වර්ෂ 2021 ක්වූ April 14 වැනිදා Wednesday
අලුත් මෙහෙයුම

වීඩියෝ ක්‍රීඩා වෙත මේ වන විට බොහෝ දෙනා යොමු වී සිටින අයුරු දැකිය හැකියි. ලොකු පොඩි භේදයකින් තොරව පරිගණක හෝ ජංගම දුරකතන ඔස්සේ මේ වෙත යොමුවන පිරිස අතරේ එයට ඇබ්බැහි වූවෝද බොහෝ වෙති. පසුගියදා පැවති 72 වැනි ඉන්දීය ජනරජ දිනයේදී අක්ෂේ කුමාර් සමාජ මාධ්‍ය වෙත ගියේ ජංගම දුරකතන ඔස්සේ ක්‍රියාකාරී ක්‍රීඩාවක් වන ෆියර්ලස් සහ යුනයිටඩ් ගාර්ඩ්ස් (ජ්ඒඋ-ට්) දියත් කිරීම නිවේදනය කිරීම වෙනුවෙනි.
"සතුරාට මුහුණ දෙන්න. ඔබේ රට වෙනුවෙන් සටන් කරන්න. අපගේ ධජය ආරක්ෂා කරන්න. ඉන්දියාවේ වඩාත්ම අපේක්ෂිත ක්‍රියාකාරී ක්‍රීඩාව වන නිර්භීත සහ එක්සත් ආරක්ෂකයන් ඔබව පෙරමුණට සහ ඉන් ඔබ්බට ගෙන යයි. ඔබේ මෙහෙයුම අදම ආරම්භ කරන්න" ඔහු ට්විටර්හි සටහන් කළේය. මෙම ක්‍රීඩාවේ පළමු කතාංගය ලඩාක්හි ගැල්වන් නිම්නය මත පදනම් වී ඇත. ඉන්දියානු යුධ පසුබිම මධ්‍යයේ ඉදිරියේදී තවත් කතාංග සැකසෙනු ඇත. මෙම ක්‍රීඩාවේ ආදායමෙන් සියයට 20 ක් භාරත් කේ වීර් පදනමට පරිත්‍යාග කෙරේ.