යෂ් රාජ් ෆිල්ම්ස් අඩසියවසට දැවැන්ත චිත්‍රපට

ඔක්තෝබර් 8, 2020

බොලිවුඩයේ දැවැන්ත චිත්‍රපට ආයතනයක් වන යෂ් රාජ් ෆිල්ම්ස් ආරම්භ වී වසර 50 ක් සපිරුණි. යෂ් රාජ් පුත් ආදිත්‍ය චොප්රා එම 50 වැනි වසර සැමරීම සඳහා විශාල ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමට කටයුතු සූදානම්කර අවසන්. එහි එක් දැවැන්ත චිත්‍රපටයක් වන්නේ අජේ දේව්ගන් රංගනයෙන් දායක වන ක්‍රියාදාම චිත්‍රපටයක්. එය අනන්යා පාණ්ඩේගේ ඥාති සහෝදරයා වන අහාන් පාණ්ඩේගේ පළමු රංගනයෙන් හැඩවීමට නියමිතයි. අජේගේ චරිතය පරිපූර්ණ වීර චරිතයක් නොවන බවත් ධූම් චිත්‍රපට මාලාවේ රිතික් රෝෂන් සහ අමීර් ඛාන් රඟ පෑ චරිතවලට සමාන ‘අළු’ප්‍රති චරිතයක් බවත් සැලයි. ආදිත්‍ය චොප්රා මෙම ව්‍යාපෘති වෙනුවෙන් බොලිවුඩයේ විශිෂ්ට අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙකු සම්බන්ධ කර ගැනීමේ සූදානමින් පසුවන බවත් ආරංචියි.

1970 වසරේදී යෂ් චොප්රා විසින් ආරම්භ කළ යෂ් රාජ් චිත්‍රපට ඉදිරිපත් කළ පළමු චිත්‍රපටය වූයේ රාජේෂ් ඛන්නා සහ ශර්මිලා තාගෝර් රඟපෑ ඩාග් චිත්‍රපටයයි. මේ වන විට එක් දෙමළ චිත්‍රපටයක් ඇතුළුව හින්දි චිත්‍රපට 78ක් නිෂ්පාදනය කර ඇති යෂ් රාජ් චිත්‍රපට ආයතය යෂ් රාජ් ෆිල්ම්ස්, යෂ් රාජ් ෆිල්ම්ස් එන්ටර්ටේන්මන්ට්, වයි ෆිල්ම්ස්, යෂ් රාජ් ටෙලිවිෂන් සහ මියුසික් යන ආයතනවලින් ද යුතු වේ. ඉන්දියාවේ මෙන්ම බ්‍රිතාන්‍ය, අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සක් අරාබි එමීර් රාජ්‍යයේද එහි උප ආයතනය පිහිටුවා තිබේ.