නවතම ටෙලි තිර රචනය

ඔක්තෝබර් 8, 2020

ප්‍රකට වේදිකා නාට්‍ය, නවකතා, කෙටිකතා සිනමා හා ටෙලිනාට්‍ය තිර රචකයකු වන ප්‍රේමලාල් මුදලිදේවගේ නවතම ටෙලි තිර රචනය ‘අහස දකින්නට විය සිදුරින්’ කෘතියේ පිටපතක් මාධ්‍යවේදියකු මෙන්ම රංගන ශිල්පියකු වන සේන ඉදිරිසිංහ වෙත පිරිනැමීම පසුගියදා සිදු විය. දහම් සාකච්ඡාවක් මූලික කර ගනිමින් සමාජයට ආදර්ශවත් කතිකාවක් නාට්‍ය අනුසාරයෙන් ගෙන එන මෙම තිර රචනය ඩී. වී. ඩී චිත්‍රපටයක් ලෙස ළඟදීම රූගත කිරීමට ද නියමිතය. මුදලිදේව මහතා විසින් අහස දකින්නට විය සිදුරින් තිර පිටපත සේන ඉදිරිසිංහ මහතාට පිළිගැන් වූ අයුරු.