බේබි හබ් තරඟය දිනුවෝ

ඔක්තෝබර් 8, 2020

ළමයින් වෙනුවෙන් ගීත සහ කතන්දර ගෙන එන යූ ටියුබ් නාළිකාවක් වන බේබි හබ් මඟින් පැවැත් වූ ළමා ගීත ගායනා, ගීත රචනා සහ කෙටි ළමා කතන්දර නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග පිරිනැමීම ඉකුත්දා පන්නිපිටියේ එම නාළිකා කාර්යාලයේදී සිදු විය. එම ජයග්‍රාහි ළමයින් පිරිස සමඟ බේබි හබ් ළමා යූ ටියුබ් නාළිකාවේ නිර්මාතෘ චිත්‍රපට නිෂ්පාදක සඳුන් දොලමුල්ල ඇතුළු පිරිස සේයාරුවකට පෙනී සිටි අයුරුයි මේ.