වර්ෂ 2021 ක්වූ April 11 වැනිදා Sunday
20 වසරක නළුකම

තුෂාර් කපූර් කියන්නෙත් බොලිවුඩයේ තරු දරුවෙක්. ජනප්‍රිය ජ්‍යෙෂ්ඨ නළු ජිතේන්ද්‍රගේ පුතු වූ ඔහු මේ වන විට නළුවෙකු සේම නිෂ්පාදකවරයකු ලෙසත් තමාට අනන්‍යතාවයක් ගොඩනඟා ගෙන අවසන්. ඔහු සිනමාවට පිවිසියේ 2001 වසරේ කරීනා කපූර් සමඟ මුජේ කුච් කෙහ්නා හායි චිත්‍රපටයෙනි. දැන් ඔහු සිටින්නේ බොලිවුඩයේ දශක දෙකක් ආසන්නයේයි. ඒ පිළිබඳ සිහිපත් කරමින් තුෂාර් කියා සිටින්නේ යමෙකු ආකර්ෂණය කර ගැනීම සඳහා තම වෘත්තීය ජීවිතය තුළ කිසිදු තීරණයක් නොගන්නා බවයි.
"නිෂ්පාදකයෙකු ලෙස, මිනිසුන් සතුටු කිරීමට, සම්මානයක් දිනා ගැනීමට හෝ මා කෙතරම් බුද්ධිමත් දැයි පෙන්වීමට කිසිදු තේරීමක් කිරීමට මට අවශ්‍ය නැත. මම කිසිවක් ඔප්පු කිරීමට උත්සාහ කරන්නේ ද නැත. මම කරන්නේ මට ආශාවක් දැනෙන දේ පමණයි. ඒ වගේම මම සෑම නිර්මාණයකම සොයන්නේ විනෝදාස්වාදය හා නව්යතාවයයි. මගේ පළමු චිත්‍රපටයත් අක්ෂේ කුමාර් වැනි ඉහළ තරුවක් සමඟ නිෂ්පාදනය කළා. මුජේ කුච් කෙහ්නා හායි, කාඛී, ගොල්මාල්, ෂෝර් ඉන් ද සිටි, නළුවෙකු ලෙස මගේ ජීවිතයේ ප්‍රධාන සන්ධිස්ථානයන්. දැන් ඉදිරි අවුරුදු 20 තුළ කුමක් සිදුවනු ඇත්දැයි බැලීමට මම දැන් ආශාවෙන් සිටිමි" තුෂාර් පවසයි.