බස්නාහිර පළාතේ කලාකරුවන්ගේ විශ්වාභිනන්දන අයැදුම්පත් කැඳවීම මේ දිනවල

ඔක්තෝබර් 1, 2020

බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මගින් බස්නාහිර පළාතේ විසිර සිටින කුසලතා පූර්ණ කලකරුවන් ඇගයීම අරමුණින් පවත්වන විශ්වාභිනන්දන කලාකරු උපහාර උලෙල සඳහා අයැදුම්පත් කැඳවීම මේ දිනවලදී සිදු වේ. තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරි වෙතින් මේ සඳහා අයැදුම්පත් ලබා ගත හැකි අතර එය අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය (බ. ප) දෙවැනි මහල, නව පළාත් සභා කාර්යාල සංකීර්ණය, 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතුය. අයැදුම්පත් බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවරේ බස්නාහිර පළාත් විශ්වාභිනන්දන කලාකරු උපහාර උලෙළ යනුවෙන් සඳහන් කිරීමද අවශ්‍ය බව සංවිධායක කමිටුව දන්වා සිටියි.