වර්ෂ 2021 ක්වූ January 18 වැනිදා Monday
මාධ්‍ය අලුත් ගායකයන්ට තැනක් දෙන්නේ අඩුවෙන්

ලාංකේය ගීත ක්ෂේත්රය යනු දිනපතා යාවත්කාලීන වන අතිවිශාල රසිකයන් පිරිසක් වැලඳගත් ඉසව්වකි. මෙහි ඉදිරි පෙළේ කලාකරුවන් නිරන්තරයෙන් මාධ්‍ය තුළ පෙනුණද පසුපෙළ ගැන සඳහන් වන්නේ අවම වශයෙනි. ගීත ක්ෂේත්රය තුළ නව නිර්මාණ කරන තරුණයින් රැසකි. රුවන් රණසිංහ යනු ඔවුන්ගෙන් එක් අයෙකි. ඔහු මෙවර අප හමුවට එන්නේ ඔහුගේ නවතම ගීතයක් සමඟිනි.
ඔබ ගැන කියනවා නම්?
මම රුවන් කුමාර රණසිංහ. මගේ ගම මහනුවර. වයස 28යි.
ඔබ වෘත්තිය වශයෙන් ගායකයෙක්ද?
නැහැ. මම රැකියාවක් කරන ගමන් විනෝදාංශයක් විදිහට ගීත ගායනා කරනවා. මම CBL ආයතනයේ රැකියාව කරන්නේ. ලංකාව වගේ රටක සිංදු කියලා සල්ලි හම්බ කරන්න බැහැනේ. අපි ගීතයකට වියදම් කරන තරමට අපිට මුදල් ලැබෙන්නේ නැහැ.
ඔබේ ගීත නිර්මාණ ගැන කිව්වොත්?
මගේ පළවෙනි සින්දුව "පාට ගෑව ආදරේ". ඒක කළේ 2014 කළේ. 2014 තව සිංදුවක් කළා "නොලැබෙන ඔබේ" කියලා. ඒක යුග ගීතයක්. මම එක්ක දෙරණ ඩ්‍රීම්ස්ටාර් එකෙන් ආපු නිමන්ති චමෝදනී ඒක ගායනා කරන්නේ. ඒ සින්දුවේ රූප රචනාව දෙරණ Music Video Award එකේ අවසන ගීත 25 අතරට තේරුණා. ඊටපස්සේ 2018දී කළා "සැනසුමක් පතා ආදරේ" කියලා ගීතයක්.
අලුත් ගීතය මොකක්ද?
ඒකේ නම "ඔබේ රුව". ඒ ගීතය රචනා කළේ මමයි මගේ නංගි සඳුනිකා රණසිංහයි. මේ ගීතය හින්දි ගීතයක melody එකට කළේ. Music rearrangement කළේ සංජුල හිමාල.
ඔබ සංගීතය හදාරලා තියෙනවාද?
ඔව්. මම විශාරද විභාගය කරන්න බලාපොරොත්තු වෙනවා.
රුවන් රියැලිටි වැඩසටහනකටත් සහභාගී වුණා නේද?
මම සිරස Super Star season 2 එකේ අවසාන සියය දක්වා ආවා. ඒ 2011දී.
ලංකාවේ නාළිකා රැසකින් රියැලිටි වැඩසටහන් කරනවා. තරගයෙන් ඉවත් වෙන අයට පසුව එම නාළිකා සහයෝගය ලබාදෙනවාද?
මේ ගමන මම ගොඩක් දුෂ්කරව ආපු ගමනක්. මගේ නම සින්දුවලින් මෙහෙමවත් ඇහෙන්නේ ගොඩක් අමාරුවෙන්. මුල් කාලේ සමහර නාළිකා අපේ ගීත ප්‍රචාරය කළෙත් නැහැ. ජනප්‍රිය අයටයි තැන දුන්නේ. නමුත් දැන් මගේ ගීත Chart Showවල ගීත ලැයිස්තුවේ තියෙනවා.
ඒ කියන්නේ අලුත් අයට තැනක් දෙන්නේ නැද්ද?
මාධ්‍ය තමයි ඒකට වග කියන්න ඕනේ. මාධ්‍ය අලුත් ගායකයන්ට තැන දෙන්නේ හරිම අඩුවෙන්.
ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සහයෝගය ලැබෙන්නේ නැද්ද?
එහෙම ලොකුවට ලැබෙන්නේ නැහැ. ජනප්‍රිය ගායක රොමේෂ් සුගතපාලගෙන් මම සංගීතය ඉගෙනගෙන තියෙනවා. ඒත් මේ ගමන තනියම ආවේ මම.
ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?
අලුත් ගීතයේ රූප රචනාව කරන්න ඉන්නේ. ඒ වගේම මම අලුත් ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග එක්ක. ඒක දැනට සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. කොහොමහරි මේ වසර ඇතුළත හෝ ලබන වසරේ මුල ගීතය කරන්නයි හිතාගෙන ඉන්නේ.