉදිරිපත් කරන්නේ අකිල් සහ ඩිලන්.
ෂා බධභපදචථඥදබ ඡචදඤ සඳහා
තරග වැඳී සහ දැනට තරග වදින කණ්ඩායම්.
හෝමාගම බැක් ටු බැක්.
දික්වැල්ල රාවෝ.
කඩුවෙල එක්සිට්.
වැලිගම සප්නා ෆ්ලෑශ්.
අකුරැස්ස එක්ස්පර්ට්.
මොනරාගල ස්පීඩ් බැක්.
මැදමුලන මාතා.
තංගල්ල ඔරිජිනල්.
මීරිගම ලයිව් ඔසෝන්.
පොල්ගහවෙල ලයිව් හොරයිසන්.
අහුන්ගල්ල ෆ්ලෙමිංගෝස්.
ගාල්ල බැක් ඇරෝස්.
හලාවත ශවරේන්ස්.
ඇඹිලිපිටිය ෆේස් ටු ෆේස්.
ඇඹිලිපිටිය ශ්‍රී ලයිරා.
කුරුණෑගල බැජී.