වර්ෂ 2021 ක්වූ January 18 වැනිදා Monday
රක්තා හැදූ ගාමිණී සඳ දඩයම රූ ගන්වයි
ඔක්තෝබර් 8, 2020

රක්තා, සාරංගා, හරි යන කොට ඔහොම තමයි, මැණික් මාළිගා ආදී සිනමාපට ඔබ වෙත ගෙනා ගාමිණී හේවාවිතාරණගේ නවතම සිනමාපටය මේ දිනවලදී රූපගත වෙමින් පවතියි. සඳ දඩයම යනුවෙන් නම තබා ඇති එය මංගල මඩුගල්ලගේ නිෂ්්පාදනයකි.
විශාඛා සිරිවර්ධන, නිල්මිණි තෙන්නකෝන්, ශිරානි නුගේරා, චමීර ලියනගේ, කාවින්ද්‍යා දුල්ෂානි, එරන්ද ප්‍රසන්න, දුමිඳු ද සිල්වා, රන්ජිත් දිසානායක ඇතුළු පිරිස සඳ දඩයම රංගනයෙන් හැඩ කරයි. මෙහි තිර රචනය පුෂ්පකුමාර එල්ලාවලගෙනි.
සඳ දඩයම නමින්ම මීට පෙර අශෝක හඳගම විසින් චිත්‍රපටයක් නිර්මාණය කළ ද එය කිසි දිනෙක ප්‍රදර්ශනය වූයේ නැත.