මෝටර් බයිසිකලෙන් ආ මනාලයා

පෙබරවාරි 4, 2021

වරුන් ධවාන් සහ නතාෂා දලාල්ගේ විවාහ උත්සවය ඥාති හිතමිත්‍රාදීන් පිරිවරා පසුගියදා පැවැත්විණි. රොකා, හාල්දි, මෙහෙන්දි උත්සවවලින් අනතුරුව සාම්ප්‍රදායික හින්දු උත්සවයකදී වරුන් සහ නටාෂාගේ විවාහය සිදු විය. නව යුවළ බොලිවුඩයේ මිතුරන් වෙනුවෙන් පෙබරවාරි 2 වැනිදා මුම්බායි හි දී පිළිගැනීමේ සාදයක් පැවැත්වීය. බොහෝ මනාලයන් තම මංගල දිනයේදී මනාලියගේ නිවසට පැමිණෙන්නේ මෝටර් රථයකින්, අශ්ව කරත්තයකින් වැනි විශේෂ ලෙස සැරසූ වාහනයකිනි. නමුත් තම මනාලිය කැඳවාගෙන යාමට වරුන් ඇයගේ නිවසට පැමිණ තිබුණේ මෝටර් බයිසිකලයකිනි. නටාෂාට සහ තමාට ආදරයෙන් සුබ පැතිම ගැන සිය රසික රසිකාවන්ටන්ට ස්තූති පණිවුඩයක් ලිවීමටත් වරුන් අමතක කළේ නැහැ. ඔහු ට්විටර් පණිවුඩයක සටහන් කර තිබුණේ, "පසුගිය දින කිහිපය තුළ මට සහ නටාෂාට ආදරය පිරි සුබපැතුම් ගෙන ආ ඔබ සැමට හෘදයාංගම ස්තූතිය" යනුවෙනි.