රුව ගැන රහස්

පෙබරවාරි 4, 2021

බොලිවුඩ් නිළි දීෂා පතානි සමාජ මාධ්‍යවල ක්‍රියාශීලී වන අතරම බොහෝ විට ඇය විසින් ඡායාරූපද නිකුත් කරනු ලබන්නේය. තවද ඇය රූපලාවණ්‍ය, විලාසිතා, හිසකෙස් සහ වේශ නිරූපණ ශිල්පීය ක්‍රම ගැන අදහස් දක්වන වීඩියෝ පට පවා බෙදා ගන්නා අයුරු දැකගත හැකියි. මෑතකදී ඇය සමාජ මාධ්‍ය වෙත ගියේ නව වේශ නිරූපණ නිබන්ධනයක් ඉදිරිපත් කරන බව නිවේදනය කිරීමටය.

දීෂාගේ නවතම රංගනය ප්‍රභූදේවාගේ 'රාධේ: යුවර් මෝස්ට් වෝන්ටඩ් බායි' චිත්‍රපටයෙන් දැකගත හැකි වේ. ඒ හැරුණු විට ඇය තාරා සුතාරියා සහ ජෝන් ඒබ්‍රහම් සමඟ එක්ව මෝහිත් සූරිගේ 'ඒක් විලන් 2' චිත්‍රපටයට දායකවීමට නියමිතයි.