සුනාමි ආපසු එයි

ඔක්තෝබර් 8, 2020

තව නොබෝ දිනකින් ආචාර්ය සෝමරත්න දිසානායකගේ සුනාමි සිනමාපටය නැවත තිරගත කිරීමට සූදානම් වන බව අපට වාර්තා විය. ඒ රූකඩ පැංචි සිනමාපටය තිරගතවීමෙන් අනතුරුවය. එය කියූ පරිදි නැවතත් තිරයට ඒවිද කියා අපි අධ්‍යක්ෂවරයාගෙන් විමසුවෙමු

“රූකඩ පැංචි චිත්‍රපටයෙන් පසුව එම මණ්ඩලයේම සුනාමි රීලොන්ච් එකක් කරන්න හිතුවේ. ඒ සඳහා පූර්ව ප්‍රචාරක වැඩ පිළිවෙලක් ද හදලා තිබුණා. නමුත් උද්ගත වී ඇති තත්ත්වය මත අපි කල්පනා කළා සුනාමි සිනමාපටය රිලීස් කිරීම තව ටිකක් කල් දාන්න. රට නැවතත් යහපත් අතට හැරිලා මිනිසුන්ගේ මනස හැදුණට පස්සේ සුනාමි රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා.”