බුදුසරණ ලිපිපෙළ ග්‍රන්ථයක් වෙයි

ඔක්තෝබර් 1, 2020

බුදුසරණ පත්‍රයෙහි 2016 සිට 2019 තෙක් වසර තුනක් තිස්සේ සතිපතා පළ වුණු හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ සිරිසමන් විජේතුංග මහතා විසින් රචිත ශාස්ත්‍රීය ලිපි පෙළ "සම්බුදු සිරිත හා බෞද්ධ කලා ශිල්ප" නමින් නව ග්‍රන්ථයක් ලෙසින් ප්‍රකාශය පත් වේ. 

මෙම ග්‍රන්ථය දයාවංශ ජයකොඩි සහ සමාගමේ ප්‍රකාශනයක් වන අතර මෙයින් බුද්ධ චරිතය මෙන්ම පුරාණ භාරතයේ බෞද්ධ කලා ශිල්ප පිළිබඳ විවරණයක් සිදුකෙරේ.