කාලි

පෙබරවාරි 4, 2021

අපි කාගේත් ළමා කාලය හරිම ලස්සනයි. ඒවගේම ළමා කාලයේ සුන්දර මතක කවදාටත් ගෙන එන්නේ විශේෂ අගයක්. ප්‍රියංකා චොප්රාගේ මතකයේත් ඒ විදියට සුන්දර ළමා වියේ සිදුවීමක් විශේෂයි. ප්‍රියංකා කියන්නේ තරමක් තද පැහැ සමක් හිමි නිළියක්. ඇය පවසන්නේ ළමා වියේදී තමා තමන්ගේ අඳුරු පැහැ සම ගැන බොහෝ දුක් වූ බවයි. අඳුරු සම ලස්සන නැති බව විශ්වාස කළ නිසාම කුඩා කාලයේදී ඇගේ මුහුණට නිතර පවුඩර් දැමූ බවත් ඇය පවසන්නීය.

මීට වසර කිහිපයකට පෙර ඇය සම පැහැපත් කරවන ආලේපන අනුමත කිරීමෙන් වැළකී සිටීම ගැනත් අදහස් දැක්වූවා. තමාට ඒ ගැන නරක හැඟීමක් ඇති වූ නිසා ඇය එය නතර කළ බව ඇය සඳහන් කළාය. තවද ඇගේ ඥාති සහෝදරියන් සියලු දෙනාම පැහැපත් බවත් තම පියාගේ සම මෙන් තමන්ට උරුම වූ සමත් අඳුරු පැහැ බවත් ඇය පවසන්නීය. තම පන්ජාබි පවුලේ අය කුඩා වියේදී ඇය හඳුන්වා තිබෙන්නේ 'කාලි' නමිනි. ඒ නිසාම වයස අවුරුදු 13දී ඇයට තම සමේ පැහැය වෙනස් කිරීමට දැඩි සේ අවශ්‍ය වූ බවත් පවසන්නීය.